බොහෝ දෙනෙක්ට තියන ගැටළුවක් තමයි, අරහෙම ප්‍රොජෙක්ට් කරන්න, මෙහෙම කරන්න කියලා කට්ටිය කිවුවාට ඇත්තටම කොහොමද මේක කරන්නෙ කියන එක. ලොකු ප්‍රොජෙක්ට් ගැන හීන මව මව ඉදලා සමහරු අන්තිම මොහොතේ වෙන කෙනෙක්ගෙ ව්‍යාපෘතියක් ගෙනත් භාරදෙන්නෙ හිතින් විතරක් වැඩ කරන්න සිද්ධ වෙච්ච නිසා. නැත්නම් තමන්ට ප්‍රොජෙක්ට් එකක් කරන්න ආත්ම ශක්තියක්, ආත්ම විශ්වාසයක් නැති උනාම. උසස් පෙළ ළමයින්ට උදවු කරන බ්ලොග් අඩවියක තිබෙන්න ඕන කෙමිස්ට්‍රි ෆිසික්ස් විතරක් නොවන නිසා, උසස් පෙළ ප්‍රොජෙක්ට් එක ගැන මේ විදිහට කතා කරමු.
උසස් පෙළ ළමයින්ට ගොඩක් දේවල් කරන්න පුළුවන් හැකියාවක් තියනවා. මේ ගෙවෙන වයස, ඒ කියන්නෙ අවුරුදු 17-18-19 වගේ කාලෙදි ගොඩක් දේවල් හිතලා බලලා අළුත් විදිහට කරන්න ලොකු පුළුවන් කමක් තියනවා. මේ උසස් පෙළ ට දෙන 'සිලබස්' එකේ එල්ලිලා ඒ හිතන්න තියන හැකියාව අපතේ යවාගනී කියලා තමයි මම හිතන විදිහට නම් ප්‍රොජෙක්ට් සංකල්පය කරලියට ඇවිත් තියෙන්නෙ. උසස් පෙළ කරන ළමයි ඒකල ව්‍යාපෘතියක් වගේම කණ්ඩායම් ව්‍යාපෘතියක් කරන එක අනිවාර්යය යි.
අපි දැන් බලමු මොකක්ද මේ ප්‍රොජෙක්ට් එකක් විදිහට කළ යුත්තෙ කියලා. "වැදගත් කියලා තමන්ට හිතෙන ඕන දෙයක්" තමන්ගෙ මාතෘකාව කරගන්න. තමන් ආස දෙයක්, ආසාවෙන් කරන්න පුළුවන් කියලා හිතෙන දෙයක් තෝරගන්න. ගොඩක් අය තෝරගන්න මාතෘකා තමයි "සුරතල් සතුන්", "තේ වගාව", "වී වගාව" වගේ දේවල්. ඒත් මම උසස් පෙළ ව්‍යාපෘතියට කරේ "සිංහල බ්ලොග්කරණය" ගැන. ඒකට ප්‍රභල හේතු ගොඩක් බලපෑවා. අපේ ඉස්කෝලෙ වටපිටාවෙ හරියාකාරව බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන කවුරුත් හිටියෙ නෑ. ඒ වගේම "බ්ලොග්" කියන වචනෙවත් අහලා නැති 90% කට වඩා හිටියා කිවුවොත් ඔබ පුදුම වෙයි. හැමදාම වගේ මම මගේ බ්ලොග් එකේ වැටිලා තිබ්බ කමෙන්ට් ගැන කියද්දි, ඔක්කොම සාවධානව අහන් ඉදලා අන්තිමට "මොකද්ද බං බ්ලොග් එකක්" කියන්නෙ කියලා අහපු අය හිටියා ඕන තරම්. ඒ දේ නිසා මම මේ බ්ලොග්කරණය ගැන කරන්න පටන් ගත්තා.
තමන් විසින් තෝරගන්න දේ තමන් ප්‍රිය කරන දෙයක් වෙන්න ඕන. කම්පියුටර් ගේම් ගහන්න ආස කෙනෙක්, "පරිගණක ක්‍රීඩා" කියලා ව්‍යාපෘතියක් කරාට කිසි වරදක් නෑ. ඡායාරූපකරණය ගැන උනන්දු කෙනෙක් ඒ ගැන කරාට කිසිම වරදක් නෑ. ෆේස්බුක් එක ගැන උනන්දු කෙනෙක් ඒ ගැන කරාට කිසිම වරදක් නෑ. කොහොම හරි තමන් ආසාවෙන් කරන්න කැමති දෙයක් කරන්න උත්සාහා කරන එක තමයි හොදම වැඩේ.
