Sri Lanka Educational Network අන්තර්ජාලයේ නැණ නුවන ‍තෝතැන්න." A/L උදව් " අධ්‍යාපනික බ්ලොග් අඩවියට ඔබව සාදරයෙන් පිලිගනිමු.Welcome to the Official blog Of AL help ®

Friday, December 28, 2012

කොච්චර ලිව්වත් ලකුණු නැද්ද??


"විභාගේ විභාගේ
එහෙ බැලුවත් විභාගේ
මෙහේ බැලුවත් විභාගේ
විභාගේ තමා අපේ අභාගේ"


අපිට මෙවර ලැබිලා තියනවා විභාගය ජය ගන්නා පොඩි මැජික් පොත් පිංචක්
ලකුණු ඉක්මනින් ‍රැස් කරලා විභාගය ජයගන්න
හැමදේම සල්ලි වලට දෙන කාලේ අපි නොමිලේම අධ්‍යාපන දුන්නා එහෙනම් මෙන්න බාගත කරගන්න නොමිලේ පොතක්ම.





කතෘ අයිතිය සුරකින්න.
Anjana Malagala
(Probationary lecturer of the department of chemical and process engineering)



Sunday, December 23, 2012

මිනිස් හෘර්දයේ මූලික ව්‍යුහය හා ක්‍රියා කාරිත්වය



*හෘර්දයේ ක්‍රියාකාරී යාන්ත්‍රනය දක්වා උසස් පෙළ ජීව විද්‍යා පාඩමට අඩංගු සියලුම ලක්ෂ අඩංගු කොට මේ ලිපි පෙළ ඔබ වෙත ගෙන ඒ,මෙය  හෘර්දය පිලිබදව හදාරන ඕනෑම අයකුගේ දැණුම පුලුල් පරාසයක් ගෙනයන ලිපියක් වන් නොවනු මානයි.

පිහිටීම
උරස් කුහරයේ,පෙනහළු අතර අවකාශයේ එනම්  මධ්‍ය බන්ධන ප්‍රදේශයේ,දේහයේ මධ්‍ය රේඛාවෙන් වම් පසට බරව ,අන්නස්‍රෝතයට හා ස්වාස නාලයට පූර්ව,මහා ප්‍රාචීරයට උත්තරව,උර තලයට හා පර්ශුවලට පුර්ව කොටසට අපරව පිහිටයි.
(පස්වන අන්තර් පර්ශුක අවකාශ තලයේ)

පිහිටීම
කේතු හැඩති කුහරමය අවයවයකි.
උදරීයව පිහිටන කුහරමය ව්‍යුහයකි.
හෘත් පර්යාවරණය නම් තූනී ආවරණය තුල පිහිටයි.
අතිශයෙන් පෙශිමය වේ.(දිග 12 cm පමණ වේ)/මිට මෙළවූ අත්ලක ප්‍රමාණයට සමාන වේ.
හෘත් බිත්තිය ගණකම්ය.
ප්‍රධාන පටක ස්ථර 3කි.

01.එපිකාඩියම(පෙරිකාඩියම/හෘත් පරියාවරණය)
බාහිරින්ම පිහිටයි.
තුනී පාරදුශ්‍ය තරලයකි.
සම්බන්දක පටක හා පැතලි අපිච්චද ඇත.
කෘත්‍ය-හෘදය වැඩිපුර ඇදීම වැලැක්වීම.
02.මයෝකාඩියම
මධයේ පිහිටන ගණකම අධික ස්ථරයකි.
හෘත් පේශියෙන් සෑදී ඇත.
03.එන්ඩොකාඩියම
ඇතුලතින් පිහිටන තුනී පටලයයි.
පැතලි අපිච්චද සෛල ඇත.-ඛණ්ඩ විචිත්‍ර සරල ශල්කමය අපිච්චදය.
(දාරය ‍රැලි සහිතයි.)
කහපාට පට්ටිකා සෑදීමට දායක වේ.

හෘත් අභ්‍යන්තරය කුරීර 4කින් සමන්විතය.

01.හෘත් කර්ණිකා.-2
02.හෘත් කෝශිකා-2

ඉහලින් ඇත්තේ හෘත් කර්ණිකාය.ඒවායේ බිත්ති තුනීය.
පහලින්ම ඇත්තේ හ්‍ටුත් කෝෂිකාය ඒවායේ බිත්ති සාපේක්ෂව ඝණකම්ය.
හේතුව-හෘත් කර්ණිකා වල කෘත්‍ය වන්නේ හෘත් කෝෂිකා වලට රුධිරය පොම්ප කිරීමය.ඒ සදහා ජනනය කල යුතු පීඩනය/බලය සාපේක්ෂව අඩුය.නමුත් හෘත්  කෝෂිකා වල් අ කෘත්‍ය වන්නේ පෙනහළු හා දේහය පුරා රුධිරය පොම්ප කිරීමය.ඒ සඳහා ජනනය කල යුතු පීඩනය සාපේක්ෂව අධිකය.
එයිනුත් වම් හෘත්  කොෂිකාවල බිත්තියේ ඝණකම අධිකය.
හේතුව-දකුණු හෘත් කෝෂිකාවේ කාර්යය  පෙනහළු කරා  රුධිරය පොම්ප කිරීමය.ඒ සඳහා ජනනය කලු යුතු ශක්තිය සාපේක්ෂව අඩුය.නමුත් වම් කෝෂිකාවෙන්  මුළු දේහය පුරාම රුධිරය පොම්ප කල යුතුය.ඒ සඳහා ජනනය කල යුතු පිඩනය/බලය සාපෙක්ෂව අධිකය.
හෘර්දයේ දකුණු භාගය හා වම් භාගය වෙන් වෙන්නේ ආවාරයක් මගිනි.
එය හෘත් කෝෂිකා ප්‍රදේශයේ දී ගණකම්ය"අන්තර් කෝෂික  ආවාරය" නම් වේ.
හෘර්දයේ දකුණු අර්ධයේ හා වම් අර්ධයේ හෘත්  කර්ණිකාවක්  හා කෝෂිකාවක් බැගින් ඇත.
එක් හෘත් කර්ණිකාවක් හා ඒක් හෘත් කෝෂිකාවක් අතර ක්ර්ණික කෝෂික කපාටයක් ඇත.
කෘත්‍යය-හෘත් කෝෂිකාවක ඇති රුධිරය ආපසු හෘත් කර්නිකාවට ගැලීම වලක්වා එක් දිශාවකට පමණක් ගලා යාමට සැලැස්වීම.
මෙවැනි කපාට දෙකකි.

