Sri Lanka Educational Network අන්තර්ජාලයේ නැණ නුවන ‍තෝතැන්න." A/L උදව් " අධ්‍යාපනික බ්ලොග් අඩවියට ඔබව සාදරයෙන් පිලිගනිමු.Welcome to the Official blog Of AL help ®

Thursday, October 4, 2012

පරිගණක පරම්පරා 5 (GIT පාඩම 1)


1) පළමු පරම්පරාව.



මෙහි භාවිතා වූයේ රික්තක වෑල්ව නමින් හැදින්වූ විශාල වීදුරු නලයක් තුළ බහා ඇති උපාංගයකි. ඒ දැනට භාවිතා වන ට්‍රාන්සිස්ටරයේ මුල් අදියරක් ලෙසිනි. 1940 දශකයේ සිට 1950 දශකය අවසන් වන තෙක් භාවිතා වූයේ මෙම රික්තක වෑල්ව යෙදූ පරිගණක වන අතර චුම්බක බෙර මගින් ඒවායෙහි දත්ත ගබඩා කිරීම සිදුවිය. මේවා මිලෙන් ඉතාමත් අධිකය. වේගය ඉතා අඩුය. ප්‍රමාණයෙන් ඉහළය. එමනිසා පර්යේෂණ කටයුතු සිදුකරන ස්ථාන වල පමණක් භාවිතා විය.දත්ත පිටතට ලබා ගැනීම පන්ච් කාඩ් නමින් හැදින්වූ කොළ මත මුද්‍රණය කරන ලද ප්‍රතිදානයක් විය. Eniac හා Univac මෙම පරම්පරාවේ උදාහරණයන් වේ.

2) දෙවන පරම්පරාව.

රික්තක වෑල්ව යුගට අවසන් කරමින් කරළියට පැමිණෙන්නේ ට්‍රාන්ස්සිස්ටරයයි. රික්තක වෑල්වයට වඩා ඉතාමත් කාර්යක්ෂම බවින් වැඩි මෙම උපාංගය මිලෙන් අඩු වන අතර ශක්තියට භාවිතා කරන්නේ අඩු වශයෙනි. 1950න් පසු රික්තක වෑල්ව යුගය අවසන් කර නැගී සිටි මොහු 1960 පමණ වන තෙක් භාවිතා වූ අතර Fortran ආදී පරිගණක ක්‍රමලේඛ භාෂා කරළියට පැමිණියේ මෙම යුගයේදීවේ.

3) තෙවන පරම්පරාව.

ට්‍රාන්සිස්ටර් එකතුවකින් සමන්විත, නමුත් ඊටත් වඩා කාර්යක්ෂම බවින් වැඩි IC නැමති ඉලෙක්ට්‍රොනික උපාංගයේ ආගමනයත් සමඟ ඇරඹි මේ යුගය පරිගණකයේ පෙරළිකාර යුගයක් විය. 1970 හි මැදි භාගය වන තෙක් දිගටම භාවිතා වූයේ IC උපාංගයයි. මෙම යුගයේදී සිලිකන් අර්ධසන්නායක මත නිමවූ ට්‍රාන්සිස්ටර් පරිපථ මඟින් පරිගණකය ක්‍රියාත්මක විය.

4) සිව්වන පරම්පරාව.

අප පෙර සිටියාවූයේ මෙම සිව්වන පරම්පරාව වේ. IC උපාගයටත් වඩා දියුණු මයික්‍රෝචිප් නැමති අර්ධසන්නායක පතුරු මත මුද්‍රණය කරන ලද පරිපථ කොටස් මෙම යුගයේදී භාවිතා වේ. මේවා මිලෙන් අඩු වන අතර ශක්ති හානිය අඩුය. කාර්යක්ෂම තාව ඉතාමත් වැඩිය. මෙම පරම්පරාවේ පෙරළිකාර නිපැයුමක් ලෙස Intel 404 ක්‍ෂුද්‍ර සකසනය හැදින්විය හැකිය.

5) පස්වන පරම්පරාව

 සුපිරි සන්නායක භාවිතය, සමාන්තර සැකසුම් ක්‍රම, අතිශයින් ක්‍ෂුද්‍ර සකසන භාවිතය. කෘතිම බුද්ධි වැඩසටහන් වැනි භාවිතාවන් ඇති මෙම පරම්පරාව අප අත්විදිමින් සිටී. මෙය නැනෝ (ණිනිති) උපයෝගී කරගෙන ක්‍රියාත්මක වන පරිගණක මත පදනම් වන යුගයකි.

පරම්පරා පහ විවිධ නිර්නායක අනුව

වේගය
පස්වන>සිව්වන>තෙවන>දෙවන>පළමුවන (පරම්පරාව)

කාර්යක්ෂමතාවය
පස්වන>සිව්වන>තෙවන>දෙවන>පළමුවන (පරම්පරාව)

මිල
පලමුවන>දෙවන>තෙවන>සිව්වන>පස්වන (පරම්පරාව)

විශාලත්ව
පලමුවන>දෙවන>තෙවන>සිව්වන>පස්වන (පරම්පරාව)

විශ්වසනීයත්වය
පස්වන>සිව්වන>තෙවන>දෙවන>පළමුවන (පරම්පරාව)

3 comments:

  1. වැදගත් ලිපියක් ලහිරු.GIT ගැන සිංහල තොරතුරු හොයන බොහෝ දෙනාට මේක උදව්වක් වේ වි.

    ReplyDelete
  2. GIT past papers තියේනවානම් හොයලා දේන්න පුළුවන්ද?

    ReplyDelete

එකතු කරන්න ඔබේ අදහස්.

Related Posts Plugin for WordPress, Blogger...