Sri Lanka Educational Network අන්තර්ජාලයේ නැණ නුවන ‍තෝතැන්න." A/L උදව් " අධ්‍යාපනික බ්ලොග් අඩවියට ඔබව සාදරයෙන් පිලිගනිමු.Welcome to the Official blog Of AL help ®

Tuesday, September 25, 2012

ජීවිත කාලය පුරා සොයනා " අධ්‍යාපනය "


ඇරඹුම් කිහිපයක ප්‍රතිඵලයක් ලෙස ශිෂ්‍ය පරපුරට සිංහල භාෂාවෙන් අධ්‍යාපනය  සයිබර් අවකාෂයේ  හුදු සංකල්පයක් පමණක් නොවී එය සැබෑ ලෙසම අත් විදින්නට හැකියාව ලබා දීම අරමුණින් ෆේස්බුකියේ නැණ නුවන ‍තෝතැන්න ලෙස ආරම්භ වූ A/L උදව් ෆෙස්බුකියේ උපකාරක සමුහයක් ලෙස පැවත ඉන් නොනවැතී අධ්‍යාපන සංකල්ප උදෙසා මෙසේ ඇරඹුමක් ලද බ්ලොග් අඩවියට ලිපි ලිවීම.සියලු අධ්‍යාපන හිත ඇත්තන්  වෙත ආදර ඇරයුම් ලබා දී තිබේ.
            මෙසේ අප සැම කතා කරනා අධ්‍යාපනය යනු කුමක් දැයි පලමුවෙන් හැදින්වීමක යෙදෙන්නට මේ ලිපියෙන් බලාපොරොත්තු වෙමි.


අධ්‍යාපනය යනු 

අධ්‍යාපනය යනු වියුක්ත සංකල්පයක් වන බැවින් ඒ සඳහා පැහැදිලි නිර්වචනයක් සැපයීම අපහසුය.අනෙක් අතට අධ්‍යාපනය යන්නෙන් එක් අදහසක් පමණක් අන්තර්ගත නොවේ.ඉගෙනීම, ඉගැන්වීම, ඇගයීම,රසවිඳීම,පුහුණූව ආදී විවිධ අදහස් සමුදායක් මේ තුළ ගැබ් වී ඇත. මේ නිසාද අධ්‍යාපනයට පැහැදිලි නිර්වචනයක් දීම අපහසු වී ඇත. විවිධ දාර්ශනිකයන් විසින් විවිධාකාර දෘෂ්ටිකෝණයන්ගෙන් අධ්‍යාපනය පිළිබඳව නිර්වචන ඉදිරිපත් කොට ඇත.
අධ්‍යාපනය යන්න මුලින්ම බි ආවේ ලතින් භාෂාවෙනි. (e-ducere, educo) පිටතට ඇදල ගැනීම යන අර්ථය e-ducere තුළ ඇත. සෑම පුද්ගලයකු සතුවම විභව ශක්තියක් ඇති බව පවසයි. අධ්‍යාපනයේ කාර්යභාරය වන්නේ මෙකී සැඟවී ඇති හැකියාවන් ඇදගැනීමයි. වර්තමානයේ මේ අගය 5% හෝ 10% යැයි පැවසේ.
අධ්‍යාපනය යනු යම්කිසි හැකියාවන් ගොන්නක් විධිමත් ලෙස ඉගැන්විම හා ඉගෙනගැනීමයි. තවත් විදර්ශනාත්මක කිවහොත්, අධ්‍යාපනය යනු දැනුම, සුභවාදී චින්තනය සහ ඥාණය ඛෙදාහදා ගැනීමයි. පාරම්පරිකව සංස්කෘතියක් ඉදිරියට ගෙනයාම ද අධ්‍යාපනයේ ප්‍රතිඵලයකි. පුද්ගලයෙකු ගේ සහජ දක්ෂතාවයන් ඉස්මතු කිරීමත්, ඒවා මනාව ඔපමට්ටම් කොට ඔහුට එහි වටිනාකම එකතු ගැන්වීමත් අධ්‍යාපනයයි.
අධ්‍යාපනයේදී සිදුවන්නේ විවිධ ඉගැන්වීම් ක්‍රම යොදාගැනීමකි. මනෝ විද්‍යාත්මක දාර්ශනික, පරිගණක ආශ්‍රිත, භාෂාමය, ස්නායුමය සහ සමාජමය ක්‍රමෝපායන් අධ්‍යාපනයේදී යොදා ගැනේ.


අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇති විවිධ අර්ථකථන
  • අධ්‍යාපනය යනු දැනුම ඒකරාශී කරන ක්‍රියාවලියකි.
සොක්‍රටීස් පවසා ඇත්තේ උසස්ම දෙය දැනුම බවයි.දැනුම ඇත්තා උසස්ම පුද්ගලයාය. එය ලබන්නේ අධ්‍යාපනයෙනි.
  • අධ්‍යාපනය යනු වර්ධනීය ක්‍රියාවලියකි.
අධ්‍යාපනය යනු වර්ධනීය, යාවජීව ක්‍රියාවලියක් බව ජෝන් ඩුවී පවසයි. පුද්ගලයා හා පරිසරය අතර අන්‍යොන්‍ය සම්බන්ධයක් ගොඩනැගෙද්දී ඒ හා ගොඩනැගෙන අත්දැකීම් වල ප්‍රතිඵලයක් ලෙස වර්ධනය සිදුවේ.
  • අධ්‍යාපනය යනු සංස්කෘතික සම්ප්‍රේෂණ ක්‍රියාවලියකි.
සමාජයේ සාමාජිකයකු වශයෙන් මිනිසා විසින් අත්පත් කරගනු ලබන දැනුම කුසලතා,සදාචාරය ආදි සියලුම දේ සංස්කෘතියයි. මිනිසාගේ මැදිහත්වීමෙන් නිර්මාණය වී ඇති මෙකී සංස්කෘතිය එක් පරම්පරාවක සිට තවත් පරම්පරාවක් දක්වා සම්ප්‍රේෂණය කරන්නේ අධ්‍යාපනය ඉවහල් කරගෙකය.
  • අධ්‍යාපනය තුලින් හදවත, හිස සහ හස්තය යන තුනම (Head, Heart, Hand) සංවර්ධනය කල යුතුය.

