Sri Lanka Educational Network අන්තර්ජාලයේ නැණ නුවන ‍තෝතැන්න." A/L උදව් " අධ්‍යාපනික බ්ලොග් අඩවියට ඔබව සාදරයෙන් පිලිගනිමු.Welcome to the Official blog Of AL help ®

Sunday, December 23, 2012

මිනිස් හෘර්දයේ මූලික ව්‍යුහය හා ක්‍රියා කාරිත්වය



*හෘර්දයේ ක්‍රියාකාරී යාන්ත්‍රනය දක්වා උසස් පෙළ ජීව විද්‍යා පාඩමට අඩංගු සියලුම ලක්ෂ අඩංගු කොට මේ ලිපි පෙළ ඔබ වෙත ගෙන ඒ,මෙය  හෘර්දය පිලිබදව හදාරන ඕනෑම අයකුගේ දැණුම පුලුල් පරාසයක් ගෙනයන ලිපියක් වන් නොවනු මානයි.

පිහිටීම
උරස් කුහරයේ,පෙනහළු අතර අවකාශයේ එනම්  මධ්‍ය බන්ධන ප්‍රදේශයේ,දේහයේ මධ්‍ය රේඛාවෙන් වම් පසට බරව ,අන්නස්‍රෝතයට හා ස්වාස නාලයට පූර්ව,මහා ප්‍රාචීරයට උත්තරව,උර තලයට හා පර්ශුවලට පුර්ව කොටසට අපරව පිහිටයි.
(පස්වන අන්තර් පර්ශුක අවකාශ තලයේ)

පිහිටීම
කේතු හැඩති කුහරමය අවයවයකි.
උදරීයව පිහිටන කුහරමය ව්‍යුහයකි.
හෘත් පර්යාවරණය නම් තූනී ආවරණය තුල පිහිටයි.
අතිශයෙන් පෙශිමය වේ.(දිග 12 cm පමණ වේ)/මිට මෙළවූ අත්ලක ප්‍රමාණයට සමාන වේ.
හෘත් බිත්තිය ගණකම්ය.
ප්‍රධාන පටක ස්ථර 3කි.

01.එපිකාඩියම(පෙරිකාඩියම/හෘත් පරියාවරණය)
බාහිරින්ම පිහිටයි.
තුනී පාරදුශ්‍ය තරලයකි.
සම්බන්දක පටක හා පැතලි අපිච්චද ඇත.
කෘත්‍ය-හෘදය වැඩිපුර ඇදීම වැලැක්වීම.
02.මයෝකාඩියම
මධයේ පිහිටන ගණකම අධික ස්ථරයකි.
හෘත් පේශියෙන් සෑදී ඇත.
03.එන්ඩොකාඩියම
ඇතුලතින් පිහිටන තුනී පටලයයි.
පැතලි අපිච්චද සෛල ඇත.-ඛණ්ඩ විචිත්‍ර සරල ශල්කමය අපිච්චදය.
(දාරය ‍රැලි සහිතයි.)
කහපාට පට්ටිකා සෑදීමට දායක වේ.

හෘත් අභ්‍යන්තරය කුරීර 4කින් සමන්විතය.

01.හෘත් කර්ණිකා.-2
02.හෘත් කෝශිකා-2

ඉහලින් ඇත්තේ හෘත් කර්ණිකාය.ඒවායේ බිත්ති තුනීය.
පහලින්ම ඇත්තේ හ්‍ටුත් කෝෂිකාය ඒවායේ බිත්ති සාපේක්ෂව ඝණකම්ය.
හේතුව-හෘත් කර්ණිකා වල කෘත්‍ය වන්නේ හෘත් කෝෂිකා වලට රුධිරය පොම්ප කිරීමය.ඒ සදහා ජනනය කල යුතු පීඩනය/බලය සාපේක්ෂව අඩුය.නමුත් හෘත්  කෝෂිකා වල් අ කෘත්‍ය වන්නේ පෙනහළු හා දේහය පුරා රුධිරය පොම්ප කිරීමය.ඒ සඳහා ජනනය කල යුතු පීඩනය සාපේක්ෂව අධිකය.
එයිනුත් වම් හෘත්  කොෂිකාවල බිත්තියේ ඝණකම අධිකය.
හේතුව-දකුණු හෘත් කෝෂිකාවේ කාර්යය  පෙනහළු කරා  රුධිරය පොම්ප කිරීමය.ඒ සඳහා ජනනය කලු යුතු ශක්තිය සාපේක්ෂව අඩුය.නමුත් වම් කෝෂිකාවෙන්  මුළු දේහය පුරාම රුධිරය පොම්ප කල යුතුය.ඒ සඳහා ජනනය කල යුතු පිඩනය/බලය සාපෙක්ෂව අධිකය.
හෘර්දයේ දකුණු භාගය හා වම් භාගය වෙන් වෙන්නේ ආවාරයක් මගිනි.
එය හෘත් කෝෂිකා ප්‍රදේශයේ දී ගණකම්ය"අන්තර් කෝෂික  ආවාරය" නම් වේ.
හෘර්දයේ දකුණු අර්ධයේ හා වම් අර්ධයේ හෘත්  කර්ණිකාවක්  හා කෝෂිකාවක් බැගින් ඇත.
එක් හෘත් කර්ණිකාවක් හා ඒක් හෘත් කෝෂිකාවක් අතර ක්ර්ණික කෝෂික කපාටයක් ඇත.
කෘත්‍යය-හෘත් කෝෂිකාවක ඇති රුධිරය ආපසු හෘත් කර්නිකාවට ගැලීම වලක්වා එක් දිශාවකට පමණක් ගලා යාමට සැලැස්වීම.
මෙවැනි කපාට දෙකකි.

