Sri Lanka Educational Network අන්තර්ජාලයේ නැණ නුවන ‍තෝතැන්න." A/L උදව් " අධ්‍යාපනික බ්ලොග් අඩවියට ඔබව සාදරයෙන් පිලිගනිමු.Welcome to the Official blog Of AL help ®

Tuesday, October 2, 2012

චලිතය



උසස් පෙළ භෞතික විද්‍යාවේ දෙවන ඒකකයේ එන යාන්ත්‍ර විද්‍යාව

චලිතය | Motion



කාලය සමග කිසියම් වස්තුවක පිහිටීම වෙනස් වන්නේ නම් එම වස්තුව චලනය වන්නේ යැයි කියනු ලැබේ.

පිහි‍ටුම වෙනස් වන්නේ දැයි බලනු ලබන්නේ නිශ්චල යයි සම්මත කරගත් ලක්ෂයකට සාපේක්ෂවයි.
නිරපේක්ෂ වශයෙන් කිසිවක් නිශ්චලයයි ගත නොහැක.
මෙහිදී පොළව නිශ්චලයයි  සලකා ඊට සාපේක්ෂව වස්තූන්ගේ චලිතය හදාරනු ලබයි.

වස්තූනේ චලිත ආකාර හතරකට සාගජ්ජා කල හැක.එය මෙසේ යි.

01රේඛීය (උත්තාරණ) චලිතය  (Linear Motion)
02.භ්‍රමණ චලිත Rotational Motion
03.වෘත්ත චලිත Circular Motion
04.අනුවර්තී/දෝලන චලිත Harmonic Motion

ඉහත ඕනෑම චලිත සංකලණයකින් ඕනෑම සංකීර්ණ චලිතයක් ගොඩ නැගිය හැක / විශ්ලේෂණය කර ගත හැක.

චලිතය පාඩම හැදෑරීමේදී පලමුවෙන් දැනගත යුතු වචන කිහිපයකි.ඒවා මේසේයි

දුර Distance
ව්ස්තුවක් චලනය වූ විට එය චලනය වූ පථයේ සම්පුර්ණ දිග එය ගමන් කල දුර වේ.
දුර අදීශයකි.
කිසිවිටක අඩුවන්නේ නැත.
මානය : L
SI ඒකකය : m

විස්ථාපනය Displacement
චලනය වන් වස්තුවක ආරම්භක සහ අවසාන පිහි‍ටුම් අතර සරල රේඛීය / කෙටිම /දුර එහි විස්ථාපනයයි.
විස්ථාපනය දශිකයකි
මානය : L
SI ඒකකය : m

සාමාන්‍ය වේගය Speed
වස්තුවක් දුර ගෙවා යන සීග්‍රතාව හෙවත් ඒකක කලයක දී ගෙවා යන දුර එහි වේගයයි.
වේගය අදීශයකි
මානය : LT-1
SI ඒකකය : ms-1 , cms-1 , kmh-1 


______________________________________________________________________________

ඉතිරි කොටස ලගදීම .........
මහේෂ් බී දහනායක
maheshdase@gmail.com
http://maheshslife-multiaxial.blogspot.com/



5 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. සිංහල අක්‍රරුවල වැරදි තියෙනවා.
    සමඟ
    භ්‍රමණ
    වෘත්ත
    සංකීර්ණ
    අවස්ථාව
    අක්ෂර වින්‍යාසය ගැන සැලකිලිමත් වෙන්න.

    ReplyDelete
    Replies
    1. දැනුවත් කිරීමට බොහෝම ස්තූතියි සර්

      Delete
    2. ඉහත "අකුරු" ලෙස නිවැරදි විය යුතු ය.

      Delete
  3. වැදගත් ලිපියක් මහේෂ්

    ReplyDelete

එකතු කරන්න ඔබේ අදහස්.

Related Posts Plugin for WordPress, Blogger...