අධ්‍යාපනයේ අරමුණු සහ පරමාර්ථ
පරමාර්ථයක් යනු කිසියම් විධිමත් ලෙස සැකසුණු ක්‍රියාවලියකින් අවසානයේ ඉටුකර ගැනීමට අපේක්ෂා කරන ප්‍රතිඵලයයි. පුළුල් සංකීර්ණ අරථයක් ගැනීම පරමාර්ථයේ ලක්ෂණයයි. මේ නිසාම එය ඉටුකර ගැනීම ඉතා දුෂ්කරය. පරමාර්ථය කරා යාමට නම් ඒවා සරළ කරගත යුතුය. ඒ සඳහා ගොඩනගාගන්නා වූ සුවිශේෂී ප්‍රකාශය අරමුණු ලෙස හැඳින්වේ. සුවිශේෂී බව,මැනිය හැකි බව , ළඟාවියහැකි බව ආදිය අරමුණක සුවිශේෂී ලක්ෂණ වේ. එක් පරමාර්ථයක් සඳහා අරමුණු කීපයක් පැවතිය හැක.
අධ්‍යාපන පරමාරථ සහ අරමුණු රටින් රටට වෙනස් වේ. එසේ වන්නේ රටක අධ්‍යාපන අරමුණු සහ පරමාර්ථ ගොඩනැගෙන්නේ එහි ඇති සමාජ ආර්ථීක දේශපාලන ජාතික ප්‍රතිපත්ති වලට අදාළ වීමයි. අධ්‍යාපන පරමාර්ථ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ඒවාද පවතී. ඒ අතරින් යුනෙස්කෝව ප්‍රධාන වේ. එහි පරමාර්ථය වූයේ ජාත්‍යන්තර සාමය හා අවබෝධය ඇතිකරලීමයි. මීට අමතරව දිවිපැවැත්ම සඳහා අධ්‍යාපනය නමින් වාර්තාවක්ද පිහිටුවීය.
අධ්‍යාපනයේ අරමුණු පිළිබඳව කතාකරද්දී ඩෙලෝ වාර්තාවද පිළිගත් එකකි. ළමයින්ගේ විභව ශක්තිය මතුකරගන්නේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී සාකච්ඡා කළේය. මෙහිදී මූලික මූලධර්ම 6ක් යටතේ සාකච්ඡා කරයි.
  1. අධ්‍යාපනය යනු මූලික මිනිස් අයිතිවාසිකමකි.
  2. විධිමත් අධ්‍යාපනය පමණක් නොව නොවිධිමත් අධ්‍යාපනයද වැදගත් වන බව
  3. කවර අධ්‍යාපනයක වුවද තිබිය යුතු මූලික ලක්ෂණ ඇති බව (සාධාරණත්වය, අදාළත්වය, විශිෂ්ටත්වය)
  4. අධ්‍යාපනය යනු ගැඹුරින් සිදුකළ යුතු දෙයකි. යම් යම් රටවල ආර්ථික, දේශපාලන, සාමාජික වශයෙන් සුවිශේෂී කරුණු තිබුණද ජාත්‍යන්තර ප්‍රජාව එකඟ වූ වටිනාකම් පිළිගත යුතුයි.(ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් )
මීට අමතරව,
    1. දැනගැනීම සඳහා ඉගෙනීම
    2. යමක් කිරීම සඳහා ඉගෙනීම'
    3. එකට ජීවත්වීම සඳහා ඉගෙනීම
    4. දිවිපැවැත්ම සඳහා ඉගෙනීම
ආදි ප්‍රධාන කුළුණු 4ක් පිළිබඳව මේ වාර්තාව අවධානය යොමුකරයි.


අධ්‍යාපනයේ විවිධ ස්වරූප
වත්මන් සමාජයේ විවිධ අධ්‍යාපන ආයතන පවතී. පාසල, පවුල, මිත්‍ර සමූහ, විශ්ව විද්‍යාල, පුස්තකාල, කාර්මික විද්‍යාල, මාධ්‍ය ආයතන, ආදිය පුද්ගලික සබඳතා මෙන්ම සමාජ සබඳතා සඳහාද විවිධ සමාජ වටිනාකම් එකතුකිරීමටද උපකාරී වෙයි. මේ ආයතනවල ව්‍යුහය, පරිපාලනය ආදි ය සලකා බලා එය කොටස් 3කට බෙදා දක්වයි.
  1. විධිමත් අධ්‍යාපනය
  2. අවිධිමත් අධ්‍යාපනය
  3. නොවිධිමත් අධ්‍යාපනය

විධිමත් අධ්‍යාපනය
විධිමත් ආයතන තුළින් ලබන අධ්‍යාපනයයි. ප්‍රාථමික අංශයේ සිට උසස් අධ්‍යාපනය දක්වා පූර්ණ කාලීනව කෙරෙන අධ්‍යාපනයයි. (උදා: පාසල, විශ්ව විද්‍යාලය)

