Sri Lanka Educational Network අන්තර්ජාලයේ නැණ නුවන ‍තෝතැන්න." A/L උදව් " අධ්‍යාපනික බ්ලොග් අඩවියට ඔබව සාදරයෙන් පිලිගනිමු.Welcome to the Official blog Of AL help ®
Showing posts with label Advanced level Chemistry short note. Show all posts
Showing posts with label Advanced level Chemistry short note. Show all posts

Wednesday, October 31, 2012

කාබනික රසායනය 4

   බෙන්සීන් පිළිබඳ රසායනය

          කාබනික රසායන පාඩම් මාලාවේ මීළඟ ඒකකය ලෙස ඇත්තේ ඇරෝමැටික කාබනික සංයෝග පිළිබඳ අධ්‍යනය යි. රසායන විද්‍යාවේ එන ප්‍රමුඛත ම ඇරෝමැටික සංයෝගය වන්නේ බෙන්සීන් වේ.

        

          බෙන්සීන් හි රසායනය පිළිබඳ කතා කිරීමේ දී අපට "කෙකුලේ" යන නම අමතක කළ නොහැකි . කාටත් අභිරහසක් තිබූ බෙන්සීන් හි ව්‍යුහය පිළිබඳ සෑහෙන තරම් හොඳ පැහැදිලි කිරීමක් ලබා දුන්නේ මොහු විසිනි. දැනට අපි භාවිතා කරන ව්‍යුහය කෙකුලේ ගේ ව්‍යුහයේ අඩු පාඩු නිවැරදි කර සාදාගත් එකකි.

              

           බෙන්සීන් දක්වන ප්‍රතික්‍රියා බොහොමයක් ඉලෙක්ට්‍රොෆිලික ආදේශ ප්‍රතික්‍රියා වේ. මේ නිසා බෙන්සීන් වල ලාක්ෂණික ප්‍රතික්‍රියා ලෙස ඉලෙක්ට්‍රොෆිලික ආදේශ ප්‍රතික්‍රියා හදුන්වනු ලැබේ.

             

          .පො.. (උසස් පෙළ ) රසායන විද්‍යා විෂය හදාරන ඔබ මෙහි එන සමහරක් ප්‍රතික්‍රියාවල යාන්ත්‍රණයන් ගැන අවබෝධයක් ලබා ගත යුතු ය. 2012 විභාග ප්‍රශ්න පත්‍රයේ කාබනික රසායනය ප්‍රශ්නයට අතුළත් වූයේ බෙන්සීන් හි හැලජණීකරන යාන්ත්‍රන‍ය යි. බොහෝ සිසුන් මෙම ප්‍රශ්නය නිවැරදි ව කළා යයි සිතුවත් යන්ත්‍රණයේ දී බොහොමයක් අය වැරදි සිදු කර ඇති බව මට හැඟේ( ඔවුන් පවසන පරිදි ).

 

        මෙහි යාන්ත්‍රණ ගැන හොඳ අවබෝධයක් තිබීම මෙහි ප්‍රතික්‍රියා වල විෂමතා ගැන දැන ගැනීම ට ඉතා හොඳ ක්‍රමය කි. එමගින් ඔබට බෙන්සීන් හි රසායනය හොඳින් ප්‍රගුණ කිරීම ට රුකුලක් ලැබේ.

 

        පහත දැක්වෙන කෙටි සටහන මගින් ඔබට බෙන්සීන් හි ප්‍රතික්‍රියා හා බෙන්සීන් නිපදවීමේ ක්‍රම ගැන සාරංශ කර දැක්වීම ට අදහස් කළෙ මි. මෙය මගින් ඔබට රසායනික පරිවර්තන වලට හොඳ සහයෝගයක් ලබා ගත හැකි බව මාගේ විශ්වාසය යි.

 

      කෙසේ වෙතත් මෙය භාවිතා කිරීමට පළමුව නිවැරදි සිද්ධාන්ත ඔබ හමුවේ තබා ගැනීම යෝග්‍ය වේ. මක් නිසා ද යත් සිද්ධාන්ත නැති තැන සාරාංශයකින් පලක් නොවන නිසා යි. කෙසේ හෝ වේවා මෙයින් පලක් ප්‍රයෝජනයක් ගැනීම ඔබ හට බාරයි.  

