Sri Lanka Educational Network අන්තර්ජාලයේ නැණ නුවන ‍තෝතැන්න." A/L උදව් " අධ්‍යාපනික බ්ලොග් අඩවියට ඔබව සාදරයෙන් පිලිගනිමු.Welcome to the Official blog Of AL help ®
Showing posts with label For What?. Show all posts
Showing posts with label For What?. Show all posts

Tuesday, September 25, 2012

ඔබෙන් රටේ අධ්‍යාපනයට


මේ රටේ අනාගතය උදෙසාය!
ඇරඹුම් කිහිපයක ප්‍රතිඵලයක් ලෙස ශිෂ්‍ය පරපුරට සිංහල භාෂාවෙන් අධ්‍යාපනය  සයිබර් අවකාෂයේ  හුදු සංකල්පයක් පමණක් නොවී එය සැබෑ ලෙසම අත් විදින්නට හැකියාව ලබා දීම අරමුණින් ෆේස්බුකියේ නැණ නුවන ‍තෝතැන්න ලෙස ආරම්භ වූ A/L උදව් ෆෙස්බුකියේ උපකාරක සමුහයක් ලෙස පැවත ඉන් නොනවැතී අධ්‍යාපන සංකල්ප උදෙසා මෙසේ අප බ්ලොග් අඩවියක් ආරම්භ කරන ලදී.

ඔබට මේ පිළිබදව වැඩිදුර තොරතුරු දැන ගැනීමට අවශ්‍ය නම් අපගේ   පරිශීලක අත්පොත කියවන්න.

ජාතික අධ්‍යාපනයට ඔබට සහය විය හැක්කේ කෙසේ ද?


එක වසරේන් පාසල් අධ්‍යාපනයට යොමුවෙන දරුවා උසස් පෙළ නිමකොට විශ්ව විද්‍යාල අධයාපනය දක්වා.විවිධ අරමුණු පදනම් කොට විෂයන් සිය ගනනක් හදාරයි ඔබටත් හැකිනම් මේ එක් විෂය කරුණක් සාමාන්‍ය දැනීම කරුණක් පරිගණක විද්‍යාව,තාරකා විද්‍යාව , නව නිපයුම් විෂ්‍යානුබද්ධ ඕනෑම  කරුණක් පිලිබදව ඔබ දන්නා කරුණු  අකුරු කර ඔබගේ අයිතිය සුරකිමින් මෙම අඩවියේ පල කිරීමට දැන් ඔබට අවස්ථාව උදා වී තිබේ.ඔබගේ මේ කටයුත්ත හුදු ලිපියක්ම නොවී එය ජාතික අධ්‍යාපනයේ පුරුකක් වීම නොවන්නේ ද?ඔබට ජාතික අධ්‍යාපනයට එලස සහභාගීවිය හැක.


ඔබගේ ලිපි ප්‍රසිද්ධ කිරීම



ඔබගේ ලිපි අපගේ විද්‍යුත් (ඊ-තැපැලට ) යොමුකල යුතු වන අතර ඒවා පසු පිරික්සුමකින් පසු දින 5ක් ඇතුලත ප්‍රසිද්ධ කෙරේ.
ඔබගේ ලිපිය සමග ඔබගේ විස්ථරද අප වෙත යොමුකල යුතුය. (උදා-පාසල හෝ තනතුර,නම සහ ඔබ කැමති වෙනත් විස්ථරද පාඨකයාට ඔබව සම්බන්ද කර ගත හැකි ආකාරයට ඊ ලිපිනය හෝ දුරකථන අංකය.
වෙනත් ලේඛකයකුගේ ලිපියක් ඔබ අප වෙත යොමු කරන්නේ නම් කතෘ අයිතිය සුරකිමින් එහි උපුටා ගැනීම සදහන් කරන්න.)
ඔබට හැකි උපරිමයෙන් ගුණාත්මක ලිපි ලිවීමට අවධානය යොමු කරන්න.ඔබගේ ලිපිවල ගුණාත්මක බව දිගින් දිගටම සලකා බලා කෙලින්ම ඔබට ලිපි පලකිරීමේ අවස්ථාවද අප සලකනු ඇත.