අවිධිමත් අධ්‍යාපනය
ජීවත්වීමේදී අප නොදැනුවත්වම ලබන අධ්‍යාපනයයි. (උදා: රූපවාහිනියෙන්, සමාජ ආශ්‍රයෙන්) අන්තර්ජාලය, ඉලෙක්ට්‍රොනික තැපෑල, දුරකතන, කෙටි පණවුඩ

නොවිධිමත් අධ්‍යාපනය
සුවිශේෂී කණ්ඩායමක් ඉලක්ක කරගෙන සුවිශේෂී අරමුණක් සඳහා මේ අධ්‍යාපන ක්‍රමය ලබාදේ. (උදා: රූපලාවන්‍ය පාඨමාලා, Computer, තාක්ෂණික පාඨමාලා)
මේ අධ්‍යාපනය වර්තමානයට ඉතාම අත්‍යවශ්‍ය අංශයක් ලෙස දැක්වේ. නැතිවම බැරි අධ්‍යාපන ක්‍රමයකි. මෙයින් බිහිවන්නේ කුසලතාවන් වැඩිදියුණු කරගත් පිරිසකි. මේ මගින් සමාජයට විශාල සේවාවක් ඉටුවේ.
  • විධිමත් අධ්‍යාපන අවස්ථා නොලද එමෙන්ම විධිමත් අධ්‍යාපනයෙන් කලින් ඇදවැටුණු පුරවැසියන් සඳහා අධ්‍යාපන අවස්ථා සැලසීම
  • කුසලතා රහිත එමෙන්ම අර්ධ වශයෙන් කුසලතා රහිත වැඩකරන ජනතාව වෙනුවෙන් පුළුල් පරාසයක විහිදුණු කුසලතාවන් ලබාදීම
  • විධිමත් අධ්‍යාපන පද්ධතියෙන් ලබාගත් දැනුම කුසලතා වැඩිදියුණු කරගැනීමට උදවුවීම
  • නවෝත්පාදනයන්ට අවස්ථාව සැලසීම
නොවිධිමත් අධ්‍යාපනයට කාලීන වශයෙන් වැඩි වැදගත්කමක් පවතී. එය විධිමත් අධ්‍යාපන ක්‍රමයේ විකල්ප ක්‍රමයක් ලෙස බිහිවිය.

තවද බලන්න
අධ්‍යාපන ක්‍රමය වෙනස්‌ කිරීමට සිතීම පවා යහපත් කටයුත්තකි. රජය එවැන්නකට සැරසෙන බවද දැනගන්නට ඇත. නමුත්, ඒ යහපත් කටයුත්ත කන වැකුණු මොහොතේ සිට අවදානමක භීතියක්‌ද අපට දැනෙයි. ඊට හේතුව මීට පෙර ද අධ්‍යාපනයට වෙනස්‌කම් එකතු කළ මුත් කලින් තිබුණු ගුණාත්මක තත්ත්වයද විනාශ වූ ප්‍රතිසංස්‌කරණ ඉදිරිපත් කිරීමයි. සීත කාමරවාසී දෙතුන් දෙනෙකු රහසිගතව සකසන එබඳු ප්‍රතිපත්තිවලින් අනාගත පරම්පරා ගණනාවක්‌ අනතුරේ හෙළයි. එබඳු ප්‍රතිසංස්‌කරණවලින් කිසිදිනෙක කෝල් බෲක්‌ අධ්‍යාපන මූලධර්මවලින් ඔබ්බට ගියේ නැත. දැනට පවතින අධ්‍යාපන ක්‍රමය පටන් ගන්නේ 1830 කෝල්- බෲක්‌ කැමරන් ව්‍යවස්‌ථා සංශෝධන යෝජනා අනුවයි. එහිදී බ්‍රිතාන්‍යයන් ලංකාවට පාසල් පද්ධතියක්‌ ලබාදී අපේක්‍ෂා කළේ තම යටත් විජිතය පවත්වා ගැනීම සඳහා අඩු වියදමින් නඩත්තු කළ හැකි නිලධාරී පැලැන්තියක්‌ බිහි කරවා ගැනීමටයි. අද ඉංගී්‍රසීන් අප පාලනය කරන්නේ නැත. නමුත් අප කෝල්බෲක්‌ -කැමරන් යෝජනාවලින් ඔබ්බට ගිය අධ්‍යාපන ක්‍රමයක්‌ සකස්‌ කරගෙන තිබේද? නැත. ගොඩනැඟිලි හැදීම - නිල ඇඳුම් - පොත්දීම වැනි සියලු භෞතික පහසුකම් ලබාදීමද ඇත්ත වශයෙන්ම බ්‍රිතාන්‍ය කිරීටයේ අපේක්‍ෂා ඉටු කර දීමට උපකාර කිරීමක්‌ පමණි.
එබැවින් අප කළ යුත්තේ මූලික පරමාර්ථයේ සිට මුළු අධ්‍යාපන පද්ධතියම වෙනස්‌ කිරීමයි. රටේ ශිෂ්ටාචාරය බිහි කළ මිනිසුන්ගේ අනාගතය වඩාත් යහපත් කිරීමට අධ්‍යාපනය සකස්‌ කළ යුතුයි. ඉතිහාස ධාරාවට නූතන ලෝකය තුළ අඛණ්‌ඩතාවක්‌ ලබාදීම එහිදී කටයුතු කළ යුතුයි. වසර තුන්දහසකට වඩා ලිත ඉතිහාසයකටපුරාවිද්‍යා සාධක පවා ඇති බුදු දහමින් පෝෂණය වූද වසර 2300 ක්‌ පුරා බුදු දහම සම්ප්‍රදාය පදනම් කරගත්තක්‌ විය යුතුය. නමුත් අද අපට ඉගැන්වීම ලෙස කරන්නේ බටහිරට අවශ්‍ය සංස්‌කෘතික වහලුන් පිරිසක්‌ පුහුණු කිරීම පමණි. හැමදේම බටහිරින් කළ එම නිසා සුදු මිනිසුන් ලෝකය පාලනය කිරීමට සුදුසුයි යන මතය ළමා මනසට කා වැද්දීමට හැම පෙළ පොතකම මොනවා හෝ රිංගවා ඇත. වඩාත් වේදනාකාරී දෙය වන්නේ ඒවා සකස්‌ කරන්නේ අපේම මිනිසුන් වීමයි. අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණයකදී පහත කරුණු සැලකිල්ලට ගත යුතුය.
1. අරමුණු
සග ජාතික අරමුණු, සසග. ප්‍රාදේශීය අරමුණු, සසසග පුද්ගල අරමුණු
සග ශිෂ්‍ය විනය, සසග ජාතික විනය
3. විෂය අන්තර්ගතය
සග විෂය අන්තර්ගතය බහාලිය යුතු වයස්‌ කාණ්‌ඩ, සසග ඉගැන්වීමේ ක්‍රමය, සසසග ප්‍රවීනත්වය ලබා ගත යුතු අංශවලට බෙදීම.
4. ගුරුවරුන්ගේ තත්ත්වය
සග වැටුප් සසග. පුහුණුව සසසග ගුරු මාරුවීම් සහ උසස්‌වීම්.
5. අධ්‍යාපන පරිපාලනය

