Sri Lanka Educational Network අන්තර්ජාලයේ නැණ නුවන ‍තෝතැන්න." A/L උදව් " අධ්‍යාපනික බ්ලොග් අඩවියට ඔබව සාදරයෙන් පිලිගනිමු.Welcome to the Official blog Of AL help ®

Sunday, September 23, 2012

෴ෆේස්බුකියේ නැණ නුවන ‍තෝතැන්න෴ User’s Manual | යූසර් මැනුවල්


                                     ෆේස්බුකියේ නැණ නුවන ‍තෝතැන්න 

       ෴ ආයුබෝවන් ෆේස්බුකියේ ෆේස්බුකියේ නැණ නුවන ‍තෝතැන්නට සාදරයෙන් පිළිගනිමු ෴ 


අධ්‍යන පොදු සහතික පත්‍ර(උසස් පෙළ)විභාගය |General Certificate Of Education   ( Adv. Level ) Examination


 User’s Manual


                දරුව! 
       "විපිළිසර ලෝ කුසෙහි
පෑ ඉර එළිය යට දිවා සරනයකු ලෙස 
   පෑ සද එළිය යට නිශාචරයෙකු විලස 
     සදිසි මාවත කවරෙ දැයි 
   සදිසි ගමන් සගයා කවුරුදැයි 
        සොයා ගනු පිණිස 
     අතිතය යොමා දෙනුවන් 
පය ගසා සිටින මහ පොලොව ගැන 
      හරි හටි දැන හැදින 
    මතු දවසට ඔබින ලෙස 
    අකුරු කළ යුතු සැම..... 
    තක්ෂිලාවේ දිසාපාමොක් 
        දෙසු එ ඔවදන 
         සිහිගනු නිරතුරු 
         දුහුන! නුඹවත්...." 

නීති පද්ධතියක් ලෙස නොව A/L උදව් සමුහයේ වටිනාකම තවත් වැඩි කිරීම පිණිස සමුහයේ සාමාජිකයන්ගේ ප්‍රයෝජනය සදහා ප්‍රකාශයට පත්කර ඇත.
  
A/L උදව් යූසර් මැනුවල්


1.මොකක්ද . A/L උදව්
2.A/L උදව් සමුහය සුදුසු කාටද
3. සාමාජිකයින් බඳවා ගැනීම
4. Wall Posts
5. Questions
6. Photos
7. Links
8. Video
9. Docs
10. Comment කිරීම
11. Events
12. Search කිරීම
13. Notofications
14. පල කළ දෑ ඉවත් කිරීම්
15. සාමාජිකත්වය අහෝසි කිරීම
16. සමූහයෙන් බැහරව යාම




1.  මොකක්ද . A/L උදව්

 2011 අගෝස්තු 28 දින ෆේස්බුකියේ උපත ලදි.

ලෝකේ තියෙන අමාරුම විභාගේ මොකක්ද ? ගොඩක් කට්ටිය කියන්නේ A /L කියල. ඒ කියන්නේ උසස් පෙළ. මොකද මේකේ විෂයන් 3 ක්‌ තියෙන්නවනේ. අනික තව පොදු පරීක්ෂණය කියලත් එකක් තියෙන්නවා. Pass වෙන්න නම් ගොඩක් අයට පුළුවන්. එත් University යන්න සැහෙන ගේමක් දෙන්න වෙනවා. තව Z Score කියලත් එකක් තියෙන්නවා. මේ සේරම ගොඩ දාගෙන තමා ඉතින් University එකට යන්න වෙන්නේ. කොහොමද වැඩේ ?

මේ සේරමටම උදවුවක් දෙන්න තමා අපි මේ Group හෙවත් A\L උදවු කියන එක හැදුවේ. ඕනෑම විෂයකින් තමන්ට තියෙන ප්‍රශ්න මේකේ දාලා එකට උත්තර ගන්න පුළුවන්. මේකේ ප්‍රධාන බලාපොරොත්තුව තමා උසස් පෙළ විභාගය ලේසියෙන්ම ගොඩ දාගන්න උදවු කරන එක. තව එකක් තමා උසස් පෙළ විතරක් නෙමේ , O\L හෙවත් සාමාන්‍ය පෙළ විභාගයට අදාල ප්‍රශ්න වුනත් මේකේ දාන්න පුළුවන්.