01.දකුණු කර්ණික කෝෂික කපාටය/ත්‍රිතුණ්ඩ කපාටය
පියන් තුනකි
දකුණු හෘත් කර්ණිකාව හා දකුණු හෘත් කොෂිකාව අතර පිහිටයි.

02.වම් කර්ණික කෝෂික කපාටය/ද්විතුණ්ඩ කපාටය/මයිට්‍රල් කපාටය.
පියන් දෙකකි.
වම් හෘත් කර්ණිකාව හා වව් හෘත් කොෂිකාව අතර පිහිටයි.
 කර්ණික කෝෂික කපාට වලින් අපර දෙසින් හෘත් රජ්ජු/තන්තු රජ්ජු නම් ‍රැහැන් බැදි ඇත.
කෘත්‍යය-කපාට කනපිට පෙරලීම වැලැක්වීම.
මේවා,හෘත් කෝෂික වල බිත්තියෙන් පැන නගින"පිටිකා පේශි"නම් හැඩති නෙරුම් වලට සම්බන්ද වී ඇත.
මීට අමතරව හෘර්දය තුල වෙනත් කපාට ද ඇත.



01.පුෂ්පුෂ කපාටය
දකුණු හෘත් කෝශිකාවෙන්,පුෂ්පුශීය ධමනිය ඇරඹෙන විවරය ආවරණය කරමින් පිහිටයි.
 අඩසඳ වර්ගයේ කපාට තුනකි.
කෘත්‍යය-පුෂ්පුශීය ධමනියේ ඇති රුධිරය නැවත ආපසු දකුණු හෘත් කෝෂිකාවට පැමිණීම වැලැක්වීම.





02.මහා ධමනි කපාටය./ධමනි කපාටය
වම් හෘත් කෝෂිකාවෙන් මහා ධමනිය ඇරඹෙන ස්ථානය ආවරණය කරමින් පිහිටයි.
අඩසඳ කපාට තුනකි.
කෘත්‍යය-මහා ධමණියේඇති රුධිරය ආපසු වම් හෘත් කෝෂිකාවට  පැමිණීම වැලැක් වීමට.
මෙම කපාට සියල්ල එකම තලයේ පිහිටයි.



දකුණු හෘත් කෝෂිකාවෙන් පුෂ්පුශීය මහා  ධමනිය ඇරඹේ.
වම් හෘත් කෝෂිකාවෙන් සංස්ථානික මහා ධමනිය ඇරඹේ.
දකුණු හෘත් කර්ණිකාවේ විවර 2කි ඒවා තුලින් පූරව මහා ශිරාව හා අධර මහා ශිරාව විවෘත වේ.
වම් හෘත් කර්ණිකාවට විවර 4කි.
ඒවා තුලින් පුෂ්පුශීය ශිරා 4ක් සම්බන්ධ වේ.
හෘත් පේශිය පුරා ශාඛනය වෙමින්  ගමන් කරණ වම් හා දකුණු කිරීටක ධමනි යුගලක් ද ඇත.



----------------------------------------------------------

තවත් හෘදය සම්බන්ද පාඩමකින් මුනගැසෙමු.
නිර්මාණය හා කතෘ අයිතිය මහේෂ් බී දහනායක සතුය.කරුණාකර කතෘ අයිතිය සුරකින්න.
maheshdase@gmail.com
http://maheshslife-multiaxial.blogspot.com/


Thursday, November 1, 2012

ව්‍යවහාරික ගණිතය සටහන් නිවැරදිව අදිමු | Let's draw applied maths diagrams correctly

ව්‍යවහාරික ගණිතයේදි ඉතාම වැදගත් දෙයක් තමයි සටහන් කියන එක. ඒකට ප්‍රධාන හේතුව තමයි අපි ව්‍යවහාරික ගණිතයේදි යම් සටහනක් ඇදලා තමයි ඒ ඔස්සේ ගණන් හදන්නෙ. ගොඩක් ළමයි සහ ඇතැම් ගුරුවරු පවා මේ සටහන් අදිද්දි වැරදි ගොඩක් කරනවා. විභාගෙදි හරි සටහනක් ඇන්දාම ඒක පරීක්ෂකවරයාට බලාගන්න පහසුයි වගේම හිත දිනාගන්න පහසුයි. සටහනක් නිවැරදි වෙන තරමට අපිට ඒ දේ බලන්නත් ගොඩක් පහසුයි. එයිනි අපිට නිවැරදිව ගාන තේරුම්ගන්න එකත් පහසු කරනවා. කතා ඇති වැඩට බහිමු.

1. බලයන් සහ සම්ප්‍රයුක්ත බලයන් දැක්වීම

(1) රූපයේ තමයි නැවැරදිම බල වල සම්ප්‍රයුක්තය දක්වලා තියෙන්නෙ. අපිට කම්මැලි වෙලාවක (2) රූපයේ ක්‍රමෙත් නරකම නෑ. ඒත් වඩා නිවැරදි එක තමයි පළවෙනි එක. ඒකෙ තේරුමක් තියනවා. ඒක තමයි බලයන් දෙක පළමුවෙන් සහ ඒ දෙක වෙනුවට යෙදිය හැකි බලය දෙවනුවට. සමහරු ඔය ඔක්කොම එකතැන අදින්න ගිහින් නිකන් බල 3ක් ක්‍රියාකරනවා වගේ පේන්නෙ. උත්තර පත්‍ර පරීක්ෂණයේදී ඒක අවාසියක් වෙන්න පුළුවන්.