ශීර්ෂ පෙළ
ෂග බඳවා ගන්නා පුද්ගලයන්ගේ තත්ත්වය සඳහා බඳවා ගැනීම, සසග. තනතුරුවල සේවය කරන කාලය. සසසග ප්‍රාදේශීය තලයේ සිට ජාතික තලයට සම්බන්ධීකරණය, සඩග ශේ්‍රණිවල ක්‍රමවත් බව.
6. ඉහත සියලු අංග මූලික ජාතික අරමුණු පදනම් කරගත්තක්‌ සහ එය යථාර්ථයක්‌ වීමට පිටිවහලක්‌ වන ලෙස සකස්‌ විය යුතුය.
අරමුණු
කිසියම් ජාතික අරමුණක්‌ සාක්‍ෂාත් කර ගැනීමට උපකාරී වන ලෙස අධ්‍යාපන ප්‍රතිපත්තියක්‌ සකස්‌ කළ යුතුය. එම නිසා අප තෝරා ගන්නා ජාතික අරමුණ කුමක්‌ද? සංස්‌කෘතික අරමුණ කුමක්‌ද? එයට උපස්‌ථම්භයක්‌ වන ලෙස විෂය අන්තර්ගතය තෝරාගත යුතුය. බුදුන් වහන්සේ වදාළ වූ ඉගෙනීමේ විනය ඇති කරයි. (විද්‍යා -දදාති- විනයං) තේමාව කොතරම් අපට ගලපා ගත හැකිද? මිනිසා භෞතිකව කොතරම් දියුණු වුවත් පුද්ගල සතුට නැති නම් ඒ දියුණුව කුමක්‌ද? යුරෝපීය රටවල ඇති ප්‍රචණ්‌ඩ සමාජ තත්ත්වයට හේතුව විනයධර පුරවැසියකු බිහි කිරීමේ අරමුණට ඉගෙනුම් ක්‍රියාවලිය සකස්‌ නොවීමයි. සංස්‌කෘතික අරමුණු ලෙස අපගේ ජාති විවිධත්වය වෙනුවට ඒකීය ජාතියක්‌ සකස්‌ කරගැනීමට සංස්‌කෘතික පසුබිමක්‌ සකස්‌ කළ යුතුය. සැබෑ දේශ සීමා ඇත්තේ මිනිස්‌ සිත්වල මිස මහ පොළොව මත නොවේ. මිනිස්‌ සිත්වලින් දේශසීමා මකා දැමිය හැක්‌කේ එකම මහා සංස්‌කෘතියකට සියල්ලන් අවශෝෂණය වන අධ්‍යාපන ක්‍රමයකිනි. එයද සැලකිල්ලට ගත යුතුය." ඉගෙනීමෙන් විනය ඇති කරයි" සංකල්පය මත පිහිටා සමස්‌ත අධ්‍යාපන ක්‍රමයම සකස්‌ කළ යුතුය. ඒ වෙනුවෙන් දැනට පිළිගත් සමස්‌ත අධ්‍යාපන ක්‍රමයම වෙනස්‌ කළ යුතුය.
ප්‍රාදේශීය අරමුණු ලෙස අදහස්‌ කරන්නේ රට පුරා බෙදී ඇති සම්පත් සහ භූගෝලීය පිහිටීම අනුව ප්‍රදේශ මූලික සංවර්ධන කටයුතු සඳහා රටවැසියා සූදානම් කිරීමේ අවශ්‍යතාවයි. සියල්ල සඳහා නගරය මත යෑපෙන මිනිසුන් නිසා දේශීය නිපැයුම් අඩාල විය. ලද දෙයින් සතුටුවන අල්පේච්ඡ ජීවිතයට සංකර විලාසිතා ආදේශ වී ගමේ ප්‍රාග්ධනය විදේශීය රටවලට පොම්ප විය. එම නිසා ගමෙන් පෝෂණය වන ස්‌වදේශීය නිපැයුම් මිලදී ගන්නා රටවැසියකු නිර්මාණය වන අධ්‍යාපන ක්‍රමයක්‌ සකස්‌ කළ යුතුය. යුරෝපීය ක්‍රමයේ ජාතික දියුණුවක්‌ අපට සුදුසුද? අධිවේගී මාර්ගවල සැප වාහනවලින් ගමන්කරන සුළුතරයක්‌ සහ දුක්‌විඳින බහුතරයක්‌ සහිත අසාධාරණ සමාජයක්‌ පිටපත් කිරීම අනවශ්‍ය වෙහෙසක්‌ පමණි. ඒ වෙනුවෙන් ජාතිය විසින් ශතවර්ෂ ගණනාවක්‌ ඉපිද වූ උතුම් උදාර යෑයි කිව හැකි සකල සියලු දේ කැප කළ යුතුය.
විනය