කෙටියෙන් කිව්වොත් විභාග වලට අදාල ඕනෑම එකක් මේකේ දාන්න පුළුවන්.

තමන් දන්න දෙයක් අනුන් සමග බෙදා හදා ගැනීමෙන් තමාගේ දැනුම වැඩි දියුණු වෙනවා කියල කතාවක් තියෙනවනේ. අනික A\L වගේ විභාගයක් කරලා සාර්ථකව University එකට යන්න උදවු කරන එක පිනක් කියල තම අපි හිතන්නේ.

එන්න අපිත් එක්ක එකතුවෙලා ලෝකයටම දැනුම බෙදන්න

පාඩම් කරගෙන යනකොට ඒන ප්‍රශ්ණ ඔක්කොටම කියලා විසද ගන්නයි යන්නේ ඔක්කෝම උදව් Set වෙන්න.

දැන් ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ  විවෘත සමූහයක් (Open Group) ලෙස පවත්වාගෙන යයි.


2. A/L උදව් සමුහය සුදුසු කාටද

“ඉපදුන දා පටන් මියයන තෙක් සැමදෙනාම ඉගනගන්නා නිසා සැම කෙනාටම සුදුසුය”

-A/L උදව් තුල උසස් පෙල විෂය ධාරා ඉලක්ක ගත කොට තිබුනද ඉන් පහලට විහිදි යන ඕනෑම විෂය ධාරවකට පිළිතුරු දීමේ හැකියාව උසස් පෙල ඕනැම විෂය කණ්ඩයක් හදාරන අයකු සතුය එම නිසා ඕනෑම වයසක අධ්‍යාපනය හදාරන අයකුට මෙම සමුහය සුදුසුය.

- පාසල් අධ්‍යාපනය නිමාකොට උසස් අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ට  තවමත් පාසල් අධ්‍යාපනය හදාරන අයවෙත තම දැණුම ගෙනහැර පැමට කදිම තොතැන්නකි. එමනිසා උසස් අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ට ද මෙම සමුහය සුදුසුය.

- අධ්‍යාපනය නිමවි ‍රැකියාවක නියතු අයකුට තමන් සතු යම් දැණුමක් වි නම් එය මේ හා බෙදා දිය හැක.එමනිසා අධ්‍යාපනය නිමකර ඕනෑම වයසක සිටිනා පුද්ගලයකුට මෙම සමුහය සුදුසුය.


3. සාමාජිකයින් බඳවා ගැනීම

- මේ හා සම්බන්ධ වීමට ඔබ Facebook ගිණුමක් හිමි සාමාජිකයෙක් විය යුතුයි.

- ඕනෑම Facebook සාමාජිකයෙකුට A/L උදව් සමග සම්බන්ද වීමට අවශ්‍යයි කරණ ලද  ඉල්ලිමකින්  A/Lඋදව් හා සම්බන්ද විය හැක.

- ඔබේ ඉල්ලිම අනුමත කර සාමාජිකත්වය ලබා දිම ඇඩ්මින් මිතුරු කැල විසින් සිදුකරනු ඇත.

- ඔබ සාමාජිකත්වය ලබා ගත් පසු ඔබට  ඔබේ මිතුරු මිතුරියන් මේ හා සම්බන්ද කල හැක. ඒසේ ඔවුන් මේ හා සම්බන්ද කල යුත්තේ මන්දැයි ඔබම් සිතා බලන්න.ඉන් පසු අවශ්‍යතාව පරිදි ඔවුන් මේ හා සම්බන්ද කිරිම ඔබේ සිතගි පරදි සිදුකල හැක.

- A/L විෂය ධාරා පුලුල්ව විසිරියන පරාසය ඔබ දැනුවත් ඇත. එමනිසා  මේ හා සම්බන්ද කලහැකි වටින්නේ යැයි ඔබට සිතෙන යම් කෙනකු සිටීනම් ඔබට ඒ පිලිබදව ඇඩ්මින් මිතුරු කැල දැනුවත් කල හැක.  