2. සුමට අර්ධගෝලීය (ගැටිය තිරස්ව සවි කර ඇති) පාත්‍ර සම්බන්ධ ගැටළු

සාමාන්‍යයෙන් මේ වගේ රූපයක් අදිද්දි සම්පූර්ණ රේඛා අදින්නෙ අර්ධගෝලයේ දාරය, දණ්ඩ සහ බල දක්වන්න විතරයි. ඒකට හේතුව තමයි දණ්ඩ සහ පාත්‍රය කියන දෙක තමයි ද්‍රව්‍ය වලින් හැදිලා තියෙන්නෙ. බල තමයි අපේ ගණන හදන්න උවමනා වෙන්නෙ. අනිත් ඒවා තිත් ඉරි වලින් තමයි දක්වන්නෙ. බල 3 ඒකලක්ෂ වෙන එක නිරූපනය වෙන්න දික් කරත් කමක් නෑ. ඒත් සටහන අමුතුයි එහෙම කරාම.‍ වැදගත් දෙයක්, මේකෙ දණ්ඩේ බර යටට දික් කරලා, පාත්‍රයේ ඇතුලේ ගැටිලා තියන දණ්ඩේ අග ඉදන් තිරස් රේඛාවක් ඇන්දාම ඒක අර්ධගෝලයේ අනික් ගැට්ටෙ පිහිටන ලක්ෂයකදී හම්බු වෙනවා. ඒ කාරණාව යොදාගෙන ගොඩක් ගැටළු හදන්න පුළුවං.

3. දුරවල් ළකුණු කිරීම
මෙන්න මේ රූපෙ පෙන්නලා තියෙන්නෙ දුරවල් පෙන්නන්න පුළුවං එකට හොද උදාහරණයක්. මේක ලීපටියක් නම්, රතු පාටින් පේන්න තියෙන්නෙ පුංචි අංශුවක් නම්. d අකුරෙන් පෙන්නන්නෙ ස්ථාවර දුරක්.  හොදට බලන්න ඒක දක්වලා තියන විදිහ. ඒ තමයි නියම ආකාරය දුරක් දක්වන්න. ඊතලය සහ ඊතලයෙ කෙළවරේ ඇදපු ඉරෙන් පෙන්නනවා ඒ දුර එතනට එනකන් නිශ්චිතයි කියලා.

ගොඩක් ගනං වල දෙනවා නෙ (සමතුලිතතාවය සම්බන්ධ) ඔය මොකක් හරි සමතුලිත පද්ධතියක තියන ලෑල්ලක් උඩින් කොච්චරක් හරි බර අංශුවක් ගමන් කරනවා වගේ ඒවා. එතනදි අපිට බැහැ ඒ අංශුව ස්ථාවර ලක්ෂයක තියලා ගණන හදන්න. මොකද කියනවා නම්, ඒ අංශුව ස්ථාවර ලක්ෂයක නොවන, විචල්‍ය පථයක ගමන් කරන නිසා‍. එතනදී තමයි දෙවනි ආකාරය යොදාගන්න වෙන්නෙ. ඒකෙදි එක කොණක ඊතල හිසකුත්, අනෙක්‍ කොනේ ඉරිකෑල්ලකුත් තියනවා. ඒකෙන් විස්තර වෙන්නෙ ස්ථාවර ආරම්භක ලක්ෂයක ඉදන් වස්තුවක් පිහිටන්න පුළුවන් දුර. මේකෙදි තව වැදගත් කාරණාවක් තමයි අපි පෙන්නන දුර, මේකෙදිනම් X විචල්‍යයක් වීම. එතනදි අපි විචල්‍යයේ පරාසය දැක්වීම අනිවාර්යයයි. මේකෙදි නම් ලීකුට්ටියේ ප්‍රදේශයේ පමණක් අංශුව තියනවා නම්, ලී කුට්ටියේ දිග d බව දන්න නිසා, පරාසය 0<x<d කියලා ලියන්න පුළුවන්. මේ විචල්‍ය දුර දැක්වීමේ සිද්ධාන්ත ඉතා නිවැරදිව අවශ්‍ය වෙන්නෙ,
1. සමතුලිතතාවය
2. ගුරුත්ව කේන්ද්‍රය. (ඇත්තෙන්ම කියනවා නම් ස්කන්ධ කේන්ද්‍රය)
3. සරළ අනුවර්තී චලිතය
කියන පාඩම් වලදී තමයි. දැන් බලමු උදාහරණ ටිකක්.

* ස්ථාවර දුරක් පෙන්වීම


* විචල්‍ය දුරක් පෙන්වීම
ඇත්තෙන්ම කියනවා නම් දැන් දැන් මේ නිවැරදි සිද්ධාන්ත ළමයින්ගෙන් වගේම ගුරුවරුන්ගෙනුත් ගිලිහිලා යනවා. ඒත් කොහොම හරි නිවැරදි ව්‍යවහාරික ගණිතය රැදිලා තියෙන්නෙ නිවැරදි සිද්ධාන්ත මත. ඒ විදිහට ගියොත් කිසි කෙනෙක්ට වරදින්නෑ. කණගාටුවට කරුණක් තියනවා. 2011 වසරෙ marking scheme එකේවත් නිවැරදි අංකනය යටතේ රූපසටහන ඇදලා තිබුනෙ නෑ ගුරුත්ව කේන්ද්‍රය ගානෙ. ඒත් අපි හරියට ඉගෙනගමු. 

Wednesday, October 31, 2012

කාබනික රසායනය 4

   බෙන්සීන් පිළිබඳ රසායනය

          කාබනික රසායන පාඩම් මාලාවේ මීළඟ ඒකකය ලෙස ඇත්තේ ඇරෝමැටික කාබනික සංයෝග පිළිබඳ අධ්‍යනය යි. රසායන විද්‍යාවේ එන ප්‍රමුඛත ම ඇරෝමැටික සංයෝගය වන්නේ බෙන්සීන් වේ.

        

          බෙන්සීන් හි රසායනය පිළිබඳ කතා කිරීමේ දී අපට "කෙකුලේ" යන නම අමතක කළ නොහැකි . කාටත් අභිරහසක් තිබූ බෙන්සීන් හි ව්‍යුහය පිළිබඳ සෑහෙන තරම් හොඳ පැහැදිලි කිරීමක් ලබා දුන්නේ මොහු විසිනි. දැනට අපි භාවිතා කරන ව්‍යුහය කෙකුලේ ගේ ව්‍යුහයේ අඩු පාඩු නිවැරදි කර සාදාගත් එකකි.