සකලවිධ ඉගෙනුම තුළම විනය අවශ්‍ය වේ. බුදුන් වහන්සේ ශිෂ්‍යයකු ගුරුවරයාට දැක්‌විය යුතු යුතුකම් පහෙන්ම විනය සකස්‌ කරයි. ඉගෙන ගත හැකි තත්ත්වයට පත් කිරීමටද විනය කරුණුවලින් ශික්‍ෂණය ලැබිය යුතුය. ඉගෙනුම අවසානයේත් අතරමැදදීත් විනය අවශ්‍ය වේ. මිනිසා සොබා දහමේ තවත් එක කොටසක්‌ පමණි. ඔහුද මිය යන්නෙකි යන බරපතල අදහස කා වැද්දීමට සිඟාලෝවාද සූත්‍රය - වසල සූත්‍රය, මංගල -පරාභව - ව්‍යග්ගප-ජ වැනි සූත්‍රවලින් කරුණු ගෙන ප්‍රාථමික අධ්‍යාපනය සකස්‌ කළ යුතුය. නමුත් මුළු ප්‍රාථමික අධ්‍යාපනයම අනෙකා පරදවා ජයගන්නා ශිෂ්‍යත්වය නමැති තරගයකට පුහුණු කරයි. මේ තරගය නිසා වටිනා දේවල් සියල්ල අත්හැර දමන දයාවිරහිත සිසු පරපුරක්‌ නිපදවෙයි. ඔවුන් රටේ තීරණ ගන්නා යුගයක්‌ කොතරම් බිහිසුණු විය හැකිද? සොබා දහම හා දරුවාට ජාතික අරමුණු සහිත ශාස්‌ත්‍රීය දැනුම එන්නත් කිරීමටත් නීතිය ඉගෙනුම ශිල්පීය හැකියාවන් සඳහාත් සකස්‌ කළ යුතුය. සිසුන්ගේ විනය නිරන්තර පරීක්‍ෂාවට ලක්‌ කළ යුතුය. මේ සඳහා ඇති එකම ක්‍රමය වන්නේ ශිෂ්‍යා පාසල තුළ රඳවා ගැනීමට හැකි ක්‍රමයක්‌ සකස්‌ කිරීමයි. ටියුෂන් පංති යැම නිසා සමාජ අපද්‍රව්‍ය ලෙස සැලකිය හැකි හැමදේම ළමා මනසට එකතුවෙයි. එහි භයානකකම ඒවා ප්‍රායෝගික තත්ත්වයේ වීමයි. මේ නිසා විභාග සඳහා පාසල් පැමිණීම 90% ක්‌ කළ යුතුයි. එය අනිවාර්යය කරන අතර ම පුද්ගලික අයදුම්කරුවන්ගේ සමත්වීමේ ලකුණු මට්‌ටම් ඉහළ දමා පාසල්වලින් බාහිරව ඉගෙනීමට වටිනාම කොටස ධෛර්යයවත් කළ යුතුය.
විෂය කරුණු සහ පෙළ පොත්
විෂය අන්තර්ගතය සකස්‌ කිරීමේදී ඒවා බහාලිය යුතු වයස්‌ මට්‌ටම් සැලකිල්ලට ගත යුතුය. රටවැසියාගේ තිඹිරිගෙය ප්‍රාථමික ඉගෙනුම් අවධියයි. එම නිසා රටවැසියාගේ තත්ත්වය තීරණය වන්නේ ඔහු ලබන ප්‍රාථමික ඉගෙනුමේ ස්‌වභාවය මතයි. අද ප්‍රාථමික ඉගෙනුම තරගයකි. මෙය විශාල වරදකි. මේ අවධිය වඩා උචිත වන්නේ ආචාර විද්‍යාත්මක හැසිරීම් රටාවන් හුරු කිරීමට සහ දයා පෙරදැරි සිතිවිලි, උදාර බලාපොරොත්තු රෝපණය කිරීමටය. එම නිසා ප්‍රාථමික ඉගෙනුම ලබන කාලය පුරා සුභාෂිතය, සිරිත් මල්දම, පංචතන්ත්‍රය, ධම්මපද (සිංහල) ආදිය උගන්වමින් භාෂා දැනුම ඇති කළ යුතුය. ඉගෙනුම ර¹ පවතින්නේ භාෂා දැනුම ලබා ගන්නා ප්‍රමාණය මතය. බාහිර ලෝකයේ දැනුම අවශෝෂණය කර ගැනීමට සහ අවශ්‍ය තැනදී දැනුම මුදාහැරීමට අවශ්‍ය භාෂා සන්නිවේදන හැකියාව දියුණු කළ යුතුය. මේ සඳහා අපගේ ඉපැරැණි සාරධර්ම පද්‍ය - ගද්‍ය සාහිත්‍ය ඉගැන්විය යුතුය. ඊළඟ කටයුත්ත මටසිළුටු ගති ඇති වීමට සාම්ප්‍රදායික කලාවන්ගේ ඇසුර ලබාදිය යුතුය. අභිමානය ඇතිවීමට ජාතික වීරයන් පිළිබඳ කතා කියා දියයුතුය. ද්වීතිය අධ්‍යාපනය ශාස්‌ත්‍රීය දැනුම ලබාදීමට සකස්‌ කළ යුතුය. ගණිතය, විද්‍යාව ආදී සියලු විෂයයන් සඳහා බෞද්ධ සූත්‍රවල තොරතුරු ද ඇතුළත් කළ යුතුය. හැමදේම බටහිර විද්වතුන් සොයාගත් බව කියන ප්‍රවාදය ඉගැන්වීම නතර කළ යුතුය. සියලු විෂයයන්ට පෙරදිග දැනුම එකතුකර ඉගැන්විය යුතුය. එසේ නොවුණහොත් අප රට ගැන ප්‍රසාදයක්‌ අනාගත පරපුරට ඇති නොවේ