4. Wall Posts 

-ඔබට තිබෙන ගැටළුව අන් සාමාජිකයන්ට හැකි උපරිමයෙන් සමීපව හා පැහැදිලි වන අයුරින් සංක්ෂිප්තව ඍජුව ඉදිරිපත් කිරිමට Wall Posts  භාවිතා කල යුතුය. (ගැටලුව ඉදිරිපත් කිරිමට ක්‍රම කිහිපයක්ම තිබුනද A/L උදව් සදහා  Wall Posts ඉතා සාර්ථක ක්‍රමයක් බැව් පෙනෙන්නට ඇති බැවින් ඒ සදහා විශේෂ අවදානයක් යොමු කරන්න)

- යම් වෙබ් අඩවියක හෝ බ්ලොග් අඩවියක ඇති අධ්‍යාපනික තොරතුරු අනෙකුත් සාමාජිකයින් සමග බෙදා හදා ගැනීම සඳහා Wall Posts භාවිතා කළ හැක. මෙහිදී අදාල වෙබ්/බ්ලොග් අඩවියේ ඇති එම තොරතුර පිළිබඳ කෙටි විස්තරයක් සහිතව Link එක යෙදිය හැක.

-තමා යොමුකරන Wall Posts සැමවිටම ඉතා සුහද වුත් උචිත භාෂා රටාවකින් හැඩ ගැන්වුවක් වීමට හැම විටම අවදානය යොමුකිරීම අනිවාර්යවේ.මන්ද අධ්‍යාපනය සම්බන්දව මෙම සමුහයට පුජ්‍ය පක්ෂය, බාල - තරුණ - වැඩිහිටි සියලුම වයස් කාණ්ඩ නියෝජනය වන පරිදි විශාල උගත් පිරිසක් සම්බන්ධව් සිටින බැවිනි හා එකතුවිමට සැමවිටම මග බලා සිටින බැවිනි. (තමාගේ භාෂා හැසිර වීම සැමවිට  සැම උගත් බුධිමත් සමාජයකම  පිළිගැනිමට ලක්වන කරුණක් වන්නේය.)

- කිසිම විටක අධ්‍යාපනික නොවන වෙබ් අඩවි, බ්ලොග් අඩවි යනාදිය සහ Fan Pages, Groups, Profiles හා සමූහයේ අරමුණින් බැහැර කිසිදු දෙයක් Post නොකළ යුතුය.ඔබ යොමුකරන යම් ගුරුවරුන් සම්බන්ධ කරුණු ඒවා අත්‍යවශ කරුණක්ද ඒ සම්බන්ධව අන් සාමාජිකයන්ගේ අදහස් කුමක් වේවිදැයි මදක් සිතා බලන්න.මන්ද මේ හා සම්බන්ධ සාමාජිකයන් දිවයින පුරා විසිරි සිටින බැවින්ය.
ඉහත සදහන් පරිදි කිසිදු විටකත් විටකත් ප්‍රචාරණ අරමුණින් (Like, Share, Advertising etc.) Wall Post සදහා යොමු නොකළ යුතුය.

* නැණ නුවන ‍තෝතැන්නට යොමුකරන්නා වු සියලුම Post  පිළිබඳ වගකීම එම  Wall Post යොමුකල  සාමාජිකයා සතුවේ.


5. Questions 

- විශේෂයෙන් MCQ පිළිතුරු ලබා ගැනිම සදහා උචිතම ක්‍රමය මෙය වේ.

- යම් කරුණක් සම්බන්දව අදහස් විමසීමටද Questions භාවිතා කල හැක. 

- නිශ්චිත කෙටි පිළිතුරු නොමැති ගැටලු සඳහා Question භාවිතා නොකළ යුතුය. ඒ සඳහා Wall Posts භාවිතා කළ යුතුය.

* නැණ නුවන ‍තෝතැන්නෙන් අසන්නා ලද වු සියලුම Question එකක් පිළිබද වගකීම ඉදිරිපත් කල සාමාජිකයා සතුවේ.


