Sri Lanka Educational Network අන්තර්ජාලයේ නැණ නුවන ‍තෝතැන්න." A/L උදව් " අධ්‍යාපනික බ්ලොග් අඩවියට ඔබව සාදරයෙන් පිලිගනිමු.Welcome to the Official blog Of AL help ®
Showing posts with label Extra. Show all posts
Showing posts with label Extra. Show all posts

Tuesday, October 16, 2012

සාපේක්‍ෂතාවාදය




සාපේක්‍ෂතාවාදය අධ්‍යනය කල විට එය ඉතා රසවත් බැව් දැනුනි එම නිසාම බ්ලොග් අඩවියේ පාඨකයන්ට ලිපියකින් මේ ගැන පැවසීම මැනවියයි සිත් විය.වෙලා ගෙන අපූර්වට අකුරු කල යුතු මාතෘකාවක් බැවින් අන්තර්ජාලයෙන් ලිපියක් සොයා ගෙන  පල කලෙමි.කල් වෙලා ඇති වෙලාවක මේ ගැන නැවත ලිපියක් අකුරු කරමි.එතෙක් සැන සෙන්නට....

කාලය හා අවකාශය සම්බන්ධව කතා කිරීමේදී "සාපේක්‍ෂතාවාදය" පිළිබදව සදහන් නොකර බැරිය. මන්දයත් කාලය හා අවකාශය පිළිබදව අභිරහස් කරුණු රාශියක් අනාවරණය වීමට සාපේක්‍ෂතාවාදය ඉවහල් වූ බැවිනි.

    සාපේක්‍ෂතාවාදය යනු ඉතා ගැඹුරු අයුරින් ගණිත හා විද්‍යාව භාවිතා කෙරෙන විෂය ක්‍ෂෙත්‍රයකි.එය තේරුම් ගැනීමට අපහසු දෙයක් ලෙස බොහෝ දෙනා සලකන්නේ එහි සංකීර්ණ ගණිත සමීකරණ ඇසුරින් සිදුකෙරෙන පැහදිලි විස්තර කිරීම් නිසාමය.අපගේ මාතෘකාවට එවැනි සංකීර්ණ විෂයයක් දැක්වීම අනවශ්‍ය වුවත් අසිරිමත් "සාපේක්‍ෂතාවාදය" පිළිබදව සයිබර් අවකාශයේ මිතුරන් සරලව හෝ දැන සිටීම වැදගත්ය.ඉදිරියේදී මෙම ලිපි මාලාව ජ්‍යොතිෂ සිද්ධාන්ත සමඟ බැදීමක් සිදුවන නිසා "සාපේක්‍ෂතාවාදය" පිලිබදව යම් දැනුවත් කිරීමක් කිරීමට සිතුවෙමි.මේ අදහස පෙරටු කරගෙන "සාපේක්‍ෂතාවාදය" පිළිබද ලියැවෙන මෙම විස්තරය එක් ලිපියකින් සම්පූර්ණ කිරීමට සිතුවේ ලිපිය කොටස් වශයෙන් පලකළහොත් එහි වටිනාකම පාඨකයන්ට නිසිලෙස නොලැබිය හැකි බැවිනි.එමෙන්ම මෙහිදී සංකීර්ණ ගණිත සාධන කොටස් ඉවත් කොට සරල අවබෝධය ලබාදෙනු පිණිස ලිපිය ලියා ඇත්තේ සයිබර් අවකාශය තුල සිටින සෑම දෙනාම ගණිතයේ කෙළ පැමිණියන් නොවන බව හා මෙම බ්ලෝගයේ අරමුණ ජ්‍යොතිෂයේ වටිනාකම පාඨකයාට අවබෝධ කිරීම මිස මා "සාපේක්‍ෂතාවාදය" උගත් අයකු ලෙස පොරත්වයක් දැක්වීම නොවන හා නොවිය යුතු බව පූර්වාබෝධයෙන් යුතුව කටයුතු කරන බැවිනි.

Sunday, October 14, 2012

උසස් පෙළ ව්‍යාපෘති කරන්නෙ කොහොමද? | How to do AL Projects?