උසස්‌ අධ්‍යාපනය තුළදී විෂය වර්ග අතර සිසුන් බෙදීමේදී ඔවුන් අතර පොදුවේ ඉගැන්වෙන ආචාර විද්‍යාත්මක දේවල් සහ මව්බස සහ ජාත්‍යන්තර භාෂාවක්‌ අනිවාර්යය කළ යුතුය. ඊට අමතරව ඔවුන් සියලුදෙනා විෂයයන් කීපයක්‌ හැදෑරීමට අවකාශ දිය යුතුය. තාරකා විද්‍යාවේ බොහෝ සොයා ගැනීම් සප්ත සූර්යය ගමන වැනි බෞද්ධ සූත්‍රවල ඇත. නමුත් ඒවා වෙනුවට ගැලීලියෝගේ පසුකාලීන සොයාගැනීම් ඉගැන්වීමට ජාතික ධනය වැය කරයි. මේ තරම් පරගැතිකම් කරන්නේ ඇයිද? උද්භිද විද්‍යාවට ලංකාවේ ශාක වර්ගවල ඖෂධීය වටිනාකම උගන්වන්නේ නැත.
අපේ ජන ක්‍රීඩා සටන් ක්‍රම උගන්වන්නේ නැත. කොට්‌ටපොර වැනි ජන ක්‍රීඩාවක්‌ වෙනත් රටකට තිබුණේ නම් එයට අනන්‍ය වූ ක්‍රීඩා විලාශයන් නිසා එරටට ජාතික ක්‍රීඩාව වනු ඇත. නමුත් අප රටේ තත්ත්වය කනගාටුදායකය. ආයුර්වේදය, රෝග නිවාරණ ක්‍රම, ගුප්ත විද්‍යා පරීක්‍ෂණ, නක්‌ෂත්‍රය වැනි දේවල් උගන්වන්නේ නැත. සාම්ප්‍රදායික කෘෂිකර්මය උගන්වන්නේම නැත. විෂය නිර්දේශ පොත්වල වාර්තා රූපසටහන් ඇතුළත් කර යුරෝපීය දේවල් උගන්වා ජාතිය විනාශ කරන බලවතුන්ට මේ නොතේරීම ගැන දුක්‌ නොවෙමි. එහෙත් මේවා කතා කිරීමට විකල්ප දේශපාලන ප්‍රවාහයක්‌ හෝ නොතිබීම දුකකි.