ඔබට ලිපි යොමුකල හැකි විද්‍යුත් ලිපින

මහේෂ් -maheshdase @ gmail [dot] com | maheshdase@gmail.com

ළහිරු- lahiru@lahirusblog.com

ලිපි ලිවීමේදී අවධානයට

  • සිංහල හෝ ඉංග්‍රීසි භාෂාවෙන් ලිවිය හැකි අතර (සිංහල භාෂාවෙන් ලියන්නේ නම් අගය කරන් අතර සිංහල ප්‍රචලිත කිරීම අපගේ අරමුණක් වන නිසා) සිංහලෙන් ලියන්නේනම් සිංහල යුනිකොඩ් අනිවාර්යය වේ. හැකි පමණ පාරිභාෂික වචන භාවිතා කළ යුතුයි. සුදුසු පරිදි අඳාළ ඉංග්‍රීසි වචනය වරහන් තුළ යෙදිය හැක.
  • ඔබ කැමති ආකාරයකට වචන ප්‍රමාණයක් භාවිතා කල හැකි අතර ලිපිය ඉතා දිගුවේනම් එය කොටස් වශයෙන් පලකරන්නෙමු.
  • ඔබ ලිපිය සදහා පින්තූර භාවිතා කරන්නේ නම් ඒ පිලිබදව කතෘ විසින් වගකීම දැරිය යුතුය.
  • ලිපි ලිවීමේදී සුදුසු පරිදි ව්‍යවහාරික භාෂාවෙන් ලිවිය යුතුයි. ලිඛිත භාෂාවෙන්ද ලිවිය හැක. ලිඛිත භාෂාවේ ලියන්නේනම් හැකි තරම් ව්‍යාකරණ පිළිපැදිය යුතුයි.  කුමන ආකතාරයට ලිවූවද අක්ෂර වින්‍යාසය හැකි තරම් නිවැරදි විය යුතුයි. සිංහල බසින් ලියන ලද ලිපි වල අක්ෂර වින්‍යාසය  www.subasa.lk වෙබ් අඩවිය මඟින් පහසුවෙන් නිවැරදි කරගත හැක.

ස්තූතියි!

ලේඛන ගත කිරීම,
Administrator
WWW..alhelp.tk


A/L උදවු - aludhu @ gmail [dot] com | aludhu@gmail.com


Monday, September 24, 2012

A / L උදව් ?

A / L උදව් 
෴ෆේස්බුකියේ නැණ නුවන ‍තෝතැන්න෴

ලෝකේ තියෙන අමාරුම විභාගේ මොකක්ද ? 
ගොඩක් කට්ටිය කියන්නේ A /L කියල. ඒ කියන්නේ උසස් පෙළ. මොකද මේකේ විෂයන් 3 ක්‌ තියෙන්නවනේ. අනික තව පොදු පරීක්ෂණය කියලත් එකක් තියෙන්නවා. Pass වෙන්න නම් ගොඩක් අයට පුළුවන්. එත් University යන්න සැහෙන ගේමක් දෙන්න වෙනවා. තව Z Score කියලත් එකක් තියෙන්නවා. මේ සේරම ගොඩ දාගෙන තමා ඉතින් University එකට යන්න වෙන්නේ. කොහොමද වැඩේ ?

මේ සේරමටම උදවුවක් දෙන්න තමා අපි මේ Group හෙවත් A\L උදවු කියන එක හැදුවේ. ඕනෑම විෂයකින් තමන්ට තියෙන ප්‍රශ්න මේකේ දාලා එකට උත්තර ගන්න පුළුවන්. මේකේ ප්‍රධාන බලාපොරොත්තුව තමා උසස් පෙළ විභාගය ලේසියෙන්ම ගොඩ දාගන්න උදවු කරන එක. තව එකක් තමා උසස් පෙළ විතරක් නෙමේ , O\L හෙවත් සාමාන්‍ය පෙළ විභාගයට අදාල ප්‍රශ්න වුනත් මේකේ දාන්න පුළුවන්.

කෙටියෙන් කිව්වොත් විභාග වලට අදාල ඕනෑම එකක් මේකේ දාන්න පුළුවන්.

තමන් දන්න දෙයක් අනුන් සමග බෙදා හදා ගැනීමෙන් තමාගේ දැනුම වැඩි දියුණු වෙනවා කියල කතාවක් තියෙනවනේ. අනික A\L වගේ විභාගයක් කරලා සාර්ථකව University එකට යන්න උදවු කරන එක පිනක් කියල තම අපි හිතන්නේ.

එන්න අපිත් එක්ක එකතුවෙලා ලෝකයටම දැනුම බෙදන්න

පාඩම් කරගෙන යනකොට ඒන ප්‍රශ්ණ ඔක්කොටම කියලා විසද ගන්නයි යන්නේ ඔක්කෝම උදව් Set වෙන්න.


https://www.facebook.com/groups/udhuAL/doc/240516476000873/

මේ ඇති කරුණු පිලිපැදීමෙන් මෙම කණ්ඩායමේ ගුණාත්මක භාවය වැඩි කර ගත හැක.
Related Posts Plugin for WordPress, Blogger...