Sri Lanka Educational Network අන්තර්ජාලයේ නැණ නුවන ‍තෝතැන්න." A/L උදව් " අධ්‍යාපනික බ්ලොග් අඩවියට ඔබව සාදරයෙන් පිලිගනිමු.Welcome to the Official blog Of AL help ®

Tuesday, January 22, 2013

පරමාණුක වර්ණාවලි 2

පරමාණුක වර්ණාවලි 2


                                             පරමාණුක වර්ණාවලි 1  ලිපියෙන් ඔබ පරමාණුක වර්ණාවලි ගැන මූලික අවබෝධයක් ලබා ගෙන ඇතැයි මම සිතමි. මෙම ලිපිය යටතේ අපි පරමාණුක වර්ණාවලි තිවීම ගැන සහ හයිඩ්‍රජන් හි පරමාණුක වර්ණාවලිය ගැන අධ්‍යනය කරමු. 
                         
                                             1913 දී නීල්ස් බෝර්, මැක්ස් ප්ලාන්ක් හා ජොහැන්ස් රයිඩ්බර්ග් ගේ සොයාගැනිම් අනුව යමින් පරමාණුක වර්ණාවලි ඇති වීම පැහැදිලි කිරීම සඳහා නව පරමාණුක ආකෘතියක් ඉදිරිපත් කරන ලදී. එය නව පරමාණුක අකෘතියක් සේ හැදින්වූවත් එය රදර්ෆර්ඩ් ගේ පරමාණුක කෘතියේම විකරණයක් ලෙස මට හැඟේ. 

                                             සත්‍ය වශයෙන් පැවසුවොත් නීල්ස් බෝර් රදර්ෆර්ඩ් ට වඩා කරුණු කිහිපයක් සඳහන් කරයි. එවා නම්,
 
        1.  පරමාණුවක ඉලෙක්ට්‍රෝන ක්වොන්ටණීකරනය වූ නිශ්චිත ශක්ති මට්ටම් වල පවතී.එම ශක්ති මට්ටමේ සිටින තාක් එය ශක්තිය අවශෝෂණය හෝ විමෝචනය නොකරයි.
        2. ඉලෙක්ට්‍රෝනයකට ශක්තිය ලබා ගනිමින් ඉහළ ශක්ති මට්ටමකට ත් ශක්තිය පිට කරමින් පහළ ශක්ති මට්ටමකට ත් ගමන් කළ හැකිය.
        3.  ඉලෙක්ට්‍රෝන පැවතිය හැකි ශක්ති මට්ටම් වල ශක්ති අගය වැඩිවන විට එම ශක්ති මට්ටම් අතර ශක්ති පරතරය අඩු වේ.


                                            මේවා කියවූ සැණින් ඔබට නොවැටහුණි නම් එය අරුමයක් නොවේ. මන්ද මෙය ගැඹුරු සිංහල වහරක් භාවිතයෙන් ප්‍රකාශ කර ඇති නිසාය. බොහෝ අය මෙවැනි අසීරු සිංහල වදන් කට පාඩම් කිරීමට ගොසින් අමාරුවේ වැටී "පරමාණුක වර්ණාවලි නම් එපා වෙනවා. ගොඩක් පාඩම් කරන්න තියනවානෙ" යයි පවසයි. මාගේ උපදේශය නම් පාඩම් කිරීමට ප්‍රථම ඔබ පාඩම් කරන දෙය අවබෝධ කර ගත්තා නම් මෙහි පාඩම් කිරීමට ඇති දෙයක් නැති බව ඔබටම වැටහේවි
  
                                           අපි බෝර් ගේ ශක්ති මට්ටම් සංකල්පය පැහැදිලි කර ගනිමු. මුලින්ම පහත රූපයේ පරිදි ශක්ති ප්‍රස්තාරයක් ඇඳීමට සූදානම් වෙන පරිදි සිරස්ව ශක්ති(E) අක්ෂයක් ඇඳ ගනිමු.
 

 

                          

                     
                                        මෙහි e1 හා e2 යනු අනුයාත ශක්ති අගයන් 2ක් යයි ගනිමු. බෝර් සඳහන් කරන්නේ ඉලෙක්ට්‍රෝනයක් e1 හෝ e2 වැනි නිශ්චිත ශක්ති අගයක පවතින බවයි. එනම් මම මෙහි තිරස්ව ඇඳ ඇති එක් එක් ඉරක් බෝර්ගේ ශක්ති මට්ටමකි.  
                                         
                                           මෙහි එන "ක්වොන්ටීකරනය" යන වදනට ඔබ බිය විය යුතු නැත. එය මෙසේය. මැක්ස් ප්ලාන්ක් පවසන පරිදි ශක්තිය අංශු අංශු ලෙස පවතී. එම නිසා ශක්ති(E) අක්ෂයේ අනුයාත ශක්ති අගයන් දෙකක් සම්පූර්ණයෙන් වෙන් වී පවතී. එනම් මෙහි මම පෙන්වන එක ඉරක් පෙන්වන්නේ ශක්ති පරාසයක් නොව එක් ශක්ති අගයක් පමණකි. "ක්වොන්ටීකරනය වී ඇත" යන්නේ අදහස එයයි. එම නිසා ඉලෙක්ට්‍රෝනයක් මෙම ශක්ති මට්ටමක පවතින තාක් එහි ශක්තිය නොවෙනස් පවතී.
                                    
