Sri Lanka Educational Network අන්තර්ජාලයේ නැණ නුවන ‍තෝතැන්න." A/L උදව් " අධ්‍යාපනික බ්ලොග් අඩවියට ඔබව සාදරයෙන් පිලිගනිමු.Welcome to the Official blog Of AL help ®
Showing posts with label Organic short note. Show all posts
Showing posts with label Organic short note. Show all posts

Wednesday, October 31, 2012

කාබනික රසායනය 4

   බෙන්සීන් පිළිබඳ රසායනය

          කාබනික රසායන පාඩම් මාලාවේ මීළඟ ඒකකය ලෙස ඇත්තේ ඇරෝමැටික කාබනික සංයෝග පිළිබඳ අධ්‍යනය යි. රසායන විද්‍යාවේ එන ප්‍රමුඛත ම ඇරෝමැටික සංයෝගය වන්නේ බෙන්සීන් වේ.

        

          බෙන්සීන් හි රසායනය පිළිබඳ කතා කිරීමේ දී අපට "කෙකුලේ" යන නම අමතක කළ නොහැකි . කාටත් අභිරහසක් තිබූ බෙන්සීන් හි ව්‍යුහය පිළිබඳ සෑහෙන තරම් හොඳ පැහැදිලි කිරීමක් ලබා දුන්නේ මොහු විසිනි. දැනට අපි භාවිතා කරන ව්‍යුහය කෙකුලේ ගේ ව්‍යුහයේ අඩු පාඩු නිවැරදි කර සාදාගත් එකකි.

              

           බෙන්සීන් දක්වන ප්‍රතික්‍රියා බොහොමයක් ඉලෙක්ට්‍රොෆිලික ආදේශ ප්‍රතික්‍රියා වේ. මේ නිසා බෙන්සීන් වල ලාක්ෂණික ප්‍රතික්‍රියා ලෙස ඉලෙක්ට්‍රොෆිලික ආදේශ ප්‍රතික්‍රියා හදුන්වනු ලැබේ.

             

          .පො.. (උසස් පෙළ ) රසායන විද්‍යා විෂය හදාරන ඔබ මෙහි එන සමහරක් ප්‍රතික්‍රියාවල යාන්ත්‍රණයන් ගැන අවබෝධයක් ලබා ගත යුතු ය. 2012 විභාග ප්‍රශ්න පත්‍රයේ කාබනික රසායනය ප්‍රශ්නයට අතුළත් වූයේ බෙන්සීන් හි හැලජණීකරන යාන්ත්‍රන‍ය යි. බොහෝ සිසුන් මෙම ප්‍රශ්නය නිවැරදි ව කළා යයි සිතුවත් යන්ත්‍රණයේ දී බොහොමයක් අය වැරදි සිදු කර ඇති බව මට හැඟේ( ඔවුන් පවසන පරිදි ).

 

        මෙහි යාන්ත්‍රණ ගැන හොඳ අවබෝධයක් තිබීම මෙහි ප්‍රතික්‍රියා වල විෂමතා ගැන දැන ගැනීම ට ඉතා හොඳ ක්‍රමය කි. එමගින් ඔබට බෙන්සීන් හි රසායනය හොඳින් ප්‍රගුණ කිරීම ට රුකුලක් ලැබේ.

 

        පහත දැක්වෙන කෙටි සටහන මගින් ඔබට බෙන්සීන් හි ප්‍රතික්‍රියා හා බෙන්සීන් නිපදවීමේ ක්‍රම ගැන සාරංශ කර දැක්වීම ට අදහස් කළෙ මි. මෙය මගින් ඔබට රසායනික පරිවර්තන වලට හොඳ සහයෝගයක් ලබා ගත හැකි බව මාගේ විශ්වාසය යි.

 

      කෙසේ වෙතත් මෙය භාවිතා කිරීමට පළමුව නිවැරදි සිද්ධාන්ත ඔබ හමුවේ තබා ගැනීම යෝග්‍ය වේ. මක් නිසා ද යත් සිද්ධාන්ත නැති තැන සාරාංශයකින් පලක් නොවන නිසා යි. කෙසේ හෝ වේවා මෙයින් පලක් ප්‍රයෝජනයක් ගැනීම ඔබ හට බාරයි.  

             

Benzene Short Note

                                               X  =  Cl, Br

කතෘ අයිතිය රජිත රාමනායක සතු ය.
රෑප සටහන් අවසරයකින් තොරව උපුටා නොගන්න. කතෘ අයිතිය සුරකින්න.


Related Posts Plugin for WordPress, Blogger...