             

Benzene Short Note

                                               X  =  Cl, Br

කතෘ අයිතිය රජිත රාමනායක සතු ය.
රෑප සටහන් අවසරයකින් තොරව උපුටා නොගන්න. කතෘ අයිතිය සුරකින්න.


Tuesday, October 16, 2012

කාබනික රසායනය 3

ඇල්කයින

                             කාබනික රසායනයේ 3 වැනි ඒකක ය වන්නේ ඇල්කයින පිළිබඳ රසායනය යි. මූලික ව ඇල්කයිනයක් යනු  sp  මුහුම්කරනයෙන් යුතු C පරමාණු 2ක් අතර ත්‍රිත්ව බන්ධන පවතින කාබන් දාම වේ.
                            
                             ඇල්කයින බොහොමයක් ආකලන ප්‍රතික්‍රියා දක්වයි. මෙහිද ඇල්කීන වල මෙන් ප්‍රතික්‍රියා රාශියක් ඇති අතර ඒවායෙහි යාන්ත්‍රණ බොහෝසෙයින් ඇල්කීන දක්වන ප්‍රතික්‍රියා වල යාන්ත්‍රණ වල ට සමාන ය. මේ නිසා ඇල්කීන වල ප්‍රතික්‍රියා ප්‍රගුණ කළ උදවියට අල්කයින වල යාන්ත්‍රණ අල්ලා ගැනීම අසීරු නො වේ.
                          
                          මා විසින් පෙර ඒකකයෙ සඳහන් කළ පරිදි ඔබ ඇල්කීන වල යාන්ත්‍රණ ප්‍රගුණ කිරීමේ වැදගත්කම මෙහිදී ඔබට වැටහෙනු නො අනුමාන ය.
                          
                           මෙහි දී ඔබට එක් ඉඟියක් දෙනු කැමත්තෙමි. ඇල්කීන හොදින් අධ්‍යනය කළ ඔබ නැවතත් අල්කයින වලට එතරම් වෙහෙසෙන්න එපා. ඔබ ඔබේ ම සාරාංශයක් මනසේ හදාගන්න. ඔබ අධ්‍යයන පොදු සහතික පත්‍ර(උසස් පෙළ) රසායන විද්‍යාව ඉගෙනගන්නවා නම් අතට පොතට වඩා ඔබේ මනසට හොඳ ඉඩක් ලබා දෙන්න. මනසට ලබා දෙන කාලය හා ඉඩ අපතේ නො ගියායැයි ඔබට වැටහේවි ටික කලකින්....
                          
                           කෙසේ නමුත් මා හැමදා ම පවසන පරිදි අවධාරණයෙන් අදත් පවසන්නේ මෙම කෙටි සටහන භාවිතයට පෙර සිද්ධාන්ත හොඳින් හා නිවැරදිව අධ්‍යනය කළ යුතු බවයි.









                                X= Cl , Br
කතෘ අයිතිය රජිත රාමනායක සතු ය.
රෑප සටහන් අවසරයකින් තොරව උපුටා නොගන්න. කතෘ අයිතිය සුරකින්න.




























Sunday, October 14, 2012

කාබනික රසායනය 2

                                                             ඇල්කීන

              කාබනික රසායනයේ 2වැනි ඒකකය ඇල්කීන පිළිබඳව වේ. මූලික වශයෙන් කාබන් දාමයේ sp2මුහුම්කරනයෙන් යුතු කාබන් පරමාණු 2ක් අතර ද්විත්ව බන්ධනයක් පවතීනම් එම සංයෝගය ඇල්කීන යටතට අයත් වේ.

         කාබනික රසායනයේදී මෙම ඇල්කීන ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරයි. මන්ද මෙවා විවිධ වර්ග වල කාබනික සංයෝග රාශියකට පරිවර්තනය කර ගත හැකිය. එම නිසා කාබනික පරිවර්තන වලදී ඇල්කීන වැදගත් මෙහෙයක් ඉටු කරයි.