උදා 1 : අපි කරන්නෙ මත විමසුමක් මත පදනම් වෙන ප්‍රොජෙක්ට් එකක් නම්,
- මාතෘකාව තෝරාගැනීම
- ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කිරීම
- මාතෘකාව පිළිබද වැඩිදුර අධ්‍යනය
- "---" පිළිබද දත්ත එක් කිරීමට පත්‍රිකා සැකසීම
- ප්‍රජාවගෙන් අසා දත්ත සටහන් කිරීම
- දත්ත විශ්ලේෂණය කිරීම හා නිගමන වලට එලඹීම
- ව්‍යාපෘති වාර්තාව සෑදීම
උදා 2 : අපි කරන්නෙ යම් කිසි කරුණක් ගැන දැනුවත් කිරීමක් නම්,
- මාතෘකාව තෝරාගැනීම
- ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කිරීම
- මාතෘකාව පිළිබද වැඩිදුර අධ්‍යනය
- සුදුසු පුද්ගලයන් හමුවී / මාධ්‍යය / අන්තර්ජාලය ඔස්සේ නිවැරදි තොරතුරු එක් කිරීම
- ඒ තොරතුරු පත්‍රිකා / පොත් / අන්තර්ජාලය මගින් ප්‍රජාව දැනුවත් කිරීමට සැකසීම
- උක්ත මාධ්‍යන්ගෙන් ප්‍රජාව දැනුවත් කිරීම
- ව්‍යාපෘති වාර්ථාව සැකසීම
මෙන්න මේ වගේ තමන්ගෙ ව්‍යාපෘතිය කරන එක කොටස් වලට වෙන් කරගෙනයි කරන්න ඕන. ඒත් එක්කම වැදගත් කරුණු කීපයක්ම තියනවා. අපි ව්‍යාපෘතියට හොද මාතෘකාවක් තෝරගෙන "ව්‍යාපෘති යෝජනාව" පත්‍රිකාව පුරවලා පංතිභාර ගුරුතුමිය, ව්‍යාපෘති භාර ගුරුතුමා, විදුහල්පති තුමා යන අයගෙන් අනුමැතිය ගන්න ඕන. මේ ව්‍යාපෘති යෝජනාවෙ තියන වැදගත්ම කරුණ තමයි "අරමුණු" කියන කොටස. ඒකෙ තමන් කරන්න යන එකේ තියන අරමුණු (3 කට නොවැඩි) මාතෘකා විදිහට ලියන්න ඕන. පස්සෙ තියන "ක්‍රියාත්මක කරන ආකාරය" කියන කොටසෙ තමන් කරන්න යන දේ ගැන දළ පැහැදිලිකිරීමක් කරන්න ඕන.
පස්සෙ ඉතින් කරන්න තියෙන්නෙ තමන්ගෙ අරමුණු හරියට හරියන විදිහට, කාලරාමුව (ඒ කියන්නෙ අර උඩින් පෙන්නපු තිත් වලට අදාල කරුණු කරන්න තමන් වෙන් කරගත්ත කාලෙදි හරි ඊට කලින් හරි) තමන්ගෙ ප්‍රොජෙක්ට් එක කරලා ඉවර කරන එක. ඊට පස්සෙ තමයි හොදම සෙල්ලම තියෙන්නෙ. ඒ තමයි ව්‍යාපෘති වාර්ථාව සකස් කරන එක. මේ ව්‍යාපෘති වාර්ථාව හදන්නෙ A4 ප්‍රමාණයේ කඩදාසි වල, එක පැත්තක විතරයි ලියන්නෙ සාමාන්‍යයෙන්. මේකෙ පොඩි පිළිවෙලක් තිබ්බොත් හොදයි.