                                 
                                             ඉහත දෑ පැවසූ සැණකින් ඔබට දෙවෙනි වගන්තියේ පැවසූ දෙය වැටහෙන්නට ඇති. කරුණාකර මෙය තවත් ප්‍රස්තාරයක් ලෙස පමණක් සලකන්න. මෙහි e2 මට්ටමේ ශක්තිය > e1 මට්ටමේ ශක්තිය බව බැලූ පමණින් ඔබට සිතා ගත හැකිය. එම නිසා e1 පවතින ඉලෙක්ට්‍රෝනයක් e2 ශක්ති මට්ටමට යාමට නම් එයට ශක්තිය අවශ්‍ය වේ. එම නිසා ශක්තිය ලබාගෙන ඉලෙක්ට්‍රෝනයකට ඉහළ ශක්ති මට්ටමකට ළඟා විය හැකිය
                         එමෙන්ම එහි ඇති ශක්තියෙන් කොටසක් පිට කර පහළ ශක්ති මට්ටමකට යාමේ හැකියාවද ඉලෙක්ට්‍රෝනයට පවතී.( ප්‍රස්තාරයට අනුව සිතන්න ). 

                                 
                        ඉහත දක්වා ඇති තෙවන වගන්තිය බෝර් විසින් පවසා ඇත්තේ රයිඩ්බර්ග් සමීකරණය සලකායි. එය පැහැදිලි කිරීමට රයිඩ්බර්ග් සමීකරණය අවශ්‍ය වන නිසා එය පමණක් දත්තයක් ලෙස මතක තබා ගැනිම යෝග්‍ය වේ

   අවශෝෂණ වර්ණාවලිය ඇති වන ආකාරය පැහැදිලි කිරීම.

  

                     මැක්ස් ප්ලාන්ක් සඳහන් කරන ලද පරිදි ක්වොන්ටම් අංශු පැකැට්ටුවක ( ක්වොන්ටාවක ) ශක්තිය E නම්,

                   E= hf   වේ. මෙහි h යනු ප්ලාන්ක්ගේ නියතයයි.  h =  
6.62606957(29)×10−34    

                                      ඉහත සඳහන් කල උදාහරණයම අපි ගනිමු. ඉලෙක්ට්‍රෝනයක් විද්‍යුත් චුම්බක තරංග වල ශක්තිය ලබාගෙන e1 ශක්ති මට්ටමේ සිට e2 ශක්ති මට්ටමට ගියේ යයි සිතමු

                
             ඉලෙක්ට්‍රෝනය ලබා ගත් ශක්තිය =  e2 - e1 
           මෙය ඉලෙක්ට්‍රෝනය ලබා ගන්නේ ක්වොන්ටා එකකිනි. ඉලෙක්ට්‍රෝනය ලබා ගත් එම ක්වොන්ටාවේ සංඛ්‍යාතය f නම්, 
                  e2 -e1 = hf              
                   f   = (e2-e1) / h
         ඉලෙක්ට්‍රෝනයේ මෙම ශක්ති වැඩිවීම සඳහා සැම විටකම ශක්තිය ලබා ගන්නේ ඉහත සංඛ්‍යාතයෙන් යුතු "ක්වොන්ටා" වලින් පමණි.

                    සංයෝගයේ ඇති මෙම ඉලෙක්ට්‍රෝන මගින් මෙම සංඛ්‍යාතයෙන් යුතු ක්වොන්ටා අවශෝෂණය කරන බැවින් මෙය හරහා ගොස් පිටවී යන විද්‍යුත් චුම්බක තරංග වල මෙම සංඛ්‍යාතය දක්නට නොලැබේ. එම නිසා මෙය හරහා ගොස් පිටවී යන විද්‍යුත් චුම්බක තරංගය විභේදනය කර බැලූ විට මෙම සංඛ්‍යාතයට අදාළ වර්ණය දක්නට නොලැබෙන අතර එම වර්ණය තිබිය යුතු ස්ථානය අඳුරු පැහැයෙන් තිබේ.

     විමෝචනය වර්ණාවලිය ඇති වන ආකාරය පැහැදිලි කිරීම.

                               
                                 දැන් අපි e2 ශක්ති මට්ටමේ ඇති ඉලෙක්ට්‍රෝනයක් ශක්තිය පිටකර e1 ශක්ති මට්ටමට ගියේ යයි සිතමු.
 