පෞද්ගලික වේවා, ප්‍රාදේශීය වේවා, ජාතික වේවා ගැටලුවක්‌ ඇති වූ තැනකදී එය හඳුනා ගැනීsමට, විග්‍රහ කර යථාස්‌වභාවය තේරුම් ගැනීමට සහ අතුරු උවදුරු ඇති නොවන නිර්මාණශීලී විසඳුමක්‌ සකස්‌ කර ගැනීමට හැකියාව ඇති මිනිසුන් බිහි කළ හැකි මිනිසුන් බිහිවීමට යටි පෙළින් සුමට ලෙස උපකාරී වන ලෙස විෂය කරුණු ඇතුළත් කළ යුතුය. වැරැදි ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රම වෙනස්‌ කිරීමට තොරතුරු ලබා ගන්නා මූලාශ්‍ර සහ ඇගයුම් ක්‍රමය වෙනස්‌ කළ යුතුය. මූලික වශයෙන් ඉගෙනුම ක්‍රම දෙකකි.
A. ඒකමාර්ග මූලාශ්‍ර ඇගයුම් ක්‍රමය B. බහු මාර්ග මූලාශ්‍ර ඇගයුම් ක්‍රමය
ඉහත හැදෑරීම් ක්‍රම දෙකකින් බුදුන් වහන්සේ අනුදත් වදාළේ බහුමාර්ග මූලාශ්‍ර ඇගයුම් ක්‍රමයයි. එය වඩාත් පැහැදිලි වන්නේ කාලාම සූත්‍රයෙනි. එකම දෙයක්‌ පිළිබඳ එකිනෙකට වෙනස්‌ තොරතුරු වෙන වෙනම පරීක්‍ෂා කර එකිනෙක තුළනාත්මකව සැසඳීමෙන් වඩාත් නිවැරැදි දෙය තෝරා ගැනීමට බැඳීම්වලින් තොර නිදහසක්‌ මිනිසාට අවශ්‍ය බව කාලාම සූත්‍රයෙන් අවධාරණය කරයි. ලංකාවේ අධ්‍යාපනයද කාලාම සූත්‍රය පදනම් කරගත් බහු මාර්ග මූලාශ්‍ර සැසඳුම් ක්‍රමයට සකස්‌ කළ යුතුයි. නියම ශිෂ්‍ය කේන්ද්‍රීය ක්‍රමය එයයි. විමංසා සූත්‍රය, රාහුලෝවාද සූත්‍රය, කාලාම සූත්‍රය වැනි සූත්‍ර දේශනා සැලකිල්ලට ගෙන දෙයක්‌ සම්බන්ධව වෙනස්‌ වෙනස්‌ මත මූලාශ්‍ර ලබාදී ශිෂ්‍යයාට මැදිහත්ව බලා පිළිතුරු ලිවීමේ ක්‍රමයක්‌ හඳුන්වා දිය යුතුය.
උදා - සෞරග්‍රහ මණ්‌ඩලය පිළිබඳ පාඩමකදී කොපර්නිකස්‌ගේ හෝ ගැලීලියෝගේ මෑතකාලීන විද්‍යා සොයා ගැනීම පමණක්‌ නොව, සප්තසූර්යද්ගමන වැනි බෞද්ධ සූත්‍ර- ජෝති ශාස්‌ත්‍රයේ ග්‍රහලෝක විස්‌තර - දේව ආගම්වල ඒ සම්බන්ධ විස්‌තරද ලබාදී ඒවා සන්සන්දනයෙන් කරුණු හැදෑරීමට යොමු කළහොත් එම විෂය ඉගෙනීමට අමතරව පෙරදිග ශිෂ්aටාචාරය පිළිබඳ ගෞරවය ද ඇති වෙයි. එසේම සෞරග්‍රහ මණ්‌ඩලය පිළිබඳ නිරවුල් දැනුමක්‌ද ලැබෙයි.
විට්‌වින්ස්‌ගන්ටයින් නමැති ජර්මන් දාර්ශනිකයා වරක්‌ පැවසුවේ භාෂාව පිළිබඳ නොදැනුවත්කම සියලු දාර්ශනික ගැටලුවට හේතුව බවයි. සැබවින්ම එය ඉගැන්වීමේ සහ ඉගෙනීමේද සියලු අංගයන්ට අදාළ කියමනකි. භාෂාව පිළිබඳ නොදැනුවත්කම සියලු හැදෑරීම්වලට බාධාවක්‌ වන්නේ මිනිසාට බාහිර ලෝකයේ විෂය කරුණු භාෂාවක ආධාරයෙන් (ඉන්ද්‍රීය ප්‍රත්‍යක්‍ෂ ඥනයෙන්) ලබා ගැනීමට සිදුවීම නිසාවෙනි. එබැවින් කෙනකුගේ ඉගෙනීමේ හැකියාව නොහැකියාව තීරණය වන්නේ ඔහුගේ භාෂා සංජායන හැකියාව මතය. අනෙක්‌ අතට කෙනකුගේ ඉගෙනීමේ හැකියාව නොහැකියාවට ගුරුවරයාගේ භාෂා සන්නිවේදන හැකියාවද හරි අඩකින් පමණ බලපායි. එබැවින් භාෂා දැනුම පුළුල්වීමට යටිපෙළින් සුමට ලෙස උපකාරී වන ලෙස විෂය කරුණු සකස්‌ කළ යුතුය.
උසස්‌ පෙළ සිසුන් තුළ සදාචාරවත් ශික්‍ෂණයක්‌ ඇති කිරීමට පොදු විෂයයක්‌ තිබිය යුතුය. සියලුම උසස්‌ පෙළ සිසුන් සඳහා පොදුවේ අනිවාර්යය විෂයයක්‌ ලෙස හැදෑරීමට සිංහල භාෂාව සහ බෞද්ධ ආචාර විද්‍යා කරුණු ඇතුළත් අනිවාර්යය විෂයයක්‌ සකස්‌ කළ යුතුය.
ගුරුවරුන්ගේ තත්ත්වය