- ව්‍යාපෘති වාර්ථාවේ කවරය (ව්‍යාපෘතියේ නම, තමන්ගෙ නම, පන්තිය, පාසල අඩංගු මාතෘකාවට අදාල කවරයක් සුදුසුයි)
- අනුමත කරගත්ත ව්‍යාපෘති යෝජනාව
- පිදුම
- පටුන
- හැදින්වීම
- තමන්ගෙ ව්‍යාපෘතියේ අඩංගු කරුණු / ව්‍යාපෘතිය කරපු ආකාරය / සිද්ධින් (මේකෙ තමා ඔක්කොම ලියන්න ඕන. අනුමාතෘකා යටතෙ ආකර්ශනීය ආකාරයට කරන එක හොදයි)
- නිගමන හා යෝජනා (ව්‍යාපෘතිය කරගෙන යද්දි තමන්ට තේරුනු දේවල්)
- ස්තුතිය (උදවු කරපු හැමෝම මතක් කරන එක වගකීමක්)
- ආශ්රිතය (මේකෙ තමයි අපි කරුණු හොයාගත්ත තැන් ගැන සදහන් කරන්නෙ. පොතක් නම් පොත ලියපු කර්තෘ, පිටුව ආදිය සදහන් කරන්නෝනෙ, අන්තර්ජාලයෙන් නම් URL එක වගේ)
- ඇමිනුම් (තමන්ගෙ ව්‍යාපෘතියෙදි භාවිත කරපු ලිපි, සංවාද, පින්තූර එහෙම මෙතන තමයි අමුණන්නෙ)
- වැරදි නිවැරදි කිරීම්
- කෙටි යෙදුම් හා තේරුම්
මෙන්න මේ විදිහට ව්‍යාපෘතිය කරන්න පුළුවන්. මගේ ව්‍යාපෘතිය මෙන්න මෙතන click කරලා බාගත කරගන්නත් පුළුවන් බලන්න ආස නම්. මම මේ කාලරාමුව හැදුවාට මට නම් මේ ප්‍රොජෙක්ට් එක කරන්න ගියේ දවස් 5යි. සම්පූර්ණ දවස් හැබැයි. මේ දවස් ටික ගෙවිලා යනවා මට දැනුනෙවත් නෑ. මොකද ඒක මට පුදුම ආත්ම තෘප්තියක්.
මම උසස් පෙළ උදවු බ්ලොග් අඩවියට ලියන පළවෙනි ලිපිය මේක. වැඩි යමක් උවමනා නම් කමෙන්ට් එකකින් අහගන්න පුළුවන්.
තමුන් දන්න දෙයක් නොදන්න අයට කියලා දෙන්න - තමන්ගෙ ජීවිතේට ඒක ලොකු ආශිර්වාදයක් වේවි..!!!
(මේකෙ සමහර කරුණු උත්තම පුර්ශ දෘශ්ඨිකෝණයෙන් ලියන්න ප්‍රධාන හේතුව තමයි ගොඩක් හොදට යමක් අවබෝධකරගන්න පහසු වීම සහ නිවැරදිව ඒක කරපු කෙනෙක් කියන දෙයක් පිලිගැනීමට ලක්වීම)
ඇත්තටම ආගන්තුකයා ඔබේ ලිපියෙ වටිනාකම බොහෝම ඉහලයි මක් නිසාද කියතොත් බොහෝ වටිනා දෙයක් විෂය භාහිර දෙයක් උනත් දැන් ඒ වටිනා කම හදුනා නොගෙන එක ගනන් නොගෙන ඉන්න දෙයක් වෙලා.
ReplyDeleteදෙන් උසස් පෙළ ළමයි ගොඩාක් දෙනෙක් කාලය මදි නිසා කියමින් කරන්නේ කාගේ හරි දෙයක් කොප්ප හගලා දෙන එක ඒ කේ වටිනාකම අදුනගෙන එක කරන්න යොමු කීරීමත් දැන් පාසල් වල අඩුයි.කොප්පක් නොගහා තමන්ගේ දෙයක් කරනව නම් ඒක ගොඩාක් වටින දෙයක් ඒ තෘප්තිය ලබන්න ඒ දේ තමන් කරන්න ඕනි.
මෙවන් වටිනා ලිපියක් පල කල ඔබට ස්තූතියි!
මහේෂ් අයියා ඒ ගැන මාව උනන්දු කරලා මාව මේ වැඩේට යෙදෙවුව එක ගැන සතුටුයි. මට දැනෙන්නෙ මේක මගේ වගකීමක් වගේ.. බොහොම සතුටින් ලිවුවෙ..
Deleteඅපි මේ කරන දේන් කවුරු හරි මොනවා හරි ඉගන ගත්තොත් ඒක ලොකු දෙයක්.දිගටම ලියන්න කියලා ආරාධනා කරනවා.
Deleteමම මේ දැන් තව එකක් ලියන්න ගත්තා.. :)
Deleteobala ma karana sath kriyawata ape upaharaya.Adyapanaya deema yanu labana atma walatat balapana maha pinki.-Akila
ReplyDeleteඅපි ලියන්නෙ ඔබ වගේ උනන්දුවක් තියන පිරිසක් වෙනුවෙන්..!!
