අනුකලනයේ සම්මත අදේශ
අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) සංයුක්ත ගණිතය හදාරන සිසුන් පවසන පරිදි ඔවුන් ට ඇති අසීරු ම ඒකකයන්ගෙන් එකක් වනුයේ අනුකලනය යි. මෙය බොහෝ විට සිසුන් ට අසීරු වන්නේ මෙහි සූත්‍ර බොහොමයක් කට පාඩම් කිරීම ට ඇති හෙයිනි.
කලින් ඒකකයේ දී අපේ සොයුරා පැවසූ පරිදි අනුකලනය කිරීමට දක්ෂයෙකු වීමට අවශ්‍ය නම් එහි මූලික සූත්‍ර හොඳින් ධාරණය කරගත යුතු ය. නමුත් එය පමණක් ප්‍රමාණවත් නො වේ.
බොහොමයක් ශ්‍රිත ඒවා තිබෙන පරිදින් ම අනුකලනය කල නො හැකි ය. මේ නිසා එවැනි ශ්‍රිත අනුකලනය කිර්‍රිම සඳහා වෙනත් උපාය මාර්ග පාවිච්චි කරමු. මේ සඳහා යොදා ගන්නා සුලභතම උපාය මාර්ගය නම් ආදේශයක් යොදා අනුකලනය කිරීම ට අවශ්‍ය නමුත් කරගත නොහැකි ශ්‍රිතය, අනුකලනය කරගත හැකි ශ්‍රිතයකට පත් කර ගැනීමයි.
මෙසේ යොදාගන්නා සමහර ආදේශ ඉවෙන් මෙන් අවබෝධ වන අතර සමහර ශ්‍රිත අනුකලනය සඳහා යොදගන්නා ආදේශ හිතා ගැනීම ට ඉතා අසීරු ය. මේ නිසා එවැනි ශ්‍රිත අනුකලනය කිරීමට පහත ක්‍රමය යෝග්‍ය වනු ඇත. මෙහි දී දක්වා ඇති ආකාරයේ ශ්‍රිත සඳහා එයට ඉදිරියෙන් ඇති ආකාරයේ අදේශ යෙදීමෙන් සුලු කරගෙන අනුකලනය කිරීමට ඔබට හැකිවනු ඇත.
මෙහි දක්වා ඇති ආකාර එදිනෙදා අදේශ යොදාගෙන සෑදීමට උසස් පෙළ සිසුවෙක්ට ලැබෙන අසීරු ම ගණන් ආකාර වේ. මෙහි දක්වා ඇති ආදේශය එක ම අදේශය නොව හොඳ ම අදේශය බව අවධාරණය කරමි.
මෙම අදේශ කිරීම් නම් කට පාඩම් කර ගැනීම නුවණ ට හුරුය. මක් නිසාද යත් මෙම අදේශ කිසි විටකත් ඔබේ බුද්ධියෙන් ඔබට ග්‍රහණය කර ගැනීමට නොහැකි යැයි මට සිතෙන බැවිනි. මට නම් එය නොහැකි විය. කෙසේ හෝ මේවා හොඳින් ප්‍රගුණ කරන ඔබට අනුකලනය, ගුණ කිරීම තරම් ම සරල දෙයක් බවට පත් වනු නො අනුමාන ය.
කතෘ අයිතිය රජිත රාමනායක සතු ය.
රෑප සටහන් අවසරයකින් තොරව උපුටා නොගන්න. කතෘ අයිතිය සුරකින්න.