              

           බෙන්සීන් දක්වන ප්‍රතික්‍රියා බොහොමයක් ඉලෙක්ට්‍රොෆිලික ආදේශ ප්‍රතික්‍රියා වේ. මේ නිසා බෙන්සීන් වල ලාක්ෂණික ප්‍රතික්‍රියා ලෙස ඉලෙක්ට්‍රොෆිලික ආදේශ ප්‍රතික්‍රියා හදුන්වනු ලැබේ.

             

          .පො.. (උසස් පෙළ ) රසායන විද්‍යා විෂය හදාරන ඔබ මෙහි එන සමහරක් ප්‍රතික්‍රියාවල යාන්ත්‍රණයන් ගැන අවබෝධයක් ලබා ගත යුතු ය. 2012 විභාග ප්‍රශ්න පත්‍රයේ කාබනික රසායනය ප්‍රශ්නයට අතුළත් වූයේ බෙන්සීන් හි හැලජණීකරන යාන්ත්‍රන‍ය යි. බොහෝ සිසුන් මෙම ප්‍රශ්නය නිවැරදි ව කළා යයි සිතුවත් යන්ත්‍රණයේ දී බොහොමයක් අය වැරදි සිදු කර ඇති බව මට හැඟේ( ඔවුන් පවසන පරිදි ).

 

        මෙහි යාන්ත්‍රණ ගැන හොඳ අවබෝධයක් තිබීම මෙහි ප්‍රතික්‍රියා වල විෂමතා ගැන දැන ගැනීම ට ඉතා හොඳ ක්‍රමය කි. එමගින් ඔබට බෙන්සීන් හි රසායනය හොඳින් ප්‍රගුණ කිරීම ට රුකුලක් ලැබේ.

 

        පහත දැක්වෙන කෙටි සටහන මගින් ඔබට බෙන්සීන් හි ප්‍රතික්‍රියා හා බෙන්සීන් නිපදවීමේ ක්‍රම ගැන සාරංශ කර දැක්වීම ට අදහස් කළෙ මි. මෙය මගින් ඔබට රසායනික පරිවර්තන වලට හොඳ සහයෝගයක් ලබා ගත හැකි බව මාගේ විශ්වාසය යි.

 

      කෙසේ වෙතත් මෙය භාවිතා කිරීමට පළමුව නිවැරදි සිද්ධාන්ත ඔබ හමුවේ තබා ගැනීම යෝග්‍ය වේ. මක් නිසා ද යත් සිද්ධාන්ත නැති තැන සාරාංශයකින් පලක් නොවන නිසා යි. කෙසේ හෝ වේවා මෙයින් පලක් ප්‍රයෝජනයක් ගැනීම ඔබ හට බාරයි.  

             

Benzene Short Note

                                               X  =  Cl, Br

කතෘ අයිතිය රජිත රාමනායක සතු ය.
රෑප සටහන් අවසරයකින් තොරව උපුටා නොගන්න. කතෘ අයිතිය සුරකින්න.


Saturday, October 20, 2012

අනුකලනය 2

අනුකලනයේ සම්මත අදේශ

            අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) සංයුක්ත ගණිතය හදාර සිසුන් පවසන පරිදි ඔවුන් ට ඇති අසීරු ම ඒකකයන්ගෙන් එකක් වනුයේ අනුකලනය යි. මෙය බොහෝ විට සිසුන් ට අසීරු වන්නේ මෙහි සූත්‍ර බොහොමයක් කට පාඩම් කිරීම ට ඇති හෙයිනි. 
              
            කලින් ඒකකයේ දී අපේ සොයුරා පැවසූ පරිදි අනුකලනය කිරීමට දක්ෂයෙකු වීමට අවශ්‍ය නම් එහි මූලික සූත්‍ර හොඳින් ධාරණය කරගත යුතු ය. නමුත් එය පමණක් ප්‍රමාණවත් නො වේ

            බොහොමයක් ශ්‍රිත ඒවා තිබෙන පරිදින් ම අනුකලනය කල නො හැකි ය. මේ නිසා එවැනි ශ්‍රිත අනුකලනය කිර්‍රිම සඳහා වෙනත් උපාය මාර්ග පාවිච්චි කරමු. මේ සඳහා යොදා ගන්නා සුලභතම උපාය මාර්ගය නම් ආදේශයක් යොදා අනුකලනය කිරීම ට අවශ්‍ය නමුත් කරගත නොහැකි ශ්‍රිතය, අනුකලනය කරගත හැකි ශ්‍රිතයකට පත් කර ගැනීමයි.

            මෙසේ යොදාගන්නා සමහර ආදේශ ඉවෙන් මෙන් අවබෝධ වන අතර සමහර ශ්‍රිත අනුකලනය සඳහා යොදගන්නා ආදේශ හිතා ගැනීම ට ඉතා අසීරු ය. මේ නිසා එවැනි ශ්‍රිත අනුකලනය කිරීමට පහත ක්‍රමය යෝග්‍ය වනු ඇත. මෙහි දී දක්වා ඇති ආකාරයේ ශ්‍රිත සඳහා එයට ඉදිරියෙන් ඇති ආකාරයේ අදේශ යෙදීමෙන් සුලු කරගෙන අනුකලනය කිරීමට ඔබට හැකිවනු ඇත.    

               මෙහි දක්වා ඇති ආකාර එදිනෙදා අදේශ යොදාගෙන සෑදීමට උසස් පෙළ සිසුවෙක්ට ලැබෙන අසීරු ම ගණන් ආකාර වේ. මෙහි දක්වා ඇති ආදේශය එක ම අදේශය නොව හොඳ ම අදේශය බව අවධාරණය කරමි. 

                මෙම අදේශ කිරීම් නම් කට පාඩම් කර ගැනීම නුවණ ට හුරුය. මක් නිසාද යත් මෙම අදේශ කිසි විටකත් ඔබේ බුද්ධියෙන් ඔබට ග්‍රහණය කර ගැනීමට නොහැකි යැයි මට සිතෙන බැවිනි. මට නම් එය නොහැකි විය. කෙසේ හෝ මේවා හොඳින් ප්‍රගුණ කරන ඔබට අනුකලනය, ගුණ කිරීම තරම් ම සරල දෙයක් බවට පත් වනු නො අනුමාන ය.