Deleteඒ කතාව ලොකු ශක්තියක්!
ලිපිය කෙටි වුවත් ඉතාම සාර්ථක ලෙස හා ප්‍රයෝජනවත් ලෙස ලියා තිබෙනවා.
ReplyDeleteමම උසස්පෙළට කළේ භෞතීය විද්‍යාව. නමුත් මගෙ ව්‍යාපෘතිය මම කළේ අනුරාධපුර ඉතිහාසය සම්බන්ධව.
වෙඑබ් අඩවියටත් සුභ පතනවා..
අද කාලෙ මිනිස්සුන්ට කොහෙන්ද වෙලාවක් දිගට දිගට කියවන්න. ඒ නිසා පුලුවන්ම තරම් කෙටියෙන් ලිවුවෙ.. තමන් කැමති ඕනම දෙයක් ගැන ව්‍යාපෘතිය කරාට කිසි වරදක් නෑ. තමන් ඒකෙන් ආත්ම තෘප්තියක් ලබනවා නම් ළකුණු ගැන වද වෙන්න ඕන නෑ..
DeleteOw machan Sahathika aththa .. Thaman kemathi de gena podi Project ekak kala nam ethi,,. mama kale Information security and Information hacking gena Project ekak.. Mage denuma Use karala Thaniyama liuwa.... Pages 40i project eka !!! wediya welaawak giyeth nehe!! mama Nikan inna welaawata igena gaththu dewal daala liuwa.... !!! mama BLog ekakuth karanawa e pilibandawa.,.... :) Thaman Mahansi wela karana eka thamai Honda machan!! nethnam pothema alila indalaaa kaage hari project ekak genehin dena un kawada hari campus giya dawasakata unta project ekak karanna dunnoth madee eruna wage thamai!! Godak Yhanq Mchan Me article ekata..
Deleteමගේ ව්‍යපෘතිය වුනේ මෘදුකාංගයක්... (www.akshara.tk)
ReplyDeleteවටිනවා සහෝදරයා.........ගොඩක් ස්තූතියි
ReplyDeleteblog 1ka nm maxxa.. eth mn thama project1 karanna theme 1k hoyanawa, mn kemathi hemoma nokarana wenas deyak karanna, adahasak denna puluwannam niyamai
ReplyDeleteඇත්තටම වටින ලිපියක්. මං නම් නොදන්න ගොඩාක් දේවල් ඉගෙන ගත්ත. ගොඩාක් ස්තූතීයි..... තවත් වටින දේවල් ලියන්න. මගෙන් සුභ පැතුම්......!!!
ReplyDeleteගොඩක් ස්තූතියි....
ReplyDeleteවටිනා ලිපියක්..ගොඩක් ස්තූතියි සහෝ
ReplyDeleteව්‍යාපෘති යෝජනාව හදන විදිහ ගැනත් තව විස්තරාත්මකව දාන්න
ReplyDeleteඇත්තටම වටින ලිපියක් ගොඩක් පිං මේවගේ දෙයක් කරන එක
ReplyDeleteස්තුතියි අයියා... ගොඩක් වටිනවා.....
ReplyDeleteමට project එක හදන්න ඕන..ඒත් ඒකට මාතෘකාවක් නැ නෙහ්.මට හිතා ගන්න බෑ මොකක් හදන්නද කියලා
ReplyDeleteමට project එක හදන්න ඕන..ඒත් ඒකට මාතෘකාවක් නැ නෙහ්.මට හිතා ගන්න බෑ මොකක් හදන්නද කියලා
ReplyDeleteA/l first time private karana ayath me format ekatamada project eka karanna ona.plz danna kenek kyna
ReplyDeleteA/l first time private karana ayath me format ekatamada project eka karanna ona.plz danna kenek kyna
ReplyDeleteතෑනක්ස් මචං ලොකු උදව්වක්
ReplyDeleteApe project eka type setting kalata kamak nadda..pages kiyak witara oneda..
ReplyDeleteව්‍යාපෘති යෝජනාවක් හදන්නෙ කොහොමද
ReplyDeleteගොඩා....ක් ස්තූතියි.
ReplyDeleteගොඩක් හොදයි සහෝදරයා
ReplyDeletethank u
ReplyDeleteඅයියෙ ව්‍යාපෘති යෝජනාවක් කරන විදිහ කියල දෙන්න පුලුවන්ද
ReplyDeleteව්‍යාපෘති යෝජනාවක් හදන හැටිත් කියන්නකො අපිට
ReplyDelete