Sri Lanka Educational Network අන්තර්ජාලයේ නැණ නුවන ‍තෝතැන්න." A/L උදව් " අධ්‍යාපනික බ්ලොග් අඩවියට ඔබව සාදරයෙන් පිලිගනිමු.Welcome to the Official blog Of AL help ®
Showing posts with label Advanced level Combined Maths. Show all posts
Showing posts with label Advanced level Combined Maths. Show all posts

Thursday, November 1, 2012

ව්‍යවහාරික ගණිතය සටහන් නිවැරදිව අදිමු | Let's draw applied maths diagrams correctly

ව්‍යවහාරික ගණිතයේදි ඉතාම වැදගත් දෙයක් තමයි සටහන් කියන එක. ඒකට ප්‍රධාන හේතුව තමයි අපි ව්‍යවහාරික ගණිතයේදි යම් සටහනක් ඇදලා තමයි ඒ ඔස්සේ ගණන් හදන්නෙ. ගොඩක් ළමයි සහ ඇතැම් ගුරුවරු පවා මේ සටහන් අදිද්දි වැරදි ගොඩක් කරනවා. විභාගෙදි හරි සටහනක් ඇන්දාම ඒක පරීක්ෂකවරයාට බලාගන්න පහසුයි වගේම හිත දිනාගන්න පහසුයි. සටහනක් නිවැරදි වෙන තරමට අපිට ඒ දේ බලන්නත් ගොඩක් පහසුයි. එයිනි අපිට නිවැරදිව ගාන තේරුම්ගන්න එකත් පහසු කරනවා. කතා ඇති වැඩට බහිමු.

1. බලයන් සහ සම්ප්‍රයුක්ත බලයන් දැක්වීම

(1) රූපයේ තමයි නැවැරදිම බල වල සම්ප්‍රයුක්තය දක්වලා තියෙන්නෙ. අපිට කම්මැලි වෙලාවක (2) රූපයේ ක්‍රමෙත් නරකම නෑ. ඒත් වඩා නිවැරදි එක තමයි පළවෙනි එක. ඒකෙ තේරුමක් තියනවා. ඒක තමයි බලයන් දෙක පළමුවෙන් සහ ඒ දෙක වෙනුවට යෙදිය හැකි බලය දෙවනුවට. සමහරු ඔය ඔක්කොම එකතැන අදින්න ගිහින් නිකන් බල 3ක් ක්‍රියාකරනවා වගේ පේන්නෙ. උත්තර පත්‍ර පරීක්ෂණයේදී ඒක අවාසියක් වෙන්න පුළුවන්.

2. සුමට අර්ධගෝලීය (ගැටිය තිරස්ව සවි කර ඇති) පාත්‍ර සම්බන්ධ ගැටළු

සාමාන්‍යයෙන් මේ වගේ රූපයක් අදිද්දි සම්පූර්ණ රේඛා අදින්නෙ අර්ධගෝලයේ දාරය, දණ්ඩ සහ බල දක්වන්න විතරයි. ඒකට හේතුව තමයි දණ්ඩ සහ පාත්‍රය කියන දෙක තමයි ද්‍රව්‍ය වලින් හැදිලා තියෙන්නෙ. බල තමයි අපේ ගණන හදන්න උවමනා වෙන්නෙ. අනිත් ඒවා තිත් ඉරි වලින් තමයි දක්වන්නෙ. බල 3 ඒකලක්ෂ වෙන එක නිරූපනය වෙන්න දික් කරත් කමක් නෑ. ඒත් සටහන අමුතුයි එහෙම කරාම.‍ වැදගත් දෙයක්, මේකෙ දණ්ඩේ බර යටට දික් කරලා, පාත්‍රයේ ඇතුලේ ගැටිලා තියන දණ්ඩේ අග ඉදන් තිරස් රේඛාවක් ඇන්දාම ඒක අර්ධගෝලයේ අනික් ගැට්ටෙ පිහිටන ලක්ෂයකදී හම්බු වෙනවා. ඒ කාරණාව යොදාගෙන ගොඩක් ගැටළු හදන්න පුළුවං.