6. Photos 

-බොහෝ විට භෞතික විද්‍යාව, සංයුක්ත ගණිතය, භුගෝල විද්‍යාව යන විෂයන් හා සම්බන්ධ ප්‍රශ්ණ යොමුකිරීමේ දි Photo භාවිතා කලහැකිය. මෙහිදී ගැටලුව අදාල Photo එකෙහි Caption එක ලෙස සඳහන් කළ යුතුය.

-යම් විෂය කරුණක් සම්බන්ධව එක් පිළිවලකට තේමාවක් යටතේ  තොරතුරු ගොණු කිරිමට  හා පිළිවලකට ඉදිරිපත් කරන ප්‍රශණය සම්බන්ධව පැහැදිළි විස්ථරයක් ගෙනහැර දැක්විමට Photo Albums භාවිතා කළ හැක.

- යම් කෘතියක් ස්කෑන් පිටපත් ආදිය Photo හෝ Photo Albums හරහා ඉදිරිපත් කල හැක.එසේ ඉදිරිපත් කරන් සැමවිටම එය ප්‍රකාශකගේ හෝ කෘර්තුගේ අනුදැනුම මත සිදුවිය යුතුය. මෙහිදී අදාල කෘර්තු හෝ ප්‍රකාශක පිළිබඳ තොරතුරු Photo එකෙහි Caption එක ලෙස යෙදිය යුතුය.

- Photo එකෙහි Caption එකක් යෙදිමේදි Link ක් භාවිතා කරන්නේ නම් අඩුම තරමේ ඒ හා සම්බන්ද කරුණේ කොටසක් වත් Links වලට ප්‍රථම සදහන් කල යුතුය

- සාමාජිකයින් විසින් කිසිදු විටෙකත් තම පුද්ගලික ඡායාරූප, ගැටලුවකට හෝ තොරතුරු බෙදාගැනීමකට අදාල නොවන Photos  නැණ නුවන ‍තෝතැන්නේ Photos වෙත එකතු නොකළ යුතුය.

* නැණ නුවන ‍තෝතැන්නට යොමුකරන්නා වු සියලුම  චයාරූ පිළිබද වගකීම ඉදිරිපත් කල සාමාජිකයා සතුවේ.

7. Links  


- යම් අධ්‍යාපනික කරුණක්, තොරතුරක් හෝ ලිපියක් යම් වෙබ් අඩවියක හෝ බ්ලොග් අඩවියක ඇත්නම් එම තොරතුරෙන් කොටසක් සමග Link එක Wall Post එකක් ලෙස අන් සාමාජිකයන්ගේ අවධානය සදහා යෙදිය හැක. එකම Link එක අවධානය යොමුකරවා ගැනීමේ අරමුණින් නැවත නැවත පල නොකළ යුතුය.

- නැණ නුවන ‍තෝතැන්නට යොමුකර  ඇති ඇති ගැටලුවකට පිළිතුරක් යම් වෙබ් අඩවියක හෝ බ්ලොග් අඩවියක ඇත්නම් එම Link එක Comment එකක් ලෙස යෙදිය හැක.

- Link පල කිරිමේ දි Docs , Photos වලට අදාල කරුණු ඒ ආකාරයෙන්ම අනුගමනය කළ යුතුය.
-කිසිදු පුද්ගලික අරමුණු ඉ‍ටුකර ගැනීමේ අරමුණින් හෝ අධ්‍යාපනික  නොවන  සාමාජිකයින්ට හානිදායක වන දේ ඇතුළත් Links පල නොකළ යුතුය. එසේ පලකරන සාමාජිකයෙක් සිටීනම් ඔහුගේ සාමාජිකත්වය පිළිබදව ඇඩ්මින් මිතුරු කැල ගන්නා තීරණය අවසාන තීරණය වේ .

* නැණ නුවන ‍තෝතැන්නට යොමුකරන්නා වු සියලුම  Links පිළිබද වගකීම ඉදිරිපත් කල සාමාජිකයා සතුවේ.