                    
                      ඉලෙක්ට්‍රෝනය පිට කල ශක්තිය = e2-e1 
                      මෙය ඉලෙක්ට්‍රෝනය පිට කරන්නේ ක්වොන්ටා එකකිනි. ඉලෙක්ට්‍රෝනය පිට කල එම ක්වොන්ටාවේ සංඛ්‍යාතය f නම්, 
                  e2 -e1 = hf              
                   f   = (e2-e1) / h
         ඉලෙක්ට්‍රෝනයේ මෙම ශක්ති වැඩිවීම සඳහා සැම විටකම පිට කරන්නේ ඉහත සංඛ්‍යාතයෙන් යුතු "ක්වොන්ටා" වලින් පමණි.

                    සංයෝගයේ ඇති මෙම ඉලෙක්ට්‍රෝන මගින් මෙම සංඛ්‍යාතයෙන් යුතු ක්වොන්ටා විමෝචනය කරන බැවින් මෙයින් පිට කරන විද්‍යුත් චුම්බක තරංග වල මෙම සංඛ්‍යාතය දක්නට ලැබේ. එම නිසා මෙයින් පිට කරන විද්‍යුත් චුම්බක තරංගය විභේදනය කර බැලූ විට මෙම සංඛ්‍යාතයට අදාළ වර්ණය දක්නට ලැබේ. ( විමෝචන වර්ණාවලි ගැන පරමාණුක වර්ණාවලි 1 ලිපියෙහි අඩංගු කරුණු සලකන්න. )


   හයිඩ්‍රජන් වර්ණාවලිය ගැන අධ්‍යනය

             හයිඩ්‍රජන් පරමාණුවේ ඇති ප්‍රධාන ශක්ති මට්ටම් n1, n2, n3, .... ලෙසද, එම ශක්ති මට්ටම් වල ශක්තිය e1, e2, e3, ....  ලෙසද ලකුණු කර ගනිමු.


හයිඩ්‍රජන් වල අවශෝෂණ වර්ණාවලියට අදාල ඉලෙක්ට්‍රොනික සංක්‍රමණ

          හයිඩ්‍රජන් වල අවශෝෂණ වර්ණාවලිය පහත දැක්වේ.
    

            මෙය ඇති වන්නේ n2 ශක්ති මට්ටමේ ඇති ඉලෙක්ට්‍රෝන තමන් හරහා යන විද්‍යුත් චුම්බක තරංග වලින් ශක්තිය ලබාගෙන ඉහළ ශක්ති මට්ටම් වලට යාමෙනි.
      
          
    

හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලියට අදාල ඉලෙක්ට්‍රොනික සංක්‍රමණ

             හයිඩ්‍රජන් වල විමෝචන වර්ණාවලිය පහත දැක්වේ.


    

                    හයිඩ්‍රජන් වායුවට රත් කර හෝ පුළිඟු පැන්නවීමෙන් ලබා දෙන ශක්තිය හේතුවෙන් එහි H පරමාණුවල භූමිගත අවස්ථාවේ පවතින ඉලෙක්ට්‍රෝන ඉහළ ශක්ති මට්ටම් වලට යයි. නමුත් එය අස්ථායී තත්වයක් නිසා එම ඉලෙක්ට්‍රෝන නැවත පහළ ඇති ශක්ති මට්ටම් වලට පැමිණේ. මෙසේ ඉහළ ශක්ති මට්ටම් වල සිට n2 ශක්ති මට්ටමට පැමිණෙන ඉලෙක්ට්‍රෝන නිසා මෙම විමෝචන වර්ණාවලිය සෑදේ.
 


    

     

   හයිඩ්‍රජන් සමස්ත වර්ණාවලිය

 හයිඩ්‍රජන් හි සමස්ත වර්ණාවලියේ අපට වැදගත් වන ශ්‍රේණි 4ක් පවතී.

     1.  ලැයිමාන් ශ්‍රේණිය
     2.  බාමර් ශ්‍රේණිය
     3.  පාශන් ශ්‍රේණිය
     4.  බ්‍රැකට් ශ්‍රේණිය

               හයිඩ්‍රජන් වල සමස්ත වර්ණාවලිය පහත පරිදි වේ.



                  මෙහි දෘශ්‍ය කලාපයට ඇතුළත් වන්නේ බාමර් ශ්‍රේණිය පමණි. එම නිසා අපට පියවි ඇසට පෙනෙන හයිඩ්‍රජන් වර්ණාවලිය ඉහත කොටසේ සාකච්ඡා කල වර්ණාවලිය වේ.

           
මෙය ඇති වන ආකාරය අපි විමෝචන වර්ණාවලියකින් පැහැදිලි කර ගනිමු.


      
              මෙහි ඔබ දැන ගත යුතු විශේෂ කරුණු කිහිපයකි.