කතෘ අයිතිය රජිත රාමනායක සතු ය.
රෑප සටහන් අවසරයකින් තොරව උපුටා නොගන්න. කතෘ අයිතිය සුරකින්න.
   

Tuesday, October 16, 2012

කාබනික රසායනය 3

ඇල්කයින

                             කාබනික රසායනයේ 3 වැනි ඒකක ය වන්නේ ඇල්කයින පිළිබඳ රසායනය යි. මූලික ව ඇල්කයිනයක් යනු  sp  මුහුම්කරනයෙන් යුතු C පරමාණු 2ක් අතර ත්‍රිත්ව බන්ධන පවතින කාබන් දාම වේ.
                            
                             ඇල්කයින බොහොමයක් ආකලන ප්‍රතික්‍රියා දක්වයි. මෙහිද ඇල්කීන වල මෙන් ප්‍රතික්‍රියා රාශියක් ඇති අතර ඒවායෙහි යාන්ත්‍රණ බොහෝසෙයින් ඇල්කීන දක්වන ප්‍රතික්‍රියා වල යාන්ත්‍රණ වල ට සමාන ය. මේ නිසා ඇල්කීන වල ප්‍රතික්‍රියා ප්‍රගුණ කළ උදවියට අල්කයින වල යාන්ත්‍රණ අල්ලා ගැනීම අසීරු නො වේ.
                          
                          මා විසින් පෙර ඒකකයෙ සඳහන් කළ පරිදි ඔබ ඇල්කීන වල යාන්ත්‍රණ ප්‍රගුණ කිරීමේ වැදගත්කම මෙහිදී ඔබට වැටහෙනු නො අනුමාන ය.
                          
                           මෙහි දී ඔබට එක් ඉඟියක් දෙනු කැමත්තෙමි. ඇල්කීන හොදින් අධ්‍යනය කළ ඔබ නැවතත් අල්කයින වලට එතරම් වෙහෙසෙන්න එපා. ඔබ ඔබේ ම සාරාංශයක් මනසේ හදාගන්න. ඔබ අධ්‍යයන පොදු සහතික පත්‍ර(උසස් පෙළ) රසායන විද්‍යාව ඉගෙනගන්නවා නම් අතට පොතට වඩා ඔබේ මනසට හොඳ ඉඩක් ලබා දෙන්න. මනසට ලබා දෙන කාලය හා ඉඩ අපතේ නො ගියායැයි ඔබට වැටහේවි ටික කලකින්....
                          
                           කෙසේ නමුත් මා හැමදා ම පවසන පරිදි අවධාරණයෙන් අදත් පවසන්නේ මෙම කෙටි සටහන භාවිතයට පෙර සිද්ධාන්ත හොඳින් හා නිවැරදිව අධ්‍යනය කළ යුතු බවයි.









                                X= Cl , Br
කතෘ අයිතිය රජිත රාමනායක සතු ය.
රෑප සටහන් අවසරයකින් තොරව උපුටා නොගන්න. කතෘ අයිතිය සුරකින්න.




























සාපේක්‍ෂතාවාදය




සාපේක්‍ෂතාවාදය අධ්‍යනය කල විට එය ඉතා රසවත් බැව් දැනුනි එම නිසාම බ්ලොග් අඩවියේ පාඨකයන්ට ලිපියකින් මේ ගැන පැවසීම මැනවියයි සිත් විය.වෙලා ගෙන අපූර්වට අකුරු කල යුතු මාතෘකාවක් බැවින් අන්තර්ජාලයෙන් ලිපියක් සොයා ගෙන  පල කලෙමි.කල් වෙලා ඇති වෙලාවක මේ ගැන නැවත ලිපියක් අකුරු කරමි.එතෙක් සැන සෙන්නට....

කාලය හා අවකාශය සම්බන්ධව කතා කිරීමේදී "සාපේක්‍ෂතාවාදය" පිළිබදව සදහන් නොකර බැරිය. මන්දයත් කාලය හා අවකාශය පිළිබදව අභිරහස් කරුණු රාශියක් අනාවරණය වීමට සාපේක්‍ෂතාවාදය ඉවහල් වූ බැවිනි.

    සාපේක්‍ෂතාවාදය යනු ඉතා ගැඹුරු අයුරින් ගණිත හා විද්‍යාව භාවිතා කෙරෙන විෂය ක්‍ෂෙත්‍රයකි.එය තේරුම් ගැනීමට අපහසු දෙයක් ලෙස බොහෝ දෙනා සලකන්නේ එහි සංකීර්ණ ගණිත සමීකරණ ඇසුරින් සිදුකෙරෙන පැහදිලි විස්තර කිරීම් නිසාමය.අපගේ මාතෘකාවට එවැනි සංකීර්ණ විෂයයක් දැක්වීම අනවශ්‍ය වුවත් අසිරිමත් "සාපේක්‍ෂතාවාදය" පිළිබදව සයිබර් අවකාශයේ මිතුරන් සරලව හෝ දැන සිටීම වැදගත්ය.ඉදිරියේදී මෙම ලිපි මාලාව ජ්‍යොතිෂ සිද්ධාන්ත සමඟ බැදීමක් සිදුවන නිසා "සාපේක්‍ෂතාවාදය" පිලිබදව යම් දැනුවත් කිරීමක් කිරීමට සිතුවෙමි.මේ අදහස පෙරටු කරගෙන "සාපේක්‍ෂතාවාදය" පිළිබද ලියැවෙන මෙම විස්තරය එක් ලිපියකින් සම්පූර්ණ කිරීමට සිතුවේ ලිපිය කොටස් වශයෙන් පලකළහොත් එහි වටිනාකම පාඨකයන්ට නිසිලෙස නොලැබිය හැකි බැවිනි.එමෙන්ම මෙහිදී සංකීර්ණ ගණිත සාධන කොටස් ඉවත් කොට සරල අවබෝධය ලබාදෙනු පිණිස ලිපිය ලියා ඇත්තේ සයිබර් අවකාශය තුල සිටින සෑම දෙනාම ගණිතයේ කෙළ පැමිණියන් නොවන බව හා මෙම බ්ලෝගයේ අරමුණ ජ්‍යොතිෂයේ වටිනාකම පාඨකයාට අවබෝධ කිරීම මිස මා "සාපේක්‍ෂතාවාදය" උගත් අයකු ලෙස පොරත්වයක් දැක්වීම නොවන හා නොවිය යුතු බව පූර්වාබෝධයෙන් යුතුව කටයුතු කරන බැවිනි.