8. Video 

- යම් පරීක්ෂණ ආදිය ඉදිරිපත් කිරිම සදහා  Video  භාවිතා කිරීම ඉතාම සාර්ථක ක්‍රමයක් බැවින් ඒසේ තමා ඉදිරිපත් කරන කරුණේ සාර්ථකත්වය සදහා Video භාවිතා කල හැකිය.
- සාමාජිකයෙකුට යම් ගැටලුවක් ඇසීම සඳහා දෘශ්‍ය මාධ්‍යයක උදවු අවශ්‍ය නම් ඒ සඳහා Videos භාවිතා කළ හැක.

- සාමාජිකයෙකු විසින් කිසිදු විටෙක සමූහයේ අරමුණට අදාල නොවන Videos පල නොකළ යුතුය.

* නැණ නුවන ‍තෝතැන්නට යොමුකරන්නා වු සියලුම  Videos පිළිබද වගකීම ඉදිරිපත් කල සාමාජිකයා සතුවේ.


9. Docs 


-යම් කෙටිසටහනක් හෝ යම් අධ්‍යාපනික විස්ථරයක් සැකවින් ඉදිරිපත් කිරිම සදහා(සම්පූර්ණ තොරතුරු/විස්තරයක් ඇතුළත්ව) Docs භාවිතා කළ යුතුය.

- ඔබ ඉදිරිපත් කරනුයේ අධ්‍යාපනික කරුණු බැවින් සැමවිටම් එහි නිරවද්‍යතාවය පිලිබදව සැලකිලිමත් විය යුතුය.

- යම් ලිපියක් යම් තැනකින් උපුටා පලකරන්නේ නම් ඒ ලිපිය සදහා වූ මූලාශ්‍ර හෝ ඒ සම්බන්ද Links පල කිරීමට සැමවිටම කාරුණික වන්න.

- ඉදිරිපත් කල කරුණ හා සම්බන්ධව ගුරුවරයකුගේ නමක් සදහන් කරන්නේ නම් ඒ කරුණ සම්බන්ධව ඒ ගුරුවරයාම විශේෂිත වන්නේද යන්න සැලකිලිමත් වන්න.

- යම් Doc 1ක් සදහා ඉදිරිපත් කරන කරුණේ යම් කොටසක් සදහන් කොට ඉතිරි කොටස සදහා Links ඉදිරිපත් කිරීම කිසි විටකත් නොකල යුතුය.ඉදිරිපත් කිරිමේදි සම්පුර්ණ විස්ථරයම හෝ කොටස් වශයෙන් පිළිවලකට ඉදිරිපත් කල යුතුය. (කොටසක් සදහා  Links   යොදන්නේ නම්  ඒවා නිවරදිම Links   වියයුතුය සාමජිකයන් ගේ කාලය අපතේ යන පරදි ඒවා නොයදිය යුතුය.)

- ගැටලු ඉදිරිපත් කිරිමට පහසුකම් කිහිපයක් ම තිබෙනා නිසා ඒ සදහා Doc භාවිතයෙන් වැලකී සිටින්න.Docs හැමවිටම දැණුම ‍තෝතැන්නක්ම කරගැනීමට උත්සහ ගන්න.ගැටළුවක් ඉදිරිපත්  කිරිම සදහා Docs අත්‍යවශ වූයේ නම් ඇඩ්මින් කැල වෙත දැනුම් දිමකින් ඒ පිලිබදව  විමසීම්ක් කෙරෙනු ඇත.

- යම් අයකු ඉදිරිපත් කල  Doc එකක් වෙනස් කරන්නේ නම් එම කරුණේ වරදක් තිබිය යුතුය.එසේ ඉදිරිපත් කල කරුණ නිවරදි වියයුතු බැව් Comment මගින් දැනුම් දිය යුතුය.ඒ Comment  එක ඉදිරිපත් කර දවස් 7 ඇතුලත එම කරුණ නිවරදි වුයේ නැතිනම් එය නිවරදි කිරිමේ අයිතිය ඔබට ලැබෙන්නේය.