                    මැක්ස් ප්ලාන්ක් ට අනුව E = hf නිසා වැඩිම සංඛ්‍යාතයක් සහිත තරංගයට අදාළ ක්වොන්ටා නිකුත් කරන්නේ වැඩිම ශක්ති වෙනසක් සහිතව ශක්ති මට්ටම් අතර හුවමාරු වන ඉලෙක්ට්‍රෝනයයි. එසේ වැඩිම ශක්ති අන්තරයක් ත්තේ පළමුවෙනි ශක්ති මට්ටම හා අනන්තය වැනි ශක්ති මට්ටම අතරයි.   

                         එම නිසා හයිඩ්‍රජන් වර්ණාවලියේ වැඩිම සංඛ්‍යාතය ඇති රේඛාව වන්නේ ලයිමාන් ශ්‍රේණියේ අනන්තය වැනි ශක්ති මට්ටමේ සිට පළමුවෙනි ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝනය චලනය වීම නිසා ඇති වන රේඛාවයි. 
             f    1/තරංග ආයාමය   නිසා අවම තරංග ආයාමය ඇත්තේ ද මෙම රේඛාවටම වේ. 




කතෘ අයිතිය රජිත රාමනායක සතු ය.

රෑප සටහන් අවසරයකින් තොරව උපුටා නොගන්න. කතෘ අයිතිය සුරකින්න.



Sunday, January 6, 2013

පරමාණුක වර්ණාවලි 1

පරමාණුක වර්ණාවලි (1)

          බොහොමයක් සිසුන්ට ( මමද ඇතුළුව ) රසායන විද්‍යාවේ අසීරු යැයි පවසන කොටසක් වන්නේ වර්ණාවලි පිළිබඳ අධ්‍යනයයි. මේ නිසා පරමාණුක වර්ණාවලි පිළිබඳව ලිපියක් ලිවීමට මම අදහස් කළෙමි.

                    පරමාණුක වර්ණාවලි ගැන කතා කිරීමට කලින් අපි ක්වොන්ටම් වාදය ගැන දැන ගැනීම වැදගත් යයි මට හැඟේ.   
      
                  විසි වන සියවස මුල් භාගයේදී පෘථිවියේ විද්‍යාඥයන්ට එතෙක් තිබූ දැනුමෙන් විසදා ගැනිමට නොහැකිව තිබූ ගැටලු 2ක් පැවතිණි
                   1.  ප්‍රකාශ විද්‍යුත් ආචරණය
                   2.  පරමාණුක වර්ණාවලි
                                            මැක්ස් ප්ලාන්ක් ඉදිරිපත් කළ ක්වොන්ටම් වාදයෙන් මෙ ගැටලු සඳහා හොඳ පිළිතුරු ලැබිණි. 

                   1873 දී ජේම්ස් ක්ලාර්ක් මැක්ස්වෙල් දෘශ්‍ය ආලෝකය විද්‍යුත් චුම්බක තරංග වලින් සමන්විත බවට යෝජනා කළේය. එමෙන්ම රූපවාහිනී, ගුවන් විදුලි තරංග, ක්ෂුද්‍ර තරංග, අධෝරක්ත කිරණ, පාරජම්බුල කිරණ, x කිරණ, ගැමා කිරණ ලෙසද මේවා වර්ග කළ හැකිය.

                     
                  ඉහත දැක්වෙන්නේ විද්‍යුත් චුම්බක තරංග, සංඛ්‍යාතය අනුව විභේදනය කර දක්වා ඇති සටහනකි. ඉහත ලෙස ඇති සටහන් වර්ණාවලි ලෙස හදුන්වනු ලැබේ. ඒ අනුව ඉහත දක්වා ඇත්තේ විද්‍යුත් චුම්බක වර්ණාවලියයි.

                  20 වැනි සියවස ආරම්භය වන තෙක්ම විකිරණය ගැන පැහැදිලි කිරීමට තිබූ එකම සංකල්පය මැක්ස්වෙල් ගේ විද්‍යුත් චුම්බක තරංග වාදයයි. නමුත් මෙය සඳහා මැක්ස් ප්ලාන්ක් අලුත්ම අදහසක් ගෙනෙන ලදී.  
                  
                  "ශක්තිය විකිරණය වන්නේ ශක්ති අංශු වශයෙනි."

                  "
ක්වොන්ටම් යනු විකිරණය වන ශක්තියට පැවතිය හැකි කුඩාම අගය වන අතර වෙනත් ඕනෑම ශක්ති ප්‍රමාණයක් එහි පූර්ණ සංඛ්‍යාත්මක ගුනාකාරයකි
."

                 ක්වොන්ටම් අංශු "ෆෝටෝන" ලෙස ද හදුන්වනු ලැබේ.

                 දැන් පරමාණුක වර්ණාවලි ගැන විමසමු.  
           
                 පරමාණු අවශෝෂණය හෝ විමෝචනය කරන විද්‍යුත් චුම්බක තරංග හඳුනා ගැනීමේ අරමුණෙන් සකස් කරන වර්ණාවලියක් පරමාණුක වර්ණාවලියක් වේ.

