පරමාණුක වර්ණාවලි (1)
බොහොමයක් සිසුන්ට ( මමද ඇතුළුව ) රසායන විද්‍යාවේ අසීරු යැයි පවසන කොටසක් වන්නේ වර්ණාවලි පිළිබඳ අධ්‍යනයයි. මේ නිසා පරමාණුක වර්ණාවලි පිළිබඳව ලිපියක් ලිවීමට මම අදහස් කළෙමි.
පරමාණුක වර්ණාවලි ගැන කතා කිරීමට කලින් අපි ක්වොන්ටම් වාදය ගැන දැන ගැනීම වැදගත් යයි මට හැඟේ.
විසි වන සියවස මුල් භාගයේදී පෘථිවියේ විද්‍යාඥයන්ට එතෙක් තිබූ දැනුමෙන් විසදා ගැනිමට නොහැකිව තිබූ ගැටලු 2ක් පැවතිණි.
1. ප්‍රකාශ විද්‍යුත් ආචරණය
2. පරමාණුක වර්ණාවලි
මැක්ස් ප්ලාන්ක් ඉදිරිපත් කළ ක්වොන්ටම් වාදයෙන් මෙ ගැටලු සඳහා හොඳ පිළිතුරු ලැබිණි.
1873 දී ජේම්ස් ක්ලාර්ක් මැක්ස්වෙල් දෘශ්‍ය ආලෝකය විද්‍යුත් චුම්බක තරංග වලින් සමන්විත බවට යෝජනා කළේය. එමෙන්ම රූපවාහිනී, ගුවන් විදුලි තරංග, ක්ෂුද්‍ර තරංග, අධෝරක්ත කිරණ, පාරජම්බුල කිරණ, x කිරණ, ගැමා කිරණ ලෙසද මේවා වර්ග කළ හැකිය.
ඉහත දැක්වෙන්නේ විද්‍යුත් චුම්බක තරංග, සංඛ්‍යාතය අනුව විභේදනය කර දක්වා ඇති සටහනකි. ඉහත ලෙස ඇති සටහන් වර්ණාවලි ලෙස හදුන්වනු ලැබේ. ඒ අනුව ඉහත දක්වා ඇත්තේ විද්‍යුත් චුම්බක වර්ණාවලියයි.
20 වැනි සියවස ආරම්භය වන තෙක්ම විකිරණය ගැන පැහැදිලි කිරීමට තිබූ එකම සංකල්පය මැක්ස්වෙල් ගේ විද්‍යුත් චුම්බක තරංග වාදයයි. නමුත් මෙය සඳහා මැක්ස් ප්ලාන්ක් අලුත්ම අදහසක් ගෙනෙන ලදී.
"ශක්තිය විකිරණය වන්නේ ශක්ති අංශු වශයෙනි."
" ක්වොන්ටම් යනු විකිරණය වන ශක්තියට පැවතිය හැකි කුඩාම අගය වන අතර වෙනත් ඕනෑම ශක්ති ප්‍රමාණයක් එහි පූර්ණ සංඛ්‍යාත්මක ගුනාකාරයකි."
" ක්වොන්ටම් යනු විකිරණය වන ශක්තියට පැවතිය හැකි කුඩාම අගය වන අතර වෙනත් ඕනෑම ශක්ති ප්‍රමාණයක් එහි පූර්ණ සංඛ්‍යාත්මක ගුනාකාරයකි."
ක්වොන්ටම් අංශු "ෆෝටෝන" ලෙස ද හදුන්වනු ලැබේ.
දැන් පරමාණුක වර්ණාවලි ගැන විමසමු.
පරමාණු අවශෝෂණය හෝ විමෝචනය කරන විද්‍යුත් චුම්බක තරංග හඳුනා ගැනීමේ අරමුණෙන් සකස් කරන වර්ණාවලියක් පරමාණුක වර්ණාවලියක් වේ.
පරමාණුක වර්ණාවලි කොටස් 2කි.
1. අවශෝෂණ වර්ණාවලි
2. විමෝචන වර්ණාවලි
මූලද්‍රව්‍ය අවශෝෂණය කරන විද්‍යුත් චුම්බක තරංග හඳුනා ගැනීමට යොදාගන්නා වර්ණාවලි අවශෝෂණ වර්ණාවලි වේ.
මූලද්‍රව්‍ය විමෝචනය කරන විද්‍යුත් චුම්බක තරංග හඳුනා ගැනීමට යොදාගන්නා වර්ණාවලි විමෝචනය වර්ණාවලි වේ.
මෙයින් ඔබට අවශෝෂණ හා විමෝචන වර්ණාවළි අතර වෙනස පැහැදිළි කර ගත හැකිය. ඉහල දැක්වෙන්නේ අවශෝෂණ වර්ණාවලියක් වන අතර පහලින් විමෝචන වර්ණාවලියක් දැක්වේ.
මූලික වශයෙන් පරමාණුක වර්ණාවලියක ගති ලක්ෂණ මෙසේය.
1. පරමාණුක වර්ණාවලි ( අවශෝෂණ හා විමෝචන ) අසංතතිකය.
2. අවශෝෂණ වර්ණාවලියක පසුබිම වර්ණවත් වන අතර අවශෝෂණය වූ සංඛ්‍යාතයන් අඳුරු රේඛා වලින් පෙනේ.
3. විමෝචන වර්ණාවලියක පසුබිම අඳුරු වන අතර විමෝචනය වූ සංඛ්‍යාතයන් වර්ණවත් රේඛා වලින් පෙනේ.
4. එකම මූලද්‍රව්‍යයේ අවශෝෂණ වර්ණාවලිය හා විමොචන වර්ණාවලිය සමපාත කළ විට සන්තතික වර්ණාවලියක් ලැබේ.
5. යම් මූලද්‍රව්‍යක් සාදන අවශෝෂණ හා විමෝචන වර්ණාවලි එම මූලද්‍රව්‍ය සඳහා අනන්‍ය වේ.
කතෘ අයිතිය රජිත රාමනායක සතු ය.
රෑප සටහන් අවසරයකින් තොරව උපුටා නොගන්න. කතෘ අයිතිය සුරකින්න.
super kollo..wl dn
ReplyDeletethnxxx mchn..:)
Deleteනියමයි
Deleteතව පාඩම් දාන්නෙ නැද්ද?
ReplyDeleteසුපිරියට ලියලා තියෙනවා. තව මේ වගේ ඒවා ඕනේ. පොස්ට් එහෙම වැටෙන්නේ අඩුවෙන්නේ.. :(
ReplyDeletethanx.....
ReplyDeletegatlu dekn paramaanuka varnaavali gataluvk nmei gataluva krushna vasthu vikiranaya
ReplyDeleteSuperb
ReplyDeleteපරමාණුක වර්ණාවලිය සන්තතික නැද්ද?
ReplyDeleteNa
DeleteTres Bien... Merci....
ReplyDeleteRupasatahan wala tharanga ayamatya/sankyathaya/shakthiya wediwana dishawa penmuwanam hodai
ReplyDeleteRupasatahan wala tharanga ayamatya/sankyathaya/shakthiya wediwana dishawa penmuwanam hodai
ReplyDelete👍
ReplyDelete👍
ReplyDeleteපරමාණුක වර්ණාවලිය එක් එක් මූලද්‍රව්‍යට අනන්‍ය වෙනව ද ?
ReplyDelete