බොහෝ දෙනෙක්ට තියන ගැටළුවක් තමයි, අරහෙම ප්‍රොජෙක්ට් කරන්න, මෙහෙම කරන්න කියලා කට්ටිය කිවුවාට ඇත්තටම කොහොමද මේක කරන්නෙ කියන එක. ලොකු ප්‍රොජෙක්ට් ගැන හීන මව මව ඉදලා සමහරු අන්තිම මොහොතේ වෙන කෙනෙක්ගෙ ව්‍යාපෘතියක් ගෙනත් භාරදෙන්නෙ හිතින් විතරක් වැඩ කරන්න සිද්ධ වෙච්ච නිසා. නැත්නම් තමන්ට ප්‍රොජෙක්ට් එකක් කරන්න ආත්ම ශක්තියක්, ආත්ම විශ්වාසයක් නැති උනාම. උසස් පෙළ ළමයින්ට උදවු කරන බ්ලොග් අඩවියක තිබෙන්න ඕන කෙමිස්ට්‍රි ෆිසික්ස් විතරක් නොවන නිසා, උසස් පෙළ ප්‍රොජෙක්ට් එක ගැන මේ විදිහට කතා කරමු.

උසස් පෙළ ළමයින්ට ගොඩක් දේවල් කරන්න පුළුවන් හැකියාවක් තියනවා. මේ ගෙවෙන වයස, ඒ කියන්නෙ අවුරුදු 17-18-19 වගේ කාලෙදි ගොඩක් දේවල් හිතලා බලලා අළුත් විදිහට කරන්න ලොකු පුළුවන් කමක් තියනවා. මේ උසස් පෙළ ට දෙන 'සිලබස්' එකේ එල්ලිලා ඒ හිතන්න තියන හැකියාව අප‍තේ යවාගනී කියලා තමයි මම හිතන විදිහට නම් ප්‍රොජෙක්ට් සංකල්පය කරලියට ඇවිත් තියෙන්නෙ. උසස් පෙළ කරන ළමයි ඒකල ව්‍යාපෘතියක් වගේම කණ්ඩායම් ව්‍යාපෘතියක් කරන එක අනිවාර්යය යි.

අපි දැන් බලමු මොකක්ද මේ ප්‍රොජෙක්ට් එකක් විදිහට කළ යුත්තෙ කියලා. "වැදගත් කියලා තමන්ට හිතෙන ඕන දෙයක්" තමන්ගෙ මාතෘකාව කරගන්න. තමන් ආස දෙයක්, ආසාවෙන් කරන්න පුළුවන් කියලා හිතෙන දෙයක් තෝරගන්න. ගොඩක් අය තෝරගන්න මාතෘකා තමයි "සුරතල් සතුන්", "තේ වගාව", "වී වගාව" වගේ දේවල්. ඒත් මම උසස් පෙළ ව්‍යාපෘතියට කරේ "සිංහල බ්ලොග්කරණය" ගැන. ඒකට ප්‍රභල හේතු ගොඩක් බලපෑවා. අපේ ඉස්කෝලෙ වටපිටාවෙ හරියාකාරව බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන කවුරුත් හිටියෙ නෑ. ඒ වගේම "බ්ලොග්" කියන වචනෙවත් අහලා නැති 90% කට වඩා හිටියා කිවුවොත් ඔබ පුදුම වෙයි. හැමදාම වගේ මම මගේ බ්ලොග් එකේ වැටිලා තිබ්බ කමෙන්ට් ගැන කියද්දි, ඔක්කොම සාවධානව අහන් ඉදලා අන්තිමට "මොකද්ද බං බ්ලොග් එකක්" කියන්නෙ කියලා අහපු අය හිටියා ඕන තරම්. ඒ දේ නිසා මම මේ බ්ලොග්කරණය ගැන කරන්න පටන් ගත්තා. 

තමන් විසින් තෝරගන්න දේ තමන් ප්‍රිය කරන දෙයක් වෙන්න ඕන. කම්පියුටර් ගේම් ගහන්න ආස කෙනෙක්, "පරිගණක ක්‍රීඩා" කියලා ව්‍යාපෘතියක් කරාට කිසි වරදක් නෑ. ඡායාරූපකරණය ගැන උනන්දු කෙනෙක් ඒ ගැන කරාට කිසිම වරදක් නෑ. ෆේස්බුක් එක ගැන උනන්දු කෙනෙක් ඒ ගැන කරාට කිසිම වරදක් නෑ. කොහොම හරි තමන් ආසාවෙන් කරන්න කැමති දෙයක් කරන්න උත්සාහා කරන එක තමයි හොදම වැඩේ.

මාතෘකාව තෝරගත්තාට පස්සෙ තමන් හිතන්න ඕන ‍කොහොමද මේක කරන්න කාලෙ වෙන් කරගන්නෙ කියලා. මෙන්න මේ කියන දේ තීරණය වෙන්නෙ තමන් කරන්න හිතන් ඉන්න දේ අනුව. මම උදාහරණ කීපයක් කියන්නම්.