පරමාණුක වර්ණාවලි කොටස් 2කි.
   1. අවශෝෂණ වර්ණාවලි
   2. විමෝචන වර්ණාවලි

             මූලද්‍රව්‍ය අවශෝෂණය කරන විද්‍යුත් චුම්බක තරංග හඳුනා ගැනීමට යොදාගන්නා වර්ණාවලි අවශෝෂණ වර්ණාවලි වේ.

  
              
         මූලද්‍රව්‍ය විමෝචනය කරන විද්‍යුත් චුම්බක තරංග හඳුනා ගැනීමට යොදාගන්නා වර්ණාවලි විමෝචනය වර්ණාවලි වේ.
 

         


               මෙයින් ඔබට අවශෝෂණ හා විමෝචන වර්ණාවළි අතර වෙනස පැහැදිළි කර ගත හැකිය. ඉහල දැක්වෙන්නේ අවශෝෂණ වර්ණාවලියක් වන අතර පහලින් විමෝචන වර්ණාවලියක් දැක්වේ.

    
                    
                 
              මූලික වශයෙන් පරමාණුක වර්ණාවලියක ගති ලක්ෂණ මෙසේය.

1. පරමාණුක වර්ණාවලි ( අවශෝෂණ  හා විමෝචන ) අසංතතිකය.  
2. අවශෝෂණ  වර්ණාවලියක පසුබිම වර්ණවත් වන අතර අවශෝෂණය වූ සංඛ්‍යාතයන් අඳුරු රේඛා වලින් පෙනේ.
3. විමෝචන  වර්ණාවලියක පසුබිම අඳුරු වන අතර විමෝචනය වූ සංඛ්‍යාතයන් වර්ණවත් රේඛා වලින් පෙනේ.
4. එකම මූලද්‍රව්‍යයේ අවශෝෂණ වර්ණාවලිය හා විමොචන වර්ණාවලිය සමපාත කළ විට සන්තතික වර්ණාවලියක් ලැබේ.  
  
5. යම් මූලද්‍රව්‍යක් සාදන අවශෝෂණ හා විමෝචන වර්ණාවලි එම මූලද්‍රව්‍ය සඳහා අනන්‍ය වේ.           
                 

කතෘ අයිතිය රජිත රාමනායක සතු ය.
රෑප සටහන් අවසරයකින් තොරව උපුටා නොගන්න. කතෘ අයිතිය සුරකින්න.

                               

Friday, December 28, 2012

කොච්චර ලිව්වත් ලකුණු නැද්ද??


"විභාගේ විභාගේ
එහෙ බැලුවත් විභාගේ
මෙහේ බැලුවත් විභාගේ
විභාගේ තමා අපේ අභාගේ"


අපිට මෙවර ලැබිලා තියනවා විභාගය ජය ගන්නා පොඩි මැජික් පොත් පිංචක්
ලකුණු ඉක්මනින් ‍රැස් කරලා විභාගය ජයගන්න
හැමදේම සල්ලි වලට දෙන කාලේ අපි නොමිලේම අධ්‍යාපන දුන්නා එහෙනම් මෙන්න බාගත කරගන්න නොමිලේ පොතක්ම.





කතෘ අයිතිය සුරකින්න.
Anjana Malagala
(Probationary lecturer of the department of chemical and process engineering)



Sunday, December 23, 2012

මිනිස් හෘර්දයේ මූලික ව්‍යුහය හා ක්‍රියා කාරිත්වය



*හෘර්දයේ ක්‍රියාකාරී යාන්ත්‍රනය දක්වා උසස් පෙළ ජීව විද්‍යා පාඩමට අඩංගු සියලුම ලක්ෂ අඩංගු කොට මේ ලිපි පෙළ ඔබ වෙත ගෙන ඒ,මෙය  හෘර්දය පිලිබදව හදාරන ඕනෑම අයකුගේ දැණුම පුලුල් පරාසයක් ගෙනයන ලිපියක් වන් නොවනු මානයි.

පිහිටීම
උරස් කුහරයේ,පෙනහළු අතර අවකාශයේ එනම්  මධ්‍ය බන්ධන ප්‍රදේශයේ,දේහයේ මධ්‍ය රේඛාවෙන් වම් පසට බරව ,අන්නස්‍රෝතයට හා ස්වාස නාලයට පූර්ව,මහා ප්‍රාචීරයට උත්තරව,උර තලයට හා පර්ශුවලට පුර්ව කොටසට අපරව පිහිටයි.
(පස්වන අන්තර් පර්ශුක අවකාශ තලයේ)

පිහිටීම
කේතු හැඩති කුහරමය අවයවයකි.
උදරීයව පිහිටන කුහරමය ව්‍යුහයකි.
හෘත් පර්යාවරණය නම් තූනී ආවරණය තුල පිහිටයි.
අතිශයෙන් පෙශිමය වේ.(දිග 12 cm පමණ වේ)/මිට මෙළවූ අත්ලක ප්‍රමාණයට සමාන වේ.
හෘත් බිත්තිය ගණකම්ය.
ප්‍රධාන පටක ස්ථර 3කි.