අතීතයේ ගුරුවරයා උසස්‌- උදාර ගති පැවතුම් සහිත උතුමෙකු සේ සලකා ගෞරවයට පාත්‍ර වූ පුද්ගලයෙකි. ඒ බෞද්ධ භික්‍ෂූන් ගුරුවරුන් ලෙස ඉටු කළ කාර්යයේ ප්‍රසාදය ගිහියාටද ගුරුවරයකු ලෙස ලැබීමෙනි. විවෘත ආර්ථිකයන් සමග ගුරුවරයාටද පවතින සමාජ ක්‍රමය තුළ මූල්‍යමය පැවැත්මක්‌ වෙනුවෙන් උදාර ගතිවලින් සමහර කොටස්‌ අතහැරීමට සිදුව ඇත. මීට බලපෑ ප්‍රධාන කරුණ වූයේ අනාගත පරපුර වෙනුවෙන් භාරකාරකම් කරන දේශපාලන නායකත්වයක්‌ නොසිටීමයි. ඔවුන් ගුරුවරු කරදරකාරීන් ලෙස සිතා යන්තම් වැටුපක්‌ ගෙවීය. උපාධිධාරීන් විනාශ කර විශ්වවිද්‍යාල තම පැවැත්මට කරදරයක්‌ ලෙස සිතීම මෙයට හේතු වූ අතර ඔවුන් ගුරු පත්වීම දුන්නේ සා. පෙළවත් සමත් නැති පිරිසකටයි. ඔවුන් සා. පෙළවත් සමත් නැති අය ගුරුවරු වූ පසු ඒ උත්තරීතර වෘත්තීය තවත් එක යෑපුම් මාර්ගයක්‌ ලෙස සලකා කටයුතු කරන්නට විය. විශිෂ්ට ශාස්‌ත්‍රීය හැදෑරීමකින් සංවර භාවය නොලද එම ඊනියා ගුරු ප්‍රතිරූපීන් දන්නා සකළ විධ වසලකම්වලින් තම ගුරු භූමිකාව දූෂණය කරමින් යෑපුනේය. හැකියාවන් නොමැතිකමින් අවශ්‍යයෙන්ම දේශපාලකයන්ගේ ඉත්තන් බවටද පත්විය. දේශපාලකයන්ගේ බැලකම් කළ සීමිත පිරිසකට හිලව්වට ආයතනවල බලය පැවරීය. එතැනින් පසු ඉතිsරිව තිබූ අගයන් සියල්ලද අවුල් විය. එම වරද නොතැනකින් හෝ නිවැරැදි කළ යුතුය. ජාතියටම දැනුම සපයන ගුරුවරු අතර ඊට සුදුසුකම් නැති පිරිසක්‌ද සිටිsන බව කිව යුතුය. එම නිසා විෂය අන්තර්ගතය ළමුන් වෙත ලබාදෙන දූතයන් බඳු ගුරුවරු ඒ සඳහා සුදුසු පිරිසක්‌ කළ යුතුය. මූලික සුදුසුකම් නැති සහ විනය කඩ කර ඇති ගුරුවරුන්ගේ සේවය අත්හිටුවා ගුරු සේවය පිsරිසිදු කළ යුතුය.
ගුරුවරුන්ගේ වැටුප් උපාධිලාභී වෙනත් සේවකයන්ගේ තත්ත්වයට ඉහළ දැමිය යුතුය. සියලුම ගුරුවරුන්ට හොඳ ජීවන තත්ත්වයක්‌ ලබා දියයුතු අතර ඔවුන්ගේ ආර්ථික පසුබිම යහපත් වූ විට සතුටින් සේවය කළ හැකි වාතාවරණයක්‌ ඇති වෙයි. ගුරුවරයාගේ වටිනාකම ඇත්තේ දැනුම ඇති බව දැනුම අලුත් කර ගැනීම සහ දැනුම පවරාදීමේ හැකියාව මතය. එම නිසා සියලු ගුරුවරු තම විෂයන්ට අදාළව වාර්ෂිකව ඇගයීමට ලක්‌ කර වැටුප් වැඩි කළ යුතුය. ගුරුවරුන් අධීක්‍ෂණය කළ යුත්තේ ඔවුන්ගෙන් ඉගෙන ගන්නා දරුවන්ගේ දැනුම පරීක්‍ෂා කිරීමෙන් මිස පන්ති වාර්තා පොත් වැනි නොවැදගත් වාර්තා පරීක්‍ෂාවෙන් නොවේ. එසේම ගුරුවරුන්ට නිල ඇඳුමක්‌ ලබාදිය යුතුය. එයට රජයෙන් අනුමත කරන වර්ණයන් පුද්ගලිකව මසා ගත යුතු නිල ඇඳුමක්‌ නම් වඩාත් ප්‍රායෝගිකව කරගත හැකිවනු ඇත. ගුරු සේවයේ සහ විදුහල්පති සේවයේ සියලුම වැටුප් විෂමතාවන්ට පිළියම් යෙදිය යුතුය.
නූතන ලෝකය හා පෙරදිග ශිෂ්ටාචාරය පිළිබඳ ගුරුවරුන්ගේ දැනුම බලපෑමකින් තොරව යාවත්කාලීන කර ගැනීමට සිදුවන ක්‍රමවේදයක්‌ සකස්‌ කළ යුතුය. ගුරුවරයා පර්යේෂකයකු වීමේ වාසිය සිසු ප්‍රජාවට දැනුම කුසලතා ලෙස ලැබෙයි. එබැවින් සියලුම ගුරුවරුන් නිරන්තර දැනුම එකතු කරවා ගැනීමට යොමු කරන වැඩසටහනක්‌ අවශ්‍ය කරයි. පැරැණි සාහිත්‍ය සංස්‌කෘතික දේවල් විද්‍යාත්මක දේවල්, ඉතිහාස තොරතුරු, බෞද්ධ, හින්දු ආදී ආගම්වල සදාචාර ඉගැන්වීම් සහිත පොත්පත් අනුමත කර ඒවා ඇසුරින් ගුරු උසස්‌වීම් සඳහා කරන විභාගවලදී ප්‍රශ්න සකස්‌ කළ යුතුය. එවිට නූතන ලෝකය හා පෙරදිග ශිෂ්ටාචාරය පිළිබඳ තොරතුරු ඉගෙනීමට උපස්‌ථම්භනයක්‌ ලැබෙයි. මෙහි වාසිය ශිෂ්‍යන්ට ද ඒ දැනුම ලැබීමට උපකාරී වීමයි.

ලලීන්ද්‍ර සන්නස්‌ගම
2010/10/02 දිවයින ඇසුාරන්ය
තොරතුරු විකීපීඩියා නිදහස් විෂ්වකෝෂය

ලිපිය-
මහේෂ් බුද්ධික දහනායක





8 comments:

  1. ගොඩක් වටිනා ලිපියක්

    ReplyDelete
  2. කාගෙත් අවධානය යොමු විය යුතු ලිපියක්

    ReplyDelete
    Replies
    1. ඔබගේ පැමිනීමට ස්තූතියි අපගේ නව බ්ලොග් අඩවියට

      Delete
  3. ඔබට මගෙ ප්‍රනාමය..

    ReplyDelete
  4. ගොඩාක් ස්තූතයි... ඉතාම වටිනවා

    ReplyDelete
  5. ගොඩාක් ස්තූතයි... ඉතාම වටිනවා

    ReplyDelete
  6. ගොඩාක් ස්තූතයි... ඉතාම වටිනවා

    ReplyDelete

එකතු කරන්න ඔබේ අදහස්.

Related Posts Plugin for WordPress, Blogger...