  
        මෙම ඇල්කීන යටතේ ඔබට ප්‍රතික්‍රියා කිහිපයක යාන්ත්‍රණ පිළිබඳ අවබෝධය ලැබීමට සිදුවේ. සමහරුන් මේ පිළිබඳ වැඩිපුර අවධානයක් යොමු නො කළත් එය නු සුදුසු ක්‍රියාවකි. මක් නිසාද යත් කාබනික රසායනය අධ්‍යනය කර එහි නිපුනයෙකු වීමට ඇති පහසු ම හා මගේ මතය අනුව එක ම ක්‍රමය වන්නේ එහි එන ප්‍රතික්‍රියා වල යාන්ත්‍රණ ගැන හොඳ අවබෝධයක් ලබා තිබීම යි.

        පහත ඇති කෙටි සටහන මගින් ඔබට ඇල්කීන රසායනයේ ඇති ප්‍රතික්‍රියා සියල්ල ම පාහේ සරලව පෙන්වා දී ඇත. මෙය ඔබට පරිවර්තන වලදී මහත් රුකුලක් වනු නො අනුමාන ය.

       නමුත් සියල්ලට ම වඩා සිද්ධාන්ත අධ්‍යනය හා විශේෂයෙන් යාන්ත්‍රණ ගැන නිවැරදි හා මනා අවබෝධයක් තිබීම වැදගත් බව මම නැවත නැවත අවධාරණ ය කරන්නෙමි.


Tuesday, October 9, 2012

ගුණාත්මක විශ්ලේෂණය කෙටි සටහන් පෙළ 04



තනුක අම්ල සමග වයු පිට කරන ඇනායන

























පිටවන වායු

වර්ණවත් වන්නේ NO2 පමණි.
ඔක්සිකාරක ගුණ ඇත්තේ H2S හා SO2 වලට පමණි.

වැදගත්

ඝණ ලවණ වල ද්‍රාව්‍ය තාව පිළිබදව අදාල වේ.
සාන්ද්‍ර වායු සමග ද මෙලසම ක්‍රියා කරයි.




_____________________________________________________________

කතෘ අයිතිය මහේෂ් බී දහනායක සතුය.
maheshdase@gmail.com
රෑප සටහන් අවසරයකින් තොරව උපුටා නොගන්න.කතෘ අයිතිය සුරකින්න.

Monday, October 8, 2012

ගුණාත්මක විශ්ලේෂණය කෙටි සටහන් පෙළ 03



සාන්ද්‍ර H2SO4 සමග වායු පිටකරන ඇනායන.


CO දහනය කල විට නිල් පාට දැල්ලක් ලැබේ.


වැදගත්.

තනුක අම්ල සමග වායු පිටකරන ඇනායනද සාන්ද්‍ර අම්ල සමග වායු පිට කරයි.

සාන්ද්‍ර H2SO4 මගින් Br- සහ I- යන අයන ඔක්සිකරණය වුවද Cl- ඔක්සිකරණය නොවන බව.




කතෘ අයිතිය මහේෂ් බී දහනායක සතුය.
maheshdase@gmail.com
රෑප සටහන් අවසරයකින් තොරව උපුටා නොගන්න.කතෘ අයිතිය සුරකින්න.

Thursday, October 4, 2012

ගුණාත්මක විෂ්ලේෂණය කෙටි සටහන් පෙළ 02



කැටායන ( කාණ්ඩ ) විශ්ලේෂණය

ගුණාත්මක විෂ්ලේෂණය කෙටි සටහන් පෙළ 01


NH4(+) ලවණ හදුනා ගැනීම




පිටවන වායුව හදුනා ගැනීම

  • රතු ලිට්මස් නිල් පාට කරයි.
  • HCl බෝතල් මූඩියේ සුදු දුමාරය.
  • නෙස්ලර් ප්‍රතිකාරකය දුඹුරු පැහැ ගැන්වීම.

Related Posts Plugin for WordPress, Blogger...