01.එපිකාඩියම(පෙරිකාඩියම/හෘත් පරියාවරණය)
බාහිරින්ම පිහිටයි.
තුනී පාරදුශ්‍ය තරලයකි.
සම්බන්දක පටක හා පැතලි අපිච්චද ඇත.
කෘත්‍ය-හෘදය වැඩිපුර ඇදීම වැලැක්වීම.
02.මයෝකාඩියම
මධයේ පිහිටන ගණකම අධික ස්ථරයකි.
හෘත් පේශියෙන් සෑදී ඇත.
03.එන්ඩොකාඩියම
ඇතුලතින් පිහිටන තුනී පටලයයි.
පැතලි අපිච්චද සෛල ඇත.-ඛණ්ඩ විචිත්‍ර සරල ශල්කමය අපිච්චදය.
(දාරය ‍රැලි සහිතයි.)
කහපාට පට්ටිකා සෑදීමට දායක වේ.

හෘත් අභ්‍යන්තරය කුරීර 4කින් සමන්විතය.

01.හෘත් කර්ණිකා.-2
02.හෘත් කෝශිකා-2

ඉහලින් ඇත්තේ හෘත් කර්ණිකාය.ඒවායේ බිත්ති තුනීය.
පහලින්ම ඇත්තේ හ්‍ටුත් කෝෂිකාය ඒවායේ බිත්ති සාපේක්ෂව ඝණකම්ය.
හේතුව-හෘත් කර්ණිකා වල කෘත්‍ය වන්නේ හෘත් කෝෂිකා වලට රුධිරය පොම්ප කිරීමය.ඒ සදහා ජනනය කල යුතු පීඩනය/බලය සාපේක්ෂව අඩුය.නමුත් හෘත්  කෝෂිකා වල් අ කෘත්‍ය වන්නේ පෙනහළු හා දේහය පුරා රුධිරය පොම්ප කිරීමය.ඒ සඳහා ජනනය කල යුතු පීඩනය සාපේක්ෂව අධිකය.
එයිනුත් වම් හෘත්  කොෂිකාවල බිත්තියේ ඝණකම අධිකය.
හේතුව-දකුණු හෘත් කෝෂිකාවේ කාර්යය  පෙනහළු කරා  රුධිරය පොම්ප කිරීමය.ඒ සඳහා ජනනය කලු යුතු ශක්තිය සාපේක්ෂව අඩුය.නමුත් වම් කෝෂිකාවෙන්  මුළු දේහය පුරාම රුධිරය පොම්ප කල යුතුය.ඒ සඳහා ජනනය කල යුතු පිඩනය/බලය සාපෙක්ෂව අධිකය.
හෘර්දයේ දකුණු භාගය හා වම් භාගය වෙන් වෙන්නේ ආවාරයක් මගිනි.
එය හෘත් කෝෂිකා ප්‍රදේශයේ දී ගණකම්ය"අන්තර් කෝෂික  ආවාරය" නම් වේ.
හෘර්දයේ දකුණු අර්ධයේ හා වම් අර්ධයේ හෘත්  කර්ණිකාවක්  හා කෝෂිකාවක් බැගින් ඇත.
එක් හෘත් කර්ණිකාවක් හා ඒක් හෘත් කෝෂිකාවක් අතර ක්ර්ණික කෝෂික කපාටයක් ඇත.
කෘත්‍යය-හෘත් කෝෂිකාවක ඇති රුධිරය ආපසු හෘත් කර්නිකාවට ගැලීම වලක්වා එක් දිශාවකට පමණක් ගලා යාමට සැලැස්වීම.
මෙවැනි කපාට දෙකකි.

01.දකුණු කර්ණික කෝෂික කපාටය/ත්‍රිතුණ්ඩ කපාටය
පියන් තුනකි
දකුණු හෘත් කර්ණිකාව හා දකුණු හෘත් කොෂිකාව අතර පිහිටයි.

02.වම් කර්ණික කෝෂික කපාටය/ද්විතුණ්ඩ කපාටය/මයිට්‍රල් කපාටය.
පියන් දෙකකි.
වම් හෘත් කර්ණිකාව හා වව් හෘත් කොෂිකාව අතර පිහිටයි.
 කර්ණික කෝෂික කපාට වලින් අපර දෙසින් හෘත් රජ්ජු/තන්තු රජ්ජු නම් ‍රැහැන් බැදි ඇත.
කෘත්‍යය-කපාට කනපිට පෙරලීම වැලැක්වීම.
මේවා,හෘත් කෝෂික වල බිත්තියෙන් පැන නගින"පිටිකා පේශි"නම් හැඩති නෙරුම් වලට සම්බන්ද වී ඇත.
මීට අමතරව හෘර්දය තුල වෙනත් කපාට ද ඇත.