උදා 1 : අපි කරන්නෙ මත විමසුමක් මත පදනම් වෙන ප්‍රොජෙක්ට් එකක් නම්,

  • මාතෘකාව තෝරාගැනීම
  • ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කිරීම
  • මාතෘකාව පිළිබද වැඩිදුර අධ්‍යනය
  • "---" පිළිබද දත්ත එක් කිරීමට පත්‍රිකා සැකසීම
  • ප්‍රජාවගෙන් අසා දත්ත සටහන් කිරීම
  • දත්ත විශ්ලේෂණය කිරීම හා නිගමන වලට එලඹීම
  • ව්‍යාපෘති වාර්තාව සෑදීම

උදා 2 : අපි කරන්නෙ යම් කිසි කරුණක් ගැන දැනුවත් කිරීමක් නම්,

  • මාතෘකාව තෝරාගැනීම 
  • ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කිරීම
  • මාතෘකාව පිළිබද වැඩිදුර අධ්‍යනය
  • සුදුසු පුද්ගලයන් හමුවී / මාධ්‍යය / අන්තර්ජාලය ඔස්සේ නිවැරදි තොරතුරු එක් කිරීම
  • ඒ තොරතුරු පත්‍රිකා / පොත් / අන්තර්ජාලය මගින් ප්‍රජාව දැනුවත් කිරීමට සැකසීම
  • උක්ත මාධ්‍යන්ගෙන් ප්‍රජාව දැනුවත් කිරීම
  • ව්‍යාපෘති වාර්ථාව සැකසීම
මෙන්න මේ වගේ තමන්ගෙ ව්‍යාපෘතිය කරන එක කොටස් වලට වෙන් කරගෙනයි කරන්න ඕන. ඒත් එක්කම වැදගත් කරුණු කීපයක්ම තියනවා. අපි ව්‍යාපෘතියට හොද මාතෘකාවක් තෝරගෙන "ව්‍යාපෘති යෝජනාව" පත්‍රිකාව පුරවලා  පංතිභාර ගුරුතුමිය, ව්‍යාපෘති භාර ගුරුතුමා, විදුහල්පති තුමා යන අයගෙන් අනුමැතිය ගන්න ඕ‍න. මේ ව්‍යාපෘති යෝජනාවෙ තියන වැදගත්ම කරුණ තමයි "අරමුණු" කියන කොටස. ඒකෙ තමන් කරන්න යන එකේ තියන අරමුණු (3 කට නොවැඩි) මාතෘකා විදිහට ලියන්න ඕන. පස්සෙ තියන "ක්‍රියාත්මක කරන ආකාරය" කියන කොටසෙ තමන් කරන්න යන දේ ගැන දළ පැහැදිලිකිරීමක් කරන්න ඕන.

පස්සෙ ඉතින් කරන්න තියෙන්නෙ තමන්ගෙ අරමුණු හරියට හරියන විදිහට, කාලරාමුව (ඒ කියන්නෙ අර උඩින් පෙන්නපු තිත් වලට අදාල කරුණු කරන්න තමන් වෙන් කරගත්ත කාලෙදි හරි ඊට කලින් හරි) තමන්ගෙ ප්‍රොජෙක්ට් එක කරලා ඉවර කරන එක. ඊට පස්සෙ තමයි හොදම සෙල්ලම තියෙන්නෙ. ඒ තමයි ව්‍යාපෘති වාර්ථාව සකස් කරන එක. මේ ව්‍යාපෘති වාර්ථාව හදන්නෙ A4 ප්‍රමාණයේ කඩදාසි වල, එක පැත්තක විතරයි ලියන්නෙ සාමාන්‍යයෙන්‍. මේකෙ පොඩි පිළිවෙලක් තිබ්බොත් හොදයි.
  • ව්‍යාපෘති වාර්ථාවේ කවරය (ව්‍යාපෘතියේ නම, තමන්ගෙ නම, පන්තිය, පාසල අඩංගු මාතෘකාවට අදාල කවරයක් සුදුසුයි)
  • අනුමත කරගත්ත ව්‍යාපෘති යෝජනාව
  • පිදුම
  • පටුන
  • හැදින්වීම
  • තමන්ගෙ ව්‍යාපෘතියේ අඩංගු කරුණු / ව්‍යාපෘතිය කරපු ආකාරය / සිද්ධින් (මේකෙ තමා ඔක්කොම ලියන්න ඕන. අනුමාතෘකා යටතෙ ආකර්ශනීය ආකාරයට කරන එක හොදයි)
  • නිගමන හා යෝජනා (ව්‍යාපෘතිය කරගෙන යද්දි තමන්ට තේරුනු දේවල්)
  • ස්තුතිය (උදවු කරපු හැමෝම මතක් කරන එක වගකීමක්)
  • ආශ්‍රිතය (මේකෙ තමයි අපි කරුණු හොයාගත්ත තැන් ගැන සදහන් කරන්නෙ. පොතක් නම් පොත ලියපු කර්තෘ, පිටුව ආදිය සදහන් කරන්නෝනෙ, අන්තර්ජාලයෙන් නම් URL එක වගේ)
  • ඇමිනුම් (තමන්ගෙ ව්‍යාපෘතියෙදි භාවිත කරපු ලිපි, සංවාද, පින්තූර එහෙම මෙතන තමයි අමුණන්නෙ)
  • වැරදි නිවැරදි කිරීම්
  • කෙටි යෙදුම් හා තේරුම්
මෙන්න මේ විදිහට ව්‍යාපෘතිය කරන්න පුළුවන්. මගේ ව්‍යාපෘතිය මෙන්න මෙතන click කරලා බාගත කරගන්නත් පුළුවන් බලන්න ආස නම්. ‍මම මේ කාලරාමුව හැදුවාට මට නම් මේ ප්‍රොජෙක්ට් එක කරන්න ගියේ දවස් 5යි. සම්පූර්ණ දවස් හැබැයි. මේ දවස් ටික ගෙවිලා යනවා මට දැනුනෙවත් නෑ. මොකද ඒක මට පුදුම ආත්ම තෘප්තියක්.