Monday, October 15, 2012

ගිරා සංදේශය 1 කොටස




1. සැරද කිර රද සඳ - නන් වන් රුවන් රූ වන් - සහ‘කුරු මියුරු තෙපුලෙන් - සව් ලෙව් සතන් හදනා

2. ඉඳු දුනු පැහැ දිනු - තුනු සිරිනු’දුල ම-මිතුර - ළඳ සොඳ අදර වැනි තගෙ තෙල තුඩ දුටුව
ලොබ බැඳ අදර නොකෙරෙති කවුරු සතුටුව - වන වනපති තුරෙහි - පුර පුරපතින් මැඳුරෙහි
නඳව නිතොර ලැබ පිය පියකර පහස - රඳව ප ව ර කෙළි කෙළ කෙළ හැම දවස

Sunday, October 14, 2012

අනුකලනය 1

මෙම සියලුම සූත‍්‍ර හා ප‍්‍රමේයයන් ඔබ මතකයේ තබාගතයුතුය. නමුත් හැකි තරමි ගැටඵ විසදීමෙන් එය එතරමි අපහසු කටයුත්තක් නොවන බවට ඔබටම වැටහෙනු ඇත. තවද මාගේ අදහස නමි අවකලනය නිවැරදි ලෙස ඉගෙන ගතහොත් අනුකලනය ඔබට කිසිසේත්ම අසීරු වන්නේ  නැත යන්නයි.

කාබනික රසායනය 2

                                                             ඇල්කීන

              කාබනික රසායනයේ 2වැනි ඒකකය ඇල්කීන පිළිබඳව වේ. මූලික වශයෙන් කාබන් දාමයේ sp2මුහුම්කරනයෙන් යුතු කාබන් පරමාණු 2ක් අතර ද්විත්ව බන්ධනයක් පවතීනම් එම සංයෝගය ඇල්කීන යටතට අයත් වේ.

         කාබනික රසායනයේදී මෙම ඇල්කීන ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරයි. මන්ද මෙවා විවිධ වර්ග වල කාබනික සංයෝග රාශියකට පරිවර්තනය කර ගත හැකිය. එම නිසා කාබනික පරිවර්තන වලදී ඇල්කීන වැදගත් මෙහෙයක් ඉටු කරයි.

  
        මෙම ඇල්කීන යටතේ ඔබට ප්‍රතික්‍රියා කිහිපයක යාන්ත්‍රණ පිළිබඳ අවබෝධය ලැබීමට සිදුවේ. සමහරුන් මේ පිළිබඳ වැඩිපුර අවධානයක් යොමු නො කළත් එය නු සුදුසු ක්‍රියාවකි. මක් නිසාද යත් කාබනික රසායනය අධ්‍යනය කර එහි නිපුනයෙකු වීමට ඇති පහසු ම හා මගේ මතය අනුව එක ම ක්‍රමය වන්නේ එහි එන ප්‍රතික්‍රියා වල යාන්ත්‍රණ ගැන හොඳ අවබෝධයක් ලබා තිබීම යි.

        පහත ඇති කෙටි සටහන මගින් ඔබට ඇල්කීන රසායනයේ ඇති ප්‍රතික්‍රියා සියල්ල ම පාහේ සරලව පෙන්වා දී ඇත. මෙය ඔබට පරිවර්තන වලදී මහත් රුකුලක් වනු නො අනුමාන ය.

       නමුත් සියල්ලට ම වඩා සිද්ධාන්ත අධ්‍යනය හා විශේෂයෙන් යාන්ත්‍රණ ගැන නිවැරදි හා මනා අවබෝධයක් තිබීම වැදගත් බව මම නැවත නැවත අවධාරණ ය කරන්නෙමි.


තාක්ෂණය අධ්‍යාපනයට

           



            අද ඔයලා වෙනුවෙන් ඉදිරි පත් කරන්නේ  සොෆ්ට්වෙයා ටිකක් කට්ටිය බලනවා ද මොනවා ද මේ අධ්‍යාපනික වෙබ් අඩවියක සොෆ්ට්වෙයා ඉදිරිපත් කරන්නේ කියලා.මේ සොෆ්ට්වෙයා වල අඩංගු වන්නේ පහත සදහන් කරලා තියන දේවල්.

01.Mega Units Converter 

02.Trigonometry

 03.Periodic Table of Elements

උසස් පෙළ ව්‍යාපෘති කරන්නෙ කොහොමද? | How to do AL Projects?

බොහෝ දෙනෙක්ට තියන ගැටළුවක් තමයි, අරහෙම ප්‍රොජෙක්ට් කරන්න, මෙහෙම කරන්න කියලා කට්ටිය කිවුවාට ඇත්තටම කොහොමද මේක කරන්නෙ කියන එක. ලොකු ප්‍රොජෙක්ට් ගැන හීන මව මව ඉදලා සමහරු අන්තිම මොහොතේ වෙන කෙනෙක්ගෙ ව්‍යාපෘතියක් ගෙනත් භාරදෙන්නෙ හිතින් විතරක් වැඩ කරන්න සිද්ධ වෙච්ච නිසා. නැත්නම් තමන්ට ප්‍රොජෙක්ට් එකක් කරන්න ආත්ම ශක්තියක්, ආත්ම විශ්වාසයක් නැති උනාම. උසස් පෙළ ළමයින්ට උදවු කරන බ්ලොග් අඩවියක තිබෙන්න ඕන කෙමිස්ට්‍රි ෆිසික්ස් විතරක් නොවන නිසා, උසස් පෙළ ප්‍රොජෙක්ට් එක ගැන මේ විදිහට කතා කරමු.