01.පුෂ්පුෂ කපාටය
දකුණු හෘත් කෝශිකාවෙන්,පුෂ්පුශීය ධමනිය ඇරඹෙන විවරය ආවරණය කරමින් පිහිටයි.
 අඩසඳ වර්ගයේ කපාට තුනකි.
කෘත්‍යය-පුෂ්පුශීය ධමනියේ ඇති රුධිරය නැවත ආපසු දකුණු හෘත් කෝෂිකාවට පැමිණීම වැලැක්වීම.





02.මහා ධමනි කපාටය./ධමනි කපාටය
වම් හෘත් කෝෂිකාවෙන් මහා ධමනිය ඇරඹෙන ස්ථානය ආවරණය කරමින් පිහිටයි.
අඩසඳ කපාට තුනකි.
කෘත්‍යය-මහා ධමණියේඇති රුධිරය ආපසු වම් හෘත් කෝෂිකාවට  පැමිණීම වැලැක් වීමට.
මෙම කපාට සියල්ල එකම තලයේ පිහිටයි.



දකුණු හෘත් කෝෂිකාවෙන් පුෂ්පුශීය මහා  ධමනිය ඇරඹේ.
වම් හෘත් කෝෂිකාවෙන් සංස්ථානික මහා ධමනිය ඇරඹේ.
දකුණු හෘත් කර්ණිකාවේ විවර 2කි ඒවා තුලින් පූරව මහා ශිරාව හා අධර මහා ශිරාව විවෘත වේ.
වම් හෘත් කර්ණිකාවට විවර 4කි.
ඒවා තුලින් පුෂ්පුශීය ශිරා 4ක් සම්බන්ධ වේ.
හෘත් පේශිය පුරා ශාඛනය වෙමින්  ගමන් කරණ වම් හා දකුණු කිරීටක ධමනි යුගලක් ද ඇත.



----------------------------------------------------------

තවත් හෘදය සම්බන්ද පාඩමකින් මුනගැසෙමු.
නිර්මාණය හා කතෘ අයිතිය මහේෂ් බී දහනායක සතුය.කරුණාකර කතෘ අයිතිය සුරකින්න.
maheshdase@gmail.com
http://maheshslife-multiaxial.blogspot.com/


Thursday, November 1, 2012

ව්‍යවහාරික ගණිතය සටහන් නිවැරදිව අදිමු | Let's draw applied maths diagrams correctly

ව්‍යවහාරික ගණිතයේදි ඉතාම වැදගත් දෙයක් තමයි සටහන් කියන එක. ඒකට ප්‍රධාන හේතුව තමයි අපි ව්‍යවහාරික ගණිතයේදි යම් සටහනක් ඇදලා තමයි ඒ ඔස්සේ ගණන් හදන්නෙ. ගොඩක් ළමයි සහ ඇතැම් ගුරුවරු පවා මේ සටහන් අදිද්දි වැරදි ගොඩක් කරනවා. විභාගෙදි හරි සටහනක් ඇන්දාම ඒක පරීක්ෂකවරයාට බලාගන්න පහසුයි වගේම හිත දිනාගන්න පහසුයි. සටහනක් නිවැරදි වෙන තරමට අපිට ඒ දේ බලන්නත් ගොඩක් පහසුයි. එයිනි අපිට නිවැරදිව ගාන තේරුම්ගන්න එකත් පහසු කරනවා. කතා ඇති වැඩට බහිමු.

1. බලයන් සහ සම්ප්‍රයුක්ත බලයන් දැක්වීම

(1) රූපයේ තමයි නැවැරදිම බල වල සම්ප්‍රයුක්තය දක්වලා තියෙන්නෙ. අපිට කම්මැලි වෙලාවක (2) රූපයේ ක්‍රමෙත් නරකම නෑ. ඒත් වඩා නිවැරදි එක තමයි පළවෙනි එක. ඒකෙ තේරුමක් තියනවා. ඒක තමයි බලයන් දෙක පළමුවෙන් සහ ඒ දෙක වෙනුවට යෙදිය හැකි බලය දෙවනුවට. සමහරු ඔය ඔක්කොම එකතැන අදින්න ගිහින් නිකන් බල 3ක් ක්‍රියාකරනවා වගේ පේන්නෙ. උත්තර පත්‍ර පරීක්ෂණයේදී ඒක අවාසියක් වෙන්න පුළුවන්.

