Sri Lanka Educational Network අන්තර්ජාලයේ නැණ නුවන ‍තෝතැන්න." A/L උදව් " අධ්‍යාපනික බ්ලොග් අඩවියට ඔබව සාදරයෙන් පිලිගනිමු.Welcome to the Official blog Of AL help ®

Tuesday, September 25, 2012

ඔබෙන් රටේ අධ්‍යාපනයට


මේ රටේ අනාගතය උදෙසාය!
ඇරඹුම් කිහිපයක ප්‍රතිඵලයක් ලෙස ශිෂ්‍ය පරපුරට සිංහල භාෂාවෙන් අධ්‍යාපනය  සයිබර් අවකාෂයේ  හුදු සංකල්පයක් පමණක් නොවී එය සැබෑ ලෙසම අත් විදින්නට හැකියාව ලබා දීම අරමුණින් ෆේස්බුකියේ නැණ නුවන ‍තෝතැන්න ලෙස ආරම්භ වූ A/L උදව් ෆෙස්බුකියේ උපකාරක සමුහයක් ලෙස පැවත ඉන් නොනවැතී අධ්‍යාපන සංකල්ප උදෙසා මෙසේ අප බ්ලොග් අඩවියක් ආරම්භ කරන ලදී.

ඔබට මේ පිළිබදව වැඩිදුර තොරතුරු දැන ගැනීමට අවශ්‍ය නම් අපගේ   පරිශීලක අත්පොත කියවන්න.

ජාතික අධ්‍යාපනයට ඔබට සහය විය හැක්කේ කෙසේ ද?


එක වසරේන් පාසල් අධ්‍යාපනයට යොමුවෙන දරුවා උසස් පෙළ නිමකොට විශ්ව විද්‍යාල අධයාපනය දක්වා.විවිධ අරමුණු පදනම් කොට විෂයන් සිය ගනනක් හදාරයි ඔබටත් හැකිනම් මේ එක් විෂය කරුණක් සාමාන්‍ය දැනීම කරුණක් පරිගණක විද්‍යාව,තාරකා විද්‍යාව , නව නිපයුම් විෂ්‍යානුබද්ධ ඕනෑම  කරුණක් පිලිබදව ඔබ දන්නා කරුණු  අකුරු කර ඔබගේ අයිතිය සුරකිමින් මෙම අඩවියේ පල කිරීමට දැන් ඔබට අවස්ථාව උදා වී තිබේ.ඔබගේ මේ කටයුත්ත හුදු ලිපියක්ම නොවී එය ජාතික අධ්‍යාපනයේ පුරුකක් වීම නොවන්නේ ද?ඔබට ජාතික අධ්‍යාපනයට එලස සහභාගීවිය හැක.


ඔබගේ ලිපි ප්‍රසිද්ධ කිරීම



ඔබගේ ලිපි අපගේ විද්‍යුත් (ඊ-තැපැලට ) යොමුකල යුතු වන අතර ඒවා පසු පිරික්සුමකින් පසු දින 5ක් ඇතුලත ප්‍රසිද්ධ කෙරේ.
ඔබගේ ලිපිය සමග ඔබගේ විස්ථරද අප වෙත යොමුකල යුතුය. (උදා-පාසල හෝ තනතුර,නම සහ ඔබ කැමති වෙනත් විස්ථරද පාඨකයාට ඔබව සම්බන්ද කර ගත හැකි ආකාරයට ඊ ලිපිනය හෝ දුරකථන අංකය.
වෙනත් ලේඛකයකුගේ ලිපියක් ඔබ අප වෙත යොමු කරන්නේ නම් කතෘ අයිතිය සුරකිමින් එහි උපුටා ගැනීම සදහන් කරන්න.)
ඔබට හැකි උපරිමයෙන් ගුණාත්මක ලිපි ලිවීමට අවධානය යොමු කරන්න.ඔබගේ ලිපිවල ගුණාත්මක බව දිගින් දිගටම සලකා බලා කෙලින්ම ඔබට ලිපි පලකිරීමේ අවස්ථාවද අප සලකනු ඇත.

ඔබට ලිපි යොමුකල හැකි විද්‍යුත් ලිපින

මහේෂ් -maheshdase @ gmail [dot] com | maheshdase@gmail.com

ළහිරු- lahiru@lahirusblog.com

ලිපි ලිවීමේදී අවධානයට

  • සිංහල හෝ ඉංග්‍රීසි භාෂාවෙන් ලිවිය හැකි අතර (සිංහල භාෂාවෙන් ලියන්නේ නම් අගය කරන් අතර සිංහල ප්‍රචලිත කිරීම අපගේ අරමුණක් වන නිසා) සිංහලෙන් ලියන්නේනම් සිංහල යුනිකොඩ් අනිවාර්යය වේ. හැකි පමණ පාරිභාෂික වචන භාවිතා කළ යුතුයි. සුදුසු පරිදි අඳාළ ඉංග්‍රීසි වචනය වරහන් තුළ යෙදිය හැක.
  • ඔබ කැමති ආකාරයකට වචන ප්‍රමාණයක් භාවිතා කල හැකි අතර ලිපිය ඉතා දිගුවේනම් එය කොටස් වශයෙන් පලකරන්නෙමු.
  • ඔබ ලිපිය සදහා පින්තූර භාවිතා කරන්නේ නම් ඒ පිලිබදව කතෘ විසින් වගකීම දැරිය යුතුය.
  • ලිපි ලිවීමේදී සුදුසු පරිදි ව්‍යවහාරික භාෂාවෙන් ලිවිය යුතුයි. ලිඛිත භාෂාවෙන්ද ලිවිය හැක. ලිඛිත භාෂාවේ ලියන්නේනම් හැකි තරම් ව්‍යාකරණ පිළිපැදිය යුතුයි.  කුමන ආකතාරයට ලිවූවද අක්ෂර වින්‍යාසය හැකි තරම් නිවැරදි විය යුතුයි. සිංහල බසින් ලියන ලද ලිපි වල අක්ෂර වින්‍යාසය  www.subasa.lk වෙබ් අඩවිය මඟින් පහසුවෙන් නිවැරදි කරගත හැක.

ස්තූතියි!

ලේඛන ගත කිරීම,
Administrator
WWW..alhelp.tk


A/L උදවු - aludhu @ gmail [dot] com | aludhu@gmail.com


No comments:

Post a Comment

එකතු කරන්න ඔබේ අදහස්.

Related Posts Plugin for WordPress, Blogger...