උසස් පෙළ ළමයින්ට ගොඩක් දේවල් කරන්න පුළුවන් හැකියාවක් තියනවා. මේ ගෙවෙන වයස, ඒ කියන්නෙ අවුරුදු 17-18-19 වගේ කාලෙදි ගොඩක් දේවල් හිතලා බලලා අළුත් විදිහට කරන්න ලොකු පුළුවන් කමක් තියනවා. මේ උසස් පෙළ ට දෙන 'සිලබස්' එකේ එල්ලිලා ඒ හිතන්න තියන හැකියාව අප‍තේ යවාගනී කියලා තමයි මම හිතන විදිහට නම් ප්‍රොජෙක්ට් සංකල්පය කරලියට ඇවිත් තියෙන්නෙ. උසස් පෙළ කරන ළමයි ඒකල ව්‍යාපෘතියක් වගේම කණ්ඩායම් ව්‍යාපෘතියක් කරන එක අනිවාර්යය යි.

අපි දැන් බලමු මොකක්ද මේ ප්‍රොජෙක්ට් එකක් විදිහට කළ යුත්තෙ කියලා. "වැදගත් කියලා තමන්ට හිතෙන ඕන දෙයක්" තමන්ගෙ මාතෘකාව කරගන්න. තමන් ආස දෙයක්, ආසාවෙන් කරන්න පුළුවන් කියලා හිතෙන දෙයක් තෝරගන්න. ගොඩක් අය තෝරගන්න මාතෘකා තමයි "සුරතල් සතුන්", "තේ වගාව", "වී වගාව" වගේ දේවල්. ඒත් මම උසස් පෙළ ව්‍යාපෘතියට කරේ "සිංහල බ්ලොග්කරණය" ගැන. ඒකට ප්‍රභල හේතු ගොඩක් බලපෑවා. අපේ ඉස්කෝලෙ වටපිටාවෙ හරියාකාරව බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන කවුරුත් හිටියෙ නෑ. ඒ වගේම "බ්ලොග්" කියන වචනෙවත් අහලා නැති 90% කට වඩා හිටියා කිවුවොත් ඔබ පුදුම වෙයි. හැමදාම වගේ මම මගේ බ්ලොග් එකේ වැටිලා තිබ්බ කමෙන්ට් ගැන කියද්දි, ඔක්කොම සාවධානව අහන් ඉදලා අන්තිමට "මොකද්ද බං බ්ලොග් එකක්" කියන්නෙ කියලා අහපු අය හිටියා ඕන තරම්. ඒ දේ නිසා මම මේ බ්ලොග්කරණය ගැන කරන්න පටන් ගත්තා. 

තමන් විසින් තෝරගන්න දේ තමන් ප්‍රිය කරන දෙයක් වෙන්න ඕන. කම්පියුටර් ගේම් ගහන්න ආස කෙනෙක්, "පරිගණක ක්‍රීඩා" කියලා ව්‍යාපෘතියක් කරාට කිසි වරදක් නෑ. ඡායාරූපකරණය ගැන උනන්දු කෙනෙක් ඒ ගැන කරාට කිසිම වරදක් නෑ. ෆේස්බුක් එක ගැන උනන්දු කෙනෙක් ඒ ගැන කරාට කිසිම වරදක් නෑ. කොහොම හරි තමන් ආසාවෙන් කරන්න කැමති දෙයක් කරන්න උත්සාහා කරන එක තමයි හොදම වැඩේ.

මාතෘකාව තෝරගත්තාට පස්සෙ තමන් හිතන්න ඕන ‍කොහොමද මේක කරන්න කාලෙ වෙන් කරගන්නෙ කියලා. මෙන්න මේ කියන දේ තීරණය වෙන්නෙ තමන් කරන්න හිතන් ඉන්න දේ අනුව. මම උදාහරණ කීපයක් කියන්නම්.

උදා 1 : අපි කරන්නෙ මත විමසුමක් මත පදනම් වෙන ප්‍රොජෙක්ට් එකක් නම්,

  • මාතෘකාව තෝරාගැනීම
  • ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කිරීම
  • මාතෘකාව පිළිබද වැඩිදුර අධ්‍යනය
  • "---" පිළිබද දත්ත එක් කිරීමට පත්‍රිකා සැකසීම
  • ප්‍රජාවගෙන් අසා දත්ත සටහන් කිරීම
  • දත්ත විශ්ලේෂණය කිරීම හා නිගමන වලට එලඹීම
  • ව්‍යාපෘති වාර්තාව සෑදීම

උදා 2 : අපි කරන්නෙ යම් කිසි කරුණක් ගැන දැනුවත් කිරීමක් නම්,

  • මාතෘකාව තෝරාගැනීම 
  • ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කිරීම
  • මාතෘකාව පිළිබද වැඩිදුර අධ්‍යනය
  • සුදුසු පුද්ගලයන් හමුවී / මාධ්‍යය / අන්තර්ජාලය ඔස්සේ නිවැරදි තොරතුරු එක් කිරීම
  • ඒ තොරතුරු පත්‍රිකා / පොත් / අන්තර්ජාලය මගින් ප්‍රජාව දැනුවත් කිරීමට සැකසීම
  • උක්ත මාධ්‍යන්ගෙන් ප්‍රජාව දැනුවත් කිරීම
  • ව්‍යාපෘති වාර්ථාව සැකසීම
මෙන්න මේ වගේ තමන්ගෙ ව්‍යාපෘතිය කරන එක කොටස් වලට වෙන් කරගෙනයි කරන්න ඕන. ඒත් එක්කම වැදගත් කරුණු කීපයක්ම තියනවා. අපි ව්‍යාපෘතියට හොද මාතෘකාවක් තෝරගෙන "ව්‍යාපෘති යෝජනාව" පත්‍රිකාව පුරවලා  පංතිභාර ගුරුතුමිය, ව්‍යාපෘති භාර ගුරුතුමා, විදුහල්පති තුමා යන අයගෙන් අනුමැතිය ගන්න ඕ‍න. මේ ව්‍යාපෘති යෝජනාවෙ තියන වැදගත්ම කරුණ තමයි "අරමුණු" කියන කොටස. ඒකෙ තමන් කරන්න යන එකේ තියන අරමුණු (3 කට නොවැඩි) මාතෘකා විදිහට ලියන්න ඕන. පස්සෙ තියන "ක්‍රියාත්මක කරන ආකාරය" කියන කොටසෙ තමන් කරන්න යන දේ ගැන දළ පැහැදිලිකිරීමක් කරන්න ඕන.