2. සුමට අර්ධගෝලීය (ගැටිය තිරස්ව සවි කර ඇති) පාත්‍ර සම්බන්ධ ගැටළු

සාමාන්‍යයෙන් මේ වගේ රූපයක් අදිද්දි සම්පූර්ණ රේඛා අදින්නෙ අර්ධගෝලයේ දාරය, දණ්ඩ සහ බල දක්වන්න විතරයි. ඒකට හේතුව තමයි දණ්ඩ සහ පාත්‍රය කියන දෙක තමයි ද්‍රව්‍ය වලින් හැදිලා තියෙන්නෙ. බල තමයි අපේ ගණන හදන්න උවමනා වෙන්නෙ. අනිත් ඒවා තිත් ඉරි වලින් තමයි දක්වන්නෙ. බල 3 ඒකලක්ෂ වෙන එක නිරූපනය වෙන්න දික් කරත් කමක් නෑ. ඒත් සටහන අමුතුයි එහෙම කරාම.‍ වැදගත් දෙයක්, මේකෙ දණ්ඩේ බර යටට දික් කරලා, පාත්‍රයේ ඇතුලේ ගැටිලා තියන දණ්ඩේ අග ඉදන් තිරස් රේඛාවක් ඇන්දාම ඒක අර්ධගෝලයේ අනික් ගැට්ටෙ පිහිටන ලක්ෂයකදී හම්බු වෙනවා. ඒ කාරණාව යොදාගෙන ගොඩක් ගැටළු හදන්න පුළුවං.

3. දුරවල් ළකුණු කිරීම
මෙන්න මේ රූපෙ පෙන්නලා තියෙන්නෙ දුරවල් පෙන්නන්න පුළුවං එකට හොද උදාහරණයක්. මේක ලීපටියක් නම්, රතු පාටින් පේන්න තියෙන්නෙ පුංචි අංශුවක් නම්. d අකුරෙන් පෙන්නන්නෙ ස්ථාවර දුරක්.  හොදට බලන්න ඒක දක්වලා තියන විදිහ. ඒ තමයි නියම ආකාරය දුරක් දක්වන්න. ඊතලය සහ ඊතලයෙ කෙළවරේ ඇදපු ඉරෙන් පෙන්නනවා ඒ දුර එතනට එනකන් නිශ්චිතයි කියලා.

ගොඩක් ගනං වල දෙනවා නෙ (සමතුලිතතාවය සම්බන්ධ) ඔය මොකක් හරි සමතුලිත පද්ධතියක තියන ලෑල්ලක් උඩින් කොච්චරක් හරි බර අංශුවක් ගමන් කරනවා වගේ ඒවා. එතනදි අපිට බැහැ ඒ අංශුව ස්ථාවර ලක්ෂයක තියලා ගණන හදන්න. මොකද කියනවා නම්, ඒ අංශුව ස්ථාවර ලක්ෂයක නොවන, විචල්‍ය පථයක ගමන් කරන නිසා‍. එතනදී තමයි දෙවනි ආකාරය යොදාගන්න වෙන්නෙ. ඒකෙදි එක කොණක ඊතල හිසකුත්, අනෙක්‍ කොනේ ඉරිකෑල්ලකුත් තියනවා. ඒකෙන් විස්තර වෙන්නෙ ස්ථාවර ආරම්භක ලක්ෂයක ඉදන් වස්තුවක් පිහිටන්න පුළුවන් දුර. මේකෙදි තව වැදගත් කාරණාවක් තමයි අපි පෙන්නන දුර, මේකෙදිනම් X විචල්‍යයක් වීම. එතනදි අපි විචල්‍යයේ පරාසය දැක්වීම අනිවාර්යයයි. මේකෙදි නම් ලීකුට්ටියේ ප්‍රදේශයේ පමණක් අංශුව තියනවා නම්, ලී කුට්ටියේ දිග d බව දන්න නිසා, පරාසය 0<x<d කියලා ලියන්න පුළුවන්. මේ විචල්‍ය දුර දැක්වීමේ සිද්ධාන්ත ඉතා නිවැරදිව අවශ්‍ය වෙන්නෙ,
1. සමතුලිතතාවය
2. ගුරුත්ව කේන්ද්‍රය. (ඇත්තෙන්ම කියනවා නම් ස්කන්ධ කේන්ද්‍රය)
3. සරළ අනුවර්තී චලිතය
කියන පාඩම් වලදී තමයි. දැන් බලමු උදාහරණ ටිකක්.

* ස්ථාවර දුරක් පෙන්වීම


* විචල්‍ය දුරක් පෙන්වීම
ඇත්තෙන්ම කියනවා නම් දැන් දැන් මේ නිවැරදි සිද්ධාන්ත ළමයින්ගෙන් වගේම ගුරුවරුන්ගෙනුත් ගිලිහිලා යනවා. ඒත් කොහොම හරි නිවැරදි ව්‍යවහාරික ගණිතය රැදිලා තියෙන්නෙ නිවැරදි සිද්ධාන්ත මත. ඒ විදිහට ගියොත් කිසි කෙනෙක්ට වරදින්නෑ. කණගාටුවට කරුණක් තියනවා. 2011 වසරෙ marking scheme එකේවත් නිවැරදි අංකනය යටතේ රූපසටහන ඇදලා තිබුනෙ නෑ ගුරුත්ව කේන්ද්‍රය ගානෙ. ඒත් අපි හරියට ඉගෙනගමු. 
Related Posts Plugin for WordPress, Blogger...