- යම් අයකු ඉදිරිපත් කල  Doc එකක් සදහා අලුත් කරුණක් එක් කිරිමේ අයිතිය ඔබට ඇත (එක් කරන කරුණේ නිවරදි බවඔබ බාර ගත යුතුය.) .නමුත් එය Doc විකෘති කිරිමේ  අරමුණින් කිසිවිටකත් නොකල යුතුය.ඒසේ කලහොත් එම තැනත්තාගේ සාමාජිකත්වය පිලිබදව ඇඩ්මින් කැල තීරණයක් ගනු ඇත.

* නැණ නුවන ‍තෝතැන්නට යොමුකරන්නා වු සියලුම Doc  පිළිබඳ වගකීම එම  Doc යොමුකල  සාමාජිකයා සතුවේ.


10. Comment කිරීම  

-  යම් අයකු විමසීමක් කර ඇති විට  ඔහු හට පිළිතුරක් ලබා දිමට ඔහු පලකල දැ පිළිබදව ඔබගේ අදහස පලකිරීමට  Comment භාවිත කල හැක.

-යම් ප්‍රශ්ණයකට පිළිතුරු දීමෙදි එම පුද්ගලයාට එම කරුණ හැකිතරම් දුරට සාර්ථකව අවදාරණය කිරිම සදහා Comment භාවිත කරන්න.

-ඉහත සදහන් කල පරිදි, සැමවිටම ඉතා සුහද වුත් උචිත භාෂා රටාවකින් හැඩ ගැන්වුවක් වීමට හැම විටම අවදානය යොමුකිරීම අනිවාර්යවේ.මන්ද අධ්‍යාපනය සම්බන්දව මෙම සමුහයට පුජ්‍ය පක්ෂය, බාල - තරුණ - වැඩිහිටි සියලුම වයස් කාණ්ඩ නියෝජනය වන පරිදි විශාල උගත් පිරිසක් සම්බන්ධව් සිටින බැවිනි හා එකතුවිමට සැමවිටම මග බලා සිටින බැවිනි. (තමාගේ භාෂා හැසිර වීම සැමවිට  සැම උගත් බුධිමත් සමාජයකම  පිළිගැනිමට ලක්වන කරුණක් වන්නේය.)

* නැණ නුවන ‍තෝතැන්නේ පල  කරන්නා වු සියලුම Comment පිළිබද වගකීම ඉදිරිපත් කල සාමාජිකයා සතුවේ.



11. Events 

- සාමාජිකයින් විසින් සංවිධානය කරනු ලබන යම් යම් විශේෂ අවස්ථා සඳහා Events පහසුකම භාවිතා කළ හැක.

-එම Event එක නිර්මාණය සදහා අවසර දීම ඇඩ්මින් මිතුරු කැල සතුවන බැවින් Events නිර්මාණය කර්න්නේනම් එය ඇඩ්මින් මිතුරු කැල ගේ අවසරය පරිදි සිදුවිය යුතුය.

* නැණ නුවන ‍තෝතැන්නේ පල  කරන්නා වු සියලුම  Event පිළිබද වගකීම ඉදිරිපත් කල සාමාජිකයා සතුවේ.



12.Search කිරීම  

- කිසියම් සාමාජිකයෙකුට නැණ නුවන ‍තෝතැන්නේ Wall Posts තුළ යමක් සෙවීමට අවශ්‍ය නම් පිටුවෙහි දකුණු පස ඉහළ කෙළවරේ ඇති Group Search පහසුකම ඒ සඳහා භාවිතා කළ හැක.


13. Notofications  

- සාමාජිකයෙකුට ගෘප් Notofications පැමිණීම පිටුවේ දකුණු පස ඉහළ ඇති Edit Settings වෙත පිවිස පාලනය කළ හැක.

- මෙහිදී ඔබට ප්‍රයෝජනවත් ආකාරයකට ඔබ විසින් එම සැකසුම් සකසා ගැනීම සුදුසුය.


14. පල කළ දෑ ඉවත් කිරීම්

*ඉවත් කිරීම් පිළිබදව සියලු වගකීම් ඇඩ්මින් මිතුරු කැල සතුය.