01.දකුණු කර්ණික කෝෂික කපාටය/ත්‍රිතුණ්ඩ කපාටය
පියන් තුනකි
දකුණු හෘත් කර්ණිකාව හා දකුණු හෘත් කොෂිකාව අතර පිහිටයි.

02.වම් කර්ණික කෝෂික කපාටය/ද්විතුණ්ඩ කපාටය/මයිට්‍රල් කපාටය.
පියන් දෙකකි.
වම් හෘත් කර්ණිකාව හා වව් හෘත් කොෂිකාව අතර පිහිටයි.
 කර්ණික කෝෂික කපාට වලින් අපර දෙසින් හෘත් රජ්ජු/තන්තු රජ්ජු නම් ‍රැහැන් බැදි ඇත.
කෘත්‍යය-කපාට කනපිට පෙරලීම වැලැක්වීම.
මේවා,හෘත් කෝෂික වල බිත්තියෙන් පැන නගින"පිටිකා පේශි"නම් හැඩති නෙරුම් වලට සම්බන්ද වී ඇත.
මීට අමතරව හෘර්දය තුල වෙනත් කපාට ද ඇත.



01.පුෂ්පුෂ කපාටය
දකුණු හෘත් කෝශිකාවෙන්,පුෂ්පුශීය ධමනිය ඇරඹෙන විවරය ආවරණය කරමින් පිහිටයි.
 අඩසඳ වර්ගයේ කපාට තුනකි.
කෘත්‍යය-පුෂ්පුශීය ධමනියේ ඇති රුධිරය නැවත ආපසු දකුණු හෘත් කෝෂිකාවට පැමිණීම වැලැක්වීම.





02.මහා ධමනි කපාටය./ධමනි කපාටය
වම් හෘත් කෝෂිකාවෙන් මහා ධමනිය ඇරඹෙන ස්ථානය ආවරණය කරමින් පිහිටයි.
අඩසඳ කපාට තුනකි.
කෘත්‍යය-මහා ධමණියේඇති රුධිරය ආපසු වම් හෘත් කෝෂිකාවට  පැමිණීම වැලැක් වීමට.
මෙම කපාට සියල්ල එකම තලයේ පිහිටයි.



දකුණු හෘත් කෝෂිකාවෙන් පුෂ්පුශීය මහා  ධමනිය ඇරඹේ.
වම් හෘත් කෝෂිකාවෙන් සංස්ථානික මහා ධමනිය ඇරඹේ.
දකුණු හෘත් කර්ණිකාවේ විවර 2කි ඒවා තුලින් පූරව මහා ශිරාව හා අධර මහා ශිරාව විවෘත වේ.
වම් හෘත් කර්ණිකාවට විවර 4කි.
ඒවා තුලින් පුෂ්පුශීය ශිරා 4ක් සම්බන්ධ වේ.
හෘත් පේශිය පුරා ශාඛනය වෙමින්  ගමන් කරණ වම් හා දකුණු කිරීටක ධමනි යුගලක් ද ඇත.



----------------------------------------------------------

තවත් හෘදය සම්බන්ද පාඩමකින් මුනගැසෙමු.
නිර්මාණය හා කතෘ අයිතිය මහේෂ් බී දහනායක සතුය.කරුණාකර කතෘ අයිතිය සුරකින්න.
maheshdase@gmail.com
http://maheshslife-multiaxial.blogspot.com/


2 comments:

  1. bohoma wadagath postuwak..
    Amathaka wela thibun dewaluth mathak karaganna haki una..

    Jayama Wewa !!!

    ReplyDelete
  2. A/L walata godak watinawa me blog1e dana lipi. Thank you. thawaduratath biology walatath lipi danna puluwananm eka godak watinawa.

    ReplyDelete

එකතු කරන්න ඔබේ අදහස්.

Related Posts Plugin for WordPress, Blogger...