පස්සෙ ඉතින් කරන්න තියෙන්නෙ තමන්ගෙ අරමුණු හරියට හරියන විදිහට, කාලරාමුව (ඒ කියන්නෙ අර උඩින් පෙන්නපු තිත් වලට අදාල කරුණු කරන්න තමන් වෙන් කරගත්ත කාලෙදි හරි ඊට කලින් හරි) තමන්ගෙ ප්‍රොජෙක්ට් එක කරලා ඉවර කරන එක. ඊට පස්සෙ තමයි හොදම සෙල්ලම තියෙන්නෙ. ඒ තමයි ව්‍යාපෘති වාර්ථාව සකස් කරන එක. මේ ව්‍යාපෘති වාර්ථාව හදන්නෙ A4 ප්‍රමාණයේ කඩදාසි වල, එක පැත්තක විතරයි ලියන්නෙ සාමාන්‍යයෙන්‍. මේකෙ පොඩි පිළිවෙලක් තිබ්බොත් හොදයි.
  • ව්‍යාපෘති වාර්ථාවේ කවරය (ව්‍යාපෘතියේ නම, තමන්ගෙ නම, පන්තිය, පාසල අඩංගු මාතෘකාවට අදාල කවරයක් සුදුසුයි)
  • අනුමත කරගත්ත ව්‍යාපෘති යෝජනාව
  • පිදුම
  • පටුන
  • හැදින්වීම
  • තමන්ගෙ ව්‍යාපෘතියේ අඩංගු කරුණු / ව්‍යාපෘතිය කරපු ආකාරය / සිද්ධින් (මේකෙ තමා ඔක්කොම ලියන්න ඕන. අනුමාතෘකා යටතෙ ආකර්ශනීය ආකාරයට කරන එක හොදයි)
  • නිගමන හා යෝජනා (ව්‍යාපෘතිය කරගෙන යද්දි තමන්ට තේරුනු දේවල්)
  • ස්තුතිය (උදවු කරපු හැමෝම මතක් කරන එක වගකීමක්)
  • ආශ්‍රිතය (මේකෙ තමයි අපි කරුණු හොයාගත්ත තැන් ගැන සදහන් කරන්නෙ. පොතක් නම් පොත ලියපු කර්තෘ, පිටුව ආදිය සදහන් කරන්නෝනෙ, අන්තර්ජාලයෙන් නම් URL එක වගේ)
  • ඇමිනුම් (තමන්ගෙ ව්‍යාපෘතියෙදි භාවිත කරපු ලිපි, සංවාද, පින්තූර එහෙම මෙතන තමයි අමුණන්නෙ)
  • වැරදි නිවැරදි කිරීම්
  • කෙටි යෙදුම් හා තේරුම්
මෙන්න මේ විදිහට ව්‍යාපෘතිය කරන්න පුළුවන්. මගේ ව්‍යාපෘතිය මෙන්න මෙතන click කරලා බාගත කරගන්නත් පුළුවන් බලන්න ආස නම්. ‍මම මේ කාලරාමුව හැදුවාට මට නම් මේ ප්‍රොජෙක්ට් එක කරන්න ගියේ දවස් 5යි. සම්පූර්ණ දවස් හැබැයි. මේ දවස් ටික ගෙවිලා යනවා මට දැනුනෙවත් නෑ. මොකද ඒක මට පුදුම ආත්ම තෘප්තියක්.

මම උසස් පෙළ උදවු බ්ලොග් අඩවියට ලියන පළවෙනි ලිපිය මේක. වැඩි යමක් උවමනා නම් කමෙන්ට් එකකින් අහගන්න පුළුවන්.

තමුන් දන්න දෙයක් නොදන්න අයට කියලා දෙන්න - තමන්ගෙ ජීවිතේට ඒක ලොකු ආශිර්වාදයක් වේවි..!!!

(මේකෙ සමහර කරුණු උත්තම පුර්ශ දෘශ්ඨිකෝණයෙන් ලියන්න ප්‍රධාන හේතුව තමයි ගොඩක් හොදට යමක් අවබෝධකරගන්න පහසු වීම සහ නිවැරදිව ඒක කරපු කෙනෙක් කියන දෙයක් පිලිගැනීමට ලක්වීම)

Friday, October 12, 2012

රසායනික බන්ධන


මහාචාර්ය S P දැරණියගල මහතාගේ රසායනික බන්ධන පාඩමට අදාල වීඩියෝවක් මෙහි අඩංගු කොට ඇත.මෙම වීඩියෝ පටය නැරඹීමෙන් ඔබට රසායන බන්ධන පිළිබදව අවබෝධයක් ලබාගත හැක.
















Thursday, October 11, 2012

D-ගොනුවේ රසායනය 1



                          රසායන විද්‍යාව අධ්‍යනයේ දී එන එක් වැදගත් මාතෘකාවක් වන්නේ අකාබනික රසායනය යි. මේ යටතේ D-ගොනුවේ රසායනය අවසාන මාතෘකාව ලෙස ඔබට හැදෑරීමට සිදු වේ. මෙය සමහර අයට ඉතා අසීරූ පාඩමක් ලෙස හදුනාගන්නේ එහි අඩංගු සංයෝග වල වර්ණ මතකතබා ගැනීමට සිදුවෙන නිසාවෙනි. නමුත් ඔබ පාසල් විද්‍යාගාරයේ දී මේ සංයෝග සියල්ල පිළියෙල කර අත්දැකීමි ලබා ගතහොත් හුදෙක් එය අපහසු නො වන කාරණයක් වනු නො අනුමාන .
                      එසේ විද්‍යාගාරය තුළ දී අත්දැකීමි ලබාගැනීමට නො හැකි පිරිස වෙනුවෙන් මා මේ ඉදිරිපත් කරනුයේ ප‍්‍රායෝගික ලෙස පිළියෙල කළ D-ගොනුවේ සංයෝග කිහිපයක වර්ණ ඇතුළත් රූප රාමු කිහිපයකි.
























කතෘ අයිතිය හසිත විමලරත්න සතු ය.
රෑප සටහන් අවසරයකින් තොරව උපුටා නොගන්න. කතෘ අයිතිය සුරකින්න.
Related Posts Plugin for WordPress, Blogger...