-ඉහත දැක්වු කරුණුවලට අදාල නොවන හුදෙක් ප‍ටු අරමුණු හා නුසුදුසු දෙයක් පලවීනම් ඒ සියලු  දෑ පෙර දැනුම් දීමකින් තොරව ඉවත් කෙරෙනු ඇත.

යම් තර්කයක් ඉදිරිපත් කර එම ගැටලුව  පාලනයකින් තොරව කරදරකරි ලෙස  පවතිනම් එවන් කරුණු  පෙර දැනුම් දීමකින් ඉවත් කෙරෙනු ඇත.


15. සාමාජිකත්වය අහෝසි කිරීම

*ඉහත සදහන් යම් තැන්වල සාමාජිකත්වය අහෝසිකිරීම් පිළිබදව සදහන් වේ.ඒ ආකාරයටම මෙම පද්ධතියට අදාල නොවන හැසිරීම් පිළිබදව ඇඩ්මින් මිතුරු කැලගේ  තිරණය අවසාන තිරණය වේ.

* කිසියම් කාරණාවක් පදනම් කොට නොගෙන කිසිම අවස්ථාවකදි සාමාජිකත්වය අහොසි කිරිම සිදු නොවනු ඇත.


16. සමූහයෙන් බැහරව යාම

- මිතුරෙකු විසින් එකතු කරනු ලැබූ යම් සාමාජිකයෙකුට මෙම සමූහයෙන් සේවයක් නොලැබෙන බව සිතේ නම් හෝ, වෙනත් ඕනෑම කරුණක් නිසා සමූහය හැර යායුතු නම් ඒ සඳහා පිටුවේ දකුණු පස සාමාජික ලැයිස්තුවට පහළින් ඇති Leave This Group මගින් සමූහයෙන් ඉවත්ව යා හැක.

- කිසියම් සාමාජිකයෙකු එසේ ඉවත්ව ගිය පසු එම සාමාජිකයා විසින්ම නැවත ඉල්ලීමක් කිරීමෙන් හැර, සමූහය තුළ සිටින කිසිවෙකුට එම සාමාජිකයා නැවත එකතු කළ නොහැකි වනු ඇත.
-ඔබ අධ්‍යාපනය හදාරා හුගක් කලයක් ගතවිතිබුනද ඔබ දන්නා පුංචි කරුනක් අන් කෙනකුගේ දැනුම වැඩි කරණු ඇත එම නිසා ඒ පිළිබඳ සිතා බලා බුද්ධීමත්ව තීරණයකට එළැඹීම සුදුසුය.

- පුද්ගලික අමනාපකම් වැනි දේ නිසා සමූහය හැර යයි නම් පළමුව සමූහයෙන් ඔබට සිදුවන සේවාව පිළිබඳ සිතා බලා බුද්ධීමත්ව තීරණයකට එළැඹීම සුදුසුය.

මෙන්න මේ ලින්ක් එකෙන් අපිව සයිබර් එකේ හොයාගන්න පුලුවන්

*මේ උතුම් කාර්යයේ ගුණාත්මක බව ඉහල නන්වා ගැනීමට ඉහත කරුණු කෙරෙහි ඔබගේ අවදානය යොමුවෙතැයි අප අපේක්ශා කරමු.

ස්තූතියි!

මෙයට ,

ඇඩ්මින් මිතුරු කැල 

---------------------------------------------------------------------------------------------------
* පළමු එළිදැක්විම -   2011 සැප්තැම්බර්
* පළමු සංස්කරණය-  2011 ඔක්තෝබර්
සියලු හිමිකම් ඇවිරිණි.

නීති පද්ධතියක් ලෙස නොව A/L උදව් සමුහයේ වටිනාකම තවත් වැඩි කිරීම පිණිස සමුහයේ සාමාජිකයන්ගේ ප්‍රයෝජනය සදහා.ඇඩ්මින් මිතුරු කැල වෙනුවෙන් ප්‍රකාශයට පත්කරන ලදී.

No comments:

Post a Comment

එකතු කරන්න ඔබේ අදහස්.

Related Posts Plugin for WordPress, Blogger...