මම උසස් පෙළ උදවු බ්ලොග් අඩවියට ලියන පළවෙනි ලිපිය මේක. වැඩි යමක් උවමනා නම් කමෙන්ට් එකකින් අහගන්න පුළුවන්.

තමුන් දන්න දෙයක් නොදන්න අයට කියලා දෙන්න - තමන්ගෙ ජීවිතේට ඒක ලොකු ආශිර්වාදයක් වේවි..!!!

(මේකෙ සමහර කරුණු උත්තම පුර්ශ දෘශ්ඨිකෝණයෙන් ලියන්න ප්‍රධාන හේතුව තමයි ගොඩක් හොදට යමක් අවබෝධකරගන්න පහසු වීම සහ නිවැරදිව ඒක කරපු කෙනෙක් කියන දෙයක් පිලිගැනීමට ලක්වීම)

Tuesday, September 25, 2012

ඉගෙන ගන්නා දරුවෙක් සදහා


ඉගන ගන්න ගියාම මේවත් හොයලා බලන්න .


අපි මොනවා හරි අධ්‍යනයක් කරද්දි අපි එ ඉගන ගත්ත දේවල් හරිද අවශය කොටස් ඉගන ගත්තාද් ද කියන එකත් හොයලා බලන්න ඔනි එතකොටයි අපෙ දැනුම තවුරු වෙන්නේ
ඒත් මොනවගේ දෙවල්ද හොයලා බලන්න  ඔනි ,මෙන්න මේ වගෙන් අපිට අවශ්‍ය කරුනු අපි ඉගන ගෙනද කියලා බලන්න පුලුවන්

 ශ්‍රි ලංකාව තුල සිදුවන අධ්‍යාපන කටයුතුවල නිවරදි දත්ත ලබා ගනීමට පිවිසෙන්න











National Institute of Education
National Institute of Education, P.O. Box 21, High Level Road, Maharagama, Sri Lanka
Phone: +94-11-7601601 Fax: +94-11-7601800
Email: nie.lk@hotmail.com , info@nie.lk

Department of Examination
Department of Examination,P.O. Box 1503,Colombo, Sri Lanka. 
Telephone: +94-11-2786200, 2784203/4
Fax : +94 - 112785220 
Email : exams@doenets.lk

Ministry of Education
Ministry of Education,Isurupaya", Pelawatta, Battaramulla, Sri Lanka.
Phone: +94 112 785141-50,
Email: info@moe.gov.lk

SchoolNET Sri Lanka

SchoolNET Sri Lanka
SchoolNet National help Desk:
011-2650650
011-2650652 Line Faults:  011 2381381 Other SchoolNet related problems: 011-2473671 (SLT) Email Address for SchoolNet issues:  helpdesk [at] schoolnet [dot] lk

National Library and Documentation Services Board, Sri Lanka
Phone and Fax :
+94112698847 +94112685199 +94112685197 +94112685201






Related Posts Plugin for WordPress, Blogger...