3. දුරවල් ළකුණු කිරීම
මෙන්න මේ රූපෙ පෙන්නලා තියෙන්නෙ දුරවල් පෙන්නන්න පුළුවං එකට හොද උදාහරණයක්. මේක ලීපටියක් නම්, රතු පාටින් පේන්න තියෙන්නෙ පුංචි අංශුවක් නම්. d අකුරෙන් පෙන්නන්නෙ ස්ථාවර දුරක්.  හොදට බලන්න ඒක දක්වලා තියන විදිහ. ඒ තමයි නියම ආකාරය දුරක් දක්වන්න. ඊතලය සහ ඊතලයෙ කෙළවරේ ඇදපු ඉරෙන් පෙන්නනවා ඒ දුර එතනට එනකන් නිශ්චිතයි කියලා.

ගොඩක් ගනං වල දෙනවා නෙ (සමතුලිතතාවය සම්බන්ධ) ඔය මොකක් හරි සමතුලිත පද්ධතියක තියන ලෑල්ලක් උඩින් කොච්චරක් හරි බර අංශුවක් ගමන් කරනවා වගේ ඒවා. එතනදි අපිට බැහැ ඒ අංශුව ස්ථාවර ලක්ෂයක තියලා ගණන හදන්න. මොකද කියනවා නම්, ඒ අංශුව ස්ථාවර ලක්ෂයක නොවන, විචල්‍ය පථයක ගමන් කරන නිසා‍. එතනදී තමයි දෙවනි ආකාරය යොදාගන්න වෙන්නෙ. ඒකෙදි එක කොණක ඊතල හිසකුත්, අනෙක්‍ කොනේ ඉරිකෑල්ලකුත් තියනවා. ඒකෙන් විස්තර වෙන්නෙ ස්ථාවර ආරම්භක ලක්ෂයක ඉදන් වස්තුවක් පිහිටන්න පුළුවන් දුර. මේකෙදි තව වැදගත් කාරණාවක් තමයි අපි පෙන්නන දුර, මේකෙදිනම් X විචල්‍යයක් වීම. එතනදි අපි විචල්‍යයේ පරාසය දැක්වීම අනිවාර්යයයි. මේකෙදි නම් ලීකුට්ටියේ ප්‍රදේශයේ පමණක් අංශුව තියනවා නම්, ලී කුට්ටියේ දිග d බව දන්න නිසා, පරාසය 0<x<d කියලා ලියන්න පුළුවන්. මේ විචල්‍ය දුර දැක්වීමේ සිද්ධාන්ත ඉතා නිවැරදිව අවශ්‍ය වෙන්නෙ,
1. සමතුලිතතාවය
2. ගුරුත්ව කේන්ද්‍රය. (ඇත්තෙන්ම කියනවා නම් ස්කන්ධ කේන්ද්‍රය)
3. සරළ අනුවර්තී චලිතය
කියන පාඩම් වලදී තමයි. දැන් බලමු උදාහරණ ටිකක්.

* ස්ථාවර දුරක් පෙන්වීම


* විචල්‍ය දුරක් පෙන්වීම
ඇත්තෙන්ම කියනවා නම් දැන් දැන් මේ නිවැරදි සිද්ධාන්ත ළමයින්ගෙන් වගේම ගුරුවරුන්ගෙනුත් ගිලිහිලා යනවා. ඒත් කොහොම හරි නිවැරදි ව්‍යවහාරික ගණිතය රැදිලා තියෙන්නෙ නිවැරදි සිද්ධාන්ත මත. ඒ විදිහට ගියොත් කිසි කෙනෙක්ට වරදින්නෑ. කණගාටුවට කරුණක් තියනවා. 2011 වසරෙ marking scheme එකේවත් නිවැරදි අංකනය යටතේ රූපසටහන ඇදලා තිබුනෙ නෑ ගුරුත්ව කේන්ද්‍රය ගානෙ. ඒත් අපි හරියට ඉගෙනගමු. 

Saturday, October 20, 2012

අනුකලනය 2

අනුකලනයේ සම්මත අදේශ

            අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) සංයුක්ත ගණිතය හදාර සිසුන් පවසන පරිදි ඔවුන් ට ඇති අසීරු ම ඒකකයන්ගෙන් එකක් වනුයේ අනුකලනය යි. මෙය බොහෝ විට සිසුන් ට අසීරු වන්නේ මෙහි සූත්‍ර බොහොමයක් කට පාඩම් කිරීම ට ඇති හෙයිනි. 
              
            කලින් ඒකකයේ දී අපේ සොයුරා පැවසූ පරිදි අනුකලනය කිරීමට දක්ෂයෙකු වීමට අවශ්‍ය නම් එහි මූලික සූත්‍ර හොඳින් ධාරණය කරගත යුතු ය. නමුත් එය පමණක් ප්‍රමාණවත් නො වේ

            බොහොමයක් ශ්‍රිත ඒවා තිබෙන පරිදින් ම අනුකලනය කල නො හැකි ය. මේ නිසා එවැනි ශ්‍රිත අනුකලනය කිර්‍රිම සඳහා වෙනත් උපාය මාර්ග පාවිච්චි කරමු. මේ සඳහා යොදා ගන්නා සුලභතම උපාය මාර්ගය නම් ආදේශයක් යොදා අනුකලනය කිරීම ට අවශ්‍ය නමුත් කරගත නොහැකි ශ්‍රිතය, අනුකලනය කරගත හැකි ශ්‍රිතයකට පත් කර ගැනීමයි.

            මෙසේ යොදාගන්නා සමහර ආදේශ ඉවෙන් මෙන් අවබෝධ වන අතර සමහර ශ්‍රිත අනුකලනය සඳහා යොදගන්නා ආදේශ හිතා ගැනීම ට ඉතා අසීරු ය. මේ නිසා එවැනි ශ්‍රිත අනුකලනය කිරීමට පහත ක්‍රමය යෝග්‍ය වනු ඇත. මෙහි දී දක්වා ඇති ආකාරයේ ශ්‍රිත සඳහා එයට ඉදිරියෙන් ඇති ආකාරයේ අදේශ යෙදීමෙන් සුලු කරගෙන අනුකලනය කිරීමට ඔබට හැකිවනු ඇත.    

               මෙහි දක්වා ඇති ආකාර එදිනෙදා අදේශ යොදාගෙන සෑදීමට උසස් පෙළ සිසුවෙක්ට ලැබෙන අසීරු ම ගණන් ආකාර වේ. මෙහි දක්වා ඇති ආදේශය එක ම අදේශය නොව හොඳ ම අදේශය බව අවධාරණය කරමි. 

                මෙම අදේශ කිරීම් නම් කට පාඩම් කර ගැනීම නුවණ ට හුරුය. මක් නිසාද යත් මෙම අදේශ කිසි විටකත් ඔබේ බුද්ධියෙන් ඔබට ග්‍රහණය කර ගැනීමට නොහැකි යැයි මට සිතෙන බැවිනි. මට නම් එය නොහැකි විය. කෙසේ හෝ මේවා හොඳින් ප්‍රගුණ කරන ඔබට අනුකලනය, ගුණ කිරීම තරම් ම සරල දෙයක් බවට පත් වනු නො අනුමාන ය.








කතෘ අයිතිය රජිත රාමනායක සතු ය.
රෑප සටහන් අවසරයකින් තොරව උපුටා නොගන්න. කතෘ අයිතිය සුරකින්න.
   

Related Posts Plugin